නික්මයාම 18:13-18
නික්මයාම 18:13-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පසු දින මෝසෙස් ජනතාවට යුක්තිය පසිඳලනු පිණිස, විනිසුරු වශයෙන් අසුන් ගත්තේ ය. ජනයා උදය පටන් සවස දක්වා ඔහු වටා සිටගෙන වුන්හ. ජනයා උදෙසා මෝසෙස් කරන සියලු දෑ දුටු ඔහුගේ මාමා, “මොනවද මේ ජනයාට ඔබ කරන දේ! ජනතාව උදේ පටන් සවස් වන තෙක් ඔබ වටා සිටගෙන සිටියදී, ඔබ පමණක් හිඳ සිටින්නේ මන්දැ?” යි ඇසී ය. මෝසෙස් ඔහුට පිළිතුරු දෙමින්, “එසේ කරන්නේ, දෙවියන්වහන්සේගෙන් විමසන පිණිස ජනයා මා ළඟට එන නිසයි. ඔවුන් අතරේ ආරවුලක් ඇති වූ කල, එය මට ඉදිරිපත් කෙරේ. මම දෙපාර්ශ්වය අතර කරුණු විභාග කර, දෙවියන්වහන්සේගේ නියෝග හා උපදෙස් ඔවුන්ට දන්වන්නෙමි” යි පැවසී ය. මෝසෙස්ගේ මාමා පිළිතුරු දෙමින්, “ඔබ කරන දේ හරි නැත. එයින් ඔබත්, ඔබ හමුවට එන ජනයාත් වෙහෙසට පත් වෙනවා පමණි. මේ කාරිය ඔබට බර වැඩියි. එය තනි ඔබට කළ නො හැකියි.
නික්මයාම 18:13-18 Sinhala Revised Old Version (SROV)
තවද පසුවදා මෝසෙස් සෙනඟ විනිශ්චය කරන පිණිස හිඳගත්තේය. සෙනඟද උදය පටන් සවස දක්වා ඔහු අවට සිටියාහ. මෝසෙස් සෙනඟ සම්බන්ධව කරන සියල්ල ඔහුගේ මාමා දැක: නුඹ සෙනඟ ගැන කරන මේ දෙය කිමෙක්ද? නුඹ පමණක් වාඩිවී ඉන්නෙත් මුළු සෙනඟ උදේ පටන් සවස දක්වා නුඹ අවට නැගිට සිටින්නෙත් මක්නිසාදැයි කීය. මෝසෙස්ද: සෙනඟ දෙවියන්වහන්සේගෙන් විභාගකරන පිණිස මා වෙතට එන නිසාය. ඔවුන්ට කාරණයක් ඇති කළ ඔව්හු මා වෙතට එති; මමද මනුෂ්‍යයෙකු සහ ඔහුගේ අසල්වාසියා අතරේ විනිශ්චයකොට දෙවියන්වහන්සේගේ නියෝගයද ව්‍යවස්ථාද ඔවුන්ට දන්වමියි තමාගේ මාමාට කීවේය. මෝසෙස්ගේ මාමා ඔහුට කථාකොට: නුඹ කරන දේ හොඳ නැත. නුඹද නුඹ සමඟ සිටින මේ සෙනඟද ඒකාන්තයෙන් වෑරීයන්නහුය. මක්නිසාද මේ කාරණය නුඹට බර වැඩිය; නුඹට පමණක්ම එය ඉෂ්ටකිරීම නොහැකිය.
නික්මයාම 18:13-18 Sinhala New Revised Version (NRSV)
පසු දින මෝසෙස් සෙනඟ විනිශ්චය කරනු සඳහා අසුන් ගත්තේ ය. සෙනඟ උදය සිට සවස දක්වා ඔහු අවට සිටියහ. තවද, සෙනඟ සම්බන්ධයෙන් මෝසෙස් කරන්නට වූ සියල්ල දුටු මෝසෙස්ගේ මාමණ්ඩි ඔහුට කතා කරමින්, “ඔබ සෙනඟට මේ කරන්නේ කුමක් ද? ඔබ තනියම අසුන් ගෙන සිටින්නෙත්, මුළු සෙනඟ උදේ පටන් සවස දක්වා ඔබ ළඟ සිටින්නෙත් මන්දැ”යි විචාළේ ය. එවිට මෝසෙස් තම මාමණ්ඩිට පිළිතුරු දෙමින්, “මා මෙසේ කරන්නේ, සෙනඟ දෙවියන් වහන්සේගෙන් උපදෙස් ලබාගැනීම සඳහා මා වෙත එන නිසා ය. ඔවුන් අතර ප්‍රශ්නයක් ඇති වූ විට ඔව්හු මා වෙත එති. මම ද ඔවුනොවුන් විනිශ්චය කොට දෙවියන් වහන්සේගේ ආඥා සහ අණපණත් ඔවුන්ට දන්වමි”යි කීවේ ය. එවිට මෝසෙස්ගේ මාමා ඔහුට කතා කොට, “ඔබ කරන දේ හරි නැත. ඔබත්, ඔබ ළඟ සිටින මේ සෙනඟත් අතිශයින් විඩාවට පත්වනු ඇත. මේ කටයුත්ත ඔබට බර වැඩි ය. ඔබට එය තනියම ඉටු කිරීම නොහැක.
නික්මයාම 18:13-18 Sinhala New Revised Version 2018 (SNRV)
පසු දින මෝසෙස් සෙනඟ විනිශ්චය කරනු සඳහා අසුන් ගත්තේ ය. සෙනඟ උදය සිට සවස දක්වා ඔහු අවට සිටියහ. තවද, සෙනඟ සම්බන්ධයෙන් මෝසෙස් කරන්නට වූ සියල්ල දුටු මෝසෙස්ගේ මාමණ්ඩි ඔහුට කතා කරමින්, “ඔබ සෙනඟට මේ කරන්නේ කුමක් ද? ඔබ තනියම අසුන් ගෙන සිටින්නෙත්, මුළු සෙනඟ උදේ පටන් සවස දක්වා ඔබ ළඟ සිටින්නෙත් මන්දැ”යි විචාළේ ය. එවිට මෝසෙස් තම මාමණ්ඩිට පිළිතුරු දෙමින්, “මා මෙසේ කරන්නේ, සෙනඟ දෙවියන් වහන්සේගෙන් උපදෙස් ලබාගැනීම සඳහා මා වෙත එන නිසා ය. ඔවුන් අතර ප්‍රශ්නයක් ඇති වූ විට ඔව්හු මා වෙත එති. මම ද ඔවුනොවුන් විනිශ්චය කොට දෙවියන් වහන්සේගේ ආඥා සහ අණපනත් ඔවුන්ට දන්වමි”යි කීවේ ය. එවිට මෝසෙස්ගේ මාමා ඔහුට කතා කොට, “ඔබ කරන දේ හරි නැත. ඔබත්, ඔබ ළඟ සිටින මේ සෙනඟත් අතිශයින් විඩාවට පත්වනු ඇත. මේ කටයුත්ත ඔබට බර වැඩි ය. ඔබට එය තනියම ඉටු කිරීම නොහැක.
නික්මයාම 18:13-18 New International Version (NIV)
The next day Moses took his seat to serve as judge for the people, and they stood around him from morning till evening. When his father-in-law saw all that Moses was doing for the people, he said, “What is this you are doing for the people? Why do you alone sit as judge, while all these people stand around you from morning till evening?” Moses answered him, “Because the people come to me to seek God’s will. Whenever they have a dispute, it is brought to me, and I decide between the parties and inform them of God’s decrees and instructions.” Moses’ father-in-law replied, “What you are doing is not good. You and these people who come to you will only wear yourselves out. The work is too heavy for you; you cannot handle it alone.