නික්මයාම 18:19-23 - Compare All Versions
නික්මයාම 18:19-23 SROV (Sinhala Revised Old Version)
ඉතින් මාගේ හඬට ඇහුම්කන් දෙන්න, මම නුඹට දැනමුතුකම්දෙමි, දෙවියන්වහන්සේ නුඹ සමඟ සිටිනසේක්වා. නුඹ සෙනඟ උදෙසා දෙවියන්වහන්සේ ඉදිරියේ සිට උන්වහන්සේ ඉදිරියට කාරණා පමුණුවන්න. නුඹ ඔවුන්ට නියෝග සහ ව්‍යවස්ථා උගන්වා ඔවුන් විසින් හැසිරිය යුතු මාර්ගයත් කළ යුතු වැඩත් ඔවුන්ට පෙන්වාදෙන්න. ඇරත් නුඹ මුළු සෙනඟ අතරෙන් දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ සත්‍යවාදීවූ අයුතු ලාභයට ද්වේෂකරන්නාවූ සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද කොට සෙනඟ කෙරෙහි පත්කරන්න. ඔව්හු සියලු ප්‍රස්තාවයන්හිදී සෙනඟ විනිශ්චය කෙරෙත්වා. ඔව්හු සියලු මහත් කාරණා නුඹ වෙතට පමුණුවා සියලු සුළු කාරණා තුමූම විනිශ්චය කෙරෙත්වා. මෙසේ නුඹට හුඟක් පහසු වන්නේය, ඔව්හු නුඹ සමඟ බර උසුලන්නෝය. නුඹ මෙසේ කරන්නෙහි නම්, දෙවියන්වහන්සේත් එසේ නුඹට අණකරනසේක්නම්, නුඹට දැරියහැකි වන්නේය, මේ මුළු සෙනඟද තමුන්ගේ ස්ථානයට සමාදානයෙන් යන්නෝයයි කීවේය.
නික්මයාම 18:19-23 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දැන් මට ඇහුම්කන් දෙන්න. මම ඔබට උපදෙසක් දෙන්නම්. දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක්වා. ඔබ, දෙවියන්වහන්සේ ඉදිරියේ ජනයාගේ නියෝජිතයා වී, ඔවුන්ගේ ආරවුල් උන්වහන්සේ වෙත ගෙන ආ යුතුයි. නියෝග හා උපදෙස් ඔවුන්ට උගන්වා, ඔවුන් ජීවත් විය යුතු අන්දම හා ඔවුන් කළ යුතු කාර්යයන් ඔවුන්ට පෙන්වා දෙන්න. එපමණක් නො ව, දේව භයින් යුක්ත, විශ්වාසවන්ත හා අයුතු වාසියට ද්වේෂ කරන සුදුසු මිනිසුන් මුළු ජනතාව අතරින් සොයා, ඔවුන් දහසකට අධිපතීන් ද සියයකට, පනහකට හා දහයකට අධිපතීන් ද කොට පත් කරන්න. ඔවුහු හැම කල්හි ජනතාවට විනිසුරුවන් වශයෙන් කටයුතු කරත්වා. එහෙත් බරපතළ සිද්ධීන් හැමකක් ම ඔබ වෙතට පමුණුවනු ලබත්වා. සුළු ගැටලු ඔවුන්ට ම විසඳිය හැකි ය. මෙසේ ඔවුන් ද ඔබ සමඟ මේ බරට උරදෙන බැවින් එය ඔබට පහසුවක් වනු ඇත. ඔබ එලෙස කරන්නේ නම්, දෙවියන්වහන්සේ ද එසේ අණ කරන සේක් නම්, ඔබට ද දැරිය හැකි වනු ඇත. මේ සියලු ජනයා ද සෑහීමෙන් යුතු ව යළි තම ගෙවලට යනු ඇතැ” යි කීවේ ය.
නික්මයාම 18:19-23 NRSV (Sinhala New Revised Version)
එබැවින් දැන් මා කියන දේට සවන් දෙන්න. මම ඔබට දැනමුතුකමක් දෙමි. දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියෙහි නියෝජිතයෙකු වී, නඩුහබ උන් වහන්සේ ඉදිරියට පමුණුවන්න. ඔබ ඔවුන්ට ආඥා සහ අණපණත් උගන්වමින් ඔවුන් හැසිරිය යුතු අන්දම හා ඔවුන් ඉටු කළ යුතු දේ ද පෙන්වා දිය යුතු ය. තවද, ඔබ මුළු සෙනඟ අතුරින් දේව භය ඇති, සත්‍යවාදී, අල්ලස් නොගන්නා දක්ෂ මිනිසුන් තෝරා ඔවුන් අතර සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් ඔවුන් පත් කරන්න. ඔවුන් සියලු අවස්ථාවන්හි දී මිනිසුන් විනිශ්චය කළ යුතු ය. එහෙත්, වැදගත් ප්‍රශ්නයක් තිබේ නම් ඔවුන් ඔබ වෙත එය ගෙනා යුතු ය. එහෙත්, සෑම සුළු කරුණක් ඔවුන් ම විනිශ්චය කළ යුතුයි. එසේ කළොත් ඔබට වඩාත් පහසු වේ. ඔවුන් ද ඔබ සමඟ වගකීමේ බර උසුලනු ඇත. දෙවියන් වහන්සේ ඔබට අණ කරන ලෙස ඔබ මෙය කරන්නෙහි නම් ඔබ විඩාවට පත් නොවනු ඇත. මේ සෙනඟට ද තම තමන්ගේ ගෙවලට සමගි සාමදානයෙන් යන්න පුළුවන් වේ ය”යි කී ය.
නික්මයාම 18:19-23 SNRV (Sinhala New Revised Version 2018)
එබැවින් දැන් මා කියන දේට සවන් දෙන්න. මම ඔබට දැනමුතුකමක් දෙමි. දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියෙහි නියෝජිතයෙකු වී, නඩුහබ උන් වහන්සේ ඉදිරියට පමුණුවන්න. ඔබ ඔවුන්ට ආඥා සහ අණපනත් උගන්වමින් ඔවුන් හැසිරිය යුතු අන්දම හා ඔවුන් ඉටු කළ යුතු දේ ද පෙන්වා දිය යුතු ය. තවද, ඔබ මුළු සෙනඟ අතුරින් දේව භය ඇති, සත්‍යවාදී, අල්ලස් නොගන්නා දක්ෂ මිනිසුන් තෝරා ඔවුන් අතර සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් ඔවුන් පත් කරන්න. ඔවුන් සියලු අවස්ථාවන්හි දී මිනිසුන් විනිශ්චය කළ යුතු ය. එහෙත්, වැදගත් ප්‍රශ්නයක් තිබේ නම් ඔවුන් ඔබ වෙත එය ගෙනා යුතු ය. එහෙත්, සෑම සුළු කරුණක් ඔවුන් ම විනිශ්චය කළ යුතුයි. එසේ කළොත් ඔබට වඩාත් පහසු වේ. ඔවුන් ද ඔබ සමඟ වගකීමේ බර උසුලනු ඇත. දෙවියන් වහන්සේ ඔබට අණ කරන ලෙස ඔබ මෙය කරන්නෙහි නම් ඔබ විඩාවට පත් නොවනු ඇත. මේ සෙනඟට ද තම තමන්ගේ ගෙවලට සමගි සාමදානයෙන් යන්න පුළුවන් වේ ය”යි කී ය.
නික්මයාම 18:19-23 NIV (New International Version)
Listen now to me and I will give you some advice, and may God be with you. You must be the people’s representative before God and bring their disputes to him. Teach them his decrees and instructions, and show them the way they are to live and how they are to behave. But select capable men from all the people—men who fear God, trustworthy men who hate dishonest gain—and appoint them as officials over thousands, hundreds, fifties and tens. Have them serve as judges for the people at all times, but have them bring every difficult case to you; the simple cases they can decide themselves. That will make your load lighter, because they will share it with you. If you do this and God so commands, you will be able to stand the strain, and all these people will go home satisfied.”