නික්මයාම 18:1-27 - Compare All Versions
නික්මයාම 18:1-27 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මෝසෙස් උදෙසාත්, ඔහුගේ ජනයා වූ ඉශ්‍රායෙල් උදෙසාත් දෙවියන්වහන්සේ කර තිබූ සියල්ල ගැන, ස්වාමින්වහන්සේ ඊජිප්තුවෙන් පිටතට ඉශ්‍රායෙල් ජනයා ගෙනැවිත් තිබූ අයුරු ගැන, මෝසෙස්ගේ මාමා වූ මිදියන්හි පූජක යෙත්රෝට අසන්නට ලැබිණ. මෝසෙස් තම බිරිඳ වූ සිප්පොරා පිටත් කර යැවූ පසු, ඔහුගේ මාමා වූ යෙත්රෝ ඇය පිළිගෙන තිබුණේ, ඇගේ පුතුන් දෙදෙනා ද සමඟිනි. එක් පුතකු ගේර්ෂොම් නම් විය. මන්ද, “පිට දේශයකදී මම ආගන්තුකයකු වීමි” යි මෝසෙස් කී බැවිනි. අනෙක් පුතු එලියේසර් නම් විය. මන්ද, “මගේ පියාගේ දෙවියන්වහන්සේ මගේ උපකාරය වූ සේක්, පාරාවෝගේ අසිපතින් මා මුදා ලූ සේකැ” යි ඔහු කී බැවිනි. මෝසෙස්ගේ මාමා වූ යෙත්රෝ, මෝසෙස්ගේ පුතුන් හා බිරිඳ ද කැටිව, දෙවියන්වහන්සේගේ කන්ද අසල පාළුකරයේ කඳවුරු බැඳි මෝසෙස් වෙත ආවේ ය. “මම, ඔබේ මාමා වූ යෙත්රෝ, ඔබේ බිරිඳ ද ඇය සමඟ ඇගේ පුතුන් දෙදෙනා ද කැටිව ඔබ වෙත එන්නෙමි” යි ඔහු මෝසෙස්ට දන්වා යැවී ය. එබැවින් මෝසෙස් තම මාමා හමු වන්නට පිටතට ගොස්, නැමී ආචාර කොට, ඔහු සිප ගත්තේ ය. එකිනෙකාගේ සුව දුක් විමසූ ඔවුහු කූඩාරමට ඇතුළු වූහ. මෝසෙස් තම මාමා අමතමින්, ඉශ්‍රායෙල් උදෙසා ස්වාමින්වහන්සේ පාරාවෝටත්, ඊජිප්තුවරුනටත් කළ හැම දෙයක් ම ගැන ද එන ගමනේදී තමන් මුහුණ පෑ සියලු අසීරුතා හා ස්වාමින්වහන්සේ ඔවුන් මිදූ අයුරු ගැන ද විස්තර කළේ ය. ඊජිප්තුවරුන් අතින් ඉශ්‍රායෙල් මුදා ගනිමින්, ඔවුන් උදෙසා ස්වාමින්වහන්සේ කර තිබූ සියලු යහ දෑ ගැන යෙත්රෝ ප්‍රමෝදවත් විය. එබැවින් යෙත්රෝ, “ඊජිප්තුවරුන් අතින් ද පාරාවෝ අතින් ද ඔබ මිදුවාවූත්, ඊජිප්තුවරුන් යටතින් ජනතාව මිදුවාවූත් ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! සෙසු හැම දෙවිවරුන්ට වඩා ස්වාමින්වහන්සේ උත්තම බැව් දැන් මම දනිමි. ජනයාට අහංකාරකම් කළවුනට උන්වහන්සේ මෙසේ කළ සේකැ” යි පැවසී ය. ඉන්පසු, මෝසෙස්ගේ මාමා වූ යෙත්රෝ දෙවියන්වහන්සේට දවන යාග පූජාවක් හා වෙනත් පූජා ගෙනාවේ ය. දෙවියන්වහන්සේ ඉදිරියේ මෝසෙස්ගේ මාමා සමඟ රොටි අනුභවයට ආරොන් ඉශ්‍රායෙල් සියලු වැඩිහිටියන් සමඟ ආවේ ය. පසු දින මෝසෙස් ජනතාවට යුක්තිය පසිඳලනු පිණිස, විනිසුරු වශයෙන් අසුන් ගත්තේ ය. ජනයා උදය පටන් සවස දක්වා ඔහු වටා සිටගෙන වුන්හ. ජනයා උදෙසා මෝසෙස් කරන සියලු දෑ දුටු ඔහුගේ මාමා, “මොනවද මේ ජනයාට ඔබ කරන දේ! ජනතාව උදේ පටන් සවස් වන තෙක් ඔබ වටා සිටගෙන සිටියදී, ඔබ පමණක් හිඳ සිටින්නේ මන්දැ?” යි ඇසී ය. මෝසෙස් ඔහුට පිළිතුරු දෙමින්, “එසේ කරන්නේ, දෙවියන්වහන්සේගෙන් විමසන පිණිස ජනයා මා ළඟට එන නිසයි. ඔවුන් අතරේ ආරවුලක් ඇති වූ කල, එය මට ඉදිරිපත් කෙරේ. මම දෙපාර්ශ්වය අතර කරුණු විභාග කර, දෙවියන්වහන්සේගේ නියෝග හා උපදෙස් ඔවුන්ට දන්වන්නෙමි” යි පැවසී ය. මෝසෙස්ගේ මාමා පිළිතුරු දෙමින්, “ඔබ කරන දේ හරි නැත. එයින් ඔබත්, ඔබ හමුවට එන ජනයාත් වෙහෙසට පත් වෙනවා පමණි. මේ කාරිය ඔබට බර වැඩියි. එය තනි ඔබට කළ නො හැකියි. දැන් මට ඇහුම්කන් දෙන්න. මම ඔබට උපදෙසක් දෙන්නම්. දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක්වා. ඔබ, දෙවියන්වහන්සේ ඉදිරියේ ජනයාගේ නියෝජිතයා වී, ඔවුන්ගේ ආරවුල් උන්වහන්සේ වෙත ගෙන ආ යුතුයි. නියෝග හා උපදෙස් ඔවුන්ට උගන්වා, ඔවුන් ජීවත් විය යුතු අන්දම හා ඔවුන් කළ යුතු කාර්යයන් ඔවුන්ට පෙන්වා දෙන්න. එපමණක් නො ව, දේව භයින් යුක්ත, විශ්වාසවන්ත හා අයුතු වාසියට ද්වේෂ කරන සුදුසු මිනිසුන් මුළු ජනතාව අතරින් සොයා, ඔවුන් දහසකට අධිපතීන් ද සියයකට, පනහකට හා දහයකට අධිපතීන් ද කොට පත් කරන්න. ඔවුහු හැම කල්හි ජනතාවට විනිසුරුවන් වශයෙන් කටයුතු කරත්වා. එහෙත් බරපතළ සිද්ධීන් හැමකක් ම ඔබ වෙතට පමුණුවනු ලබත්වා. සුළු ගැටලු ඔවුන්ට ම විසඳිය හැකි ය. මෙසේ ඔවුන් ද ඔබ සමඟ මේ බරට උරදෙන බැවින් එය ඔබට පහසුවක් වනු ඇත. ඔබ එලෙස කරන්නේ නම්, දෙවියන්වහන්සේ ද එසේ අණ කරන සේක් නම්, ඔබට ද දැරිය හැකි වනු ඇත. මේ සියලු ජනයා ද සෑහීමෙන් යුතු ව යළි තම ගෙවලට යනු ඇතැ” යි කීවේ ය. මෝසෙස් තම මාමාට ඇහුම්කන් දී, ඔහු කී පරිදි ඒ හැම දෑ කළේ ය. මෝසෙස්, ඉශ්‍රායෙල් සියල්ලන් අතරින් සුදුස්සන් තෝරා, දහසකට අධිපතීන්, සියයකට, පනහකට හා දහයකට අධිපතීන් යන වශයෙන් ජනතාවගේ නායකයින් කොට පත් කළේ ය. ඔවුහු හැම කල්හි ජනතාවගේ විනිශ්චයකරුවන් වශයෙන් කටයුතු කළහ. අසීරු ගැටලු, මෝසෙස් වෙත ගෙන ආ ඔවුහු සුළු ආරවුල් තුමූම විසඳූහ. පසුව මෝසෙස් තම මාමාට සමු දුන්නෙන්, ඔහු සිය රට බලා ගියේ ය.
නික්මයාම 18:1-27 SROV (Sinhala Revised Old Version)
මිදියන්හි පූජකවූ මෝසෙස්ගේ මාමා වන යෙත්‍රෝ වනාහි දෙවියන්වහන්සේ මෝසෙස් උදෙසාත් ස්වකීය සෙනඟවූ ඉශ්‍රායෙල් උදෙසාත් කරනලද සියල්ල එනම් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් මිසරයෙන් පිටතට ගෙනා වග ඇසුවේය. එවිට මෝසෙස්ගේ මාමාවූ යෙත්‍රෝ මෝසෙස් ඇරලා සිටියාවූ ඔහුගේ භාර්යාවූ ශිප්-පොරාද ඇගේ පුත්‍රයන් දෙදෙනාද රැගෙන පිටත්වුණේය; ඔවුන්ගෙන් එක් කෙනෙකුගේ නම ගේර්ෂොම්ය; මක්නිසාද: මම අන් රටක ආගන්තුකයෙක්ව සිටියෙමියි මෝසෙස් කීවේය. අනික් පුත්‍රයාගේ නම එලියේසර්ය; මක්නිසාද: මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ මට පිහිටවී ඵාරාවෝගේ කඩුවෙන් මා ගළවාගත්සේකැයි ඔහු කීවේය. මෝසෙස්ගේ මාමාවූ යෙත්‍රෝ මෝසෙස්ගේ පුත්‍රයන් සහ භාර්යාව සමඟ දෙවියන්වහන්සේගේ කන්ද ළඟ වනාන්තරයෙහි කඳවුර බැඳ සිටි මෝසෙස් වෙතට අවුත්: නුඹේ මාමාවූ යෙත්‍රෝ නම් මමද නුඹේ භාර්යාවද ඈ සමඟ ඇගේ පුත්‍රයෝ දෙදෙනාද නුඹ වෙතට ඇවිත් සිටිමුයයි මෝසෙස්ට කියා ඇරියේය. මෝසෙස් තමාගේ මාමාගේ පෙරමගට ගොස් වැඳ ඔහු සිඹගත්තේය; ඔව්හු එකිනෙකාගේ සුවදුක් විචාරා කූඩාරමට ඇතුල්වූවෝය. මෝසෙස් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා ඵාරාවෝටද මිසරවරුන්ටද කළ සියල්ල සහ මාර්ගයෙහිදී ඔවුන්ට පැමිණි සියලු අමාරුකම්ද ස්වාමීන්වහන්සේ ඔවුන් ගැළෙවු ප්‍රකාරයද ඔහුගේ මාමාට කීවේය. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් මිසරවරුන් අතින් ගළවාගෙන ඔවුන්ට කළාවූ සියලු යහපත්කම් ගැන යෙත්‍රෝ ප්‍රීතිවිය. ඔහු කියනුයේ: මිසරවරුන් අතින්ද ඵාරාවෝ අතින්ද නුඹලා මුදා මිසරවරුන් යටතින් සෙනඟ ගළවා ගත්තාවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා. ස්වාමීන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උතුම් බව දැන් දනිමි. එසේය, ඔවුන් උඩඟු ලෙස මොවුන්ට විරුද්ධව හැසුරුණු කාරණයේදී උන්වහන්සේ එසේම වූසේකැයි කීයේය. මෝසෙස්ගේ මාමාවූ යෙත්‍රෝ දෙවියන්වහන්සේට දවන පූජාවක්ද යාගද ගෙනායේය. ආරොන්ද ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලෝද මෝසෙස්ගේ මාමා සමඟ දෙවියන්වහන්සේ ඉදිරියෙහි කෑම කන පිණිස ආවෝය. තවද පසුවදා මෝසෙස් සෙනඟ විනිශ්චය කරන පිණිස හිඳගත්තේය. සෙනඟද උදය පටන් සවස දක්වා ඔහු අවට සිටියාහ. මෝසෙස් සෙනඟ සම්බන්ධව කරන සියල්ල ඔහුගේ මාමා දැක: නුඹ සෙනඟ ගැන කරන මේ දෙය කිමෙක්ද? නුඹ පමණක් වාඩිවී ඉන්නෙත් මුළු සෙනඟ උදේ පටන් සවස දක්වා නුඹ අවට නැගිට සිටින්නෙත් මක්නිසාදැයි කීය. මෝසෙස්ද: සෙනඟ දෙවියන්වහන්සේගෙන් විභාගකරන පිණිස මා වෙතට එන නිසාය. ඔවුන්ට කාරණයක් ඇති කළ ඔව්හු මා වෙතට එති; මමද මනුෂ්‍යයෙකු සහ ඔහුගේ අසල්වාසියා අතරේ විනිශ්චයකොට දෙවියන්වහන්සේගේ නියෝගයද ව්‍යවස්ථාද ඔවුන්ට දන්වමියි තමාගේ මාමාට කීවේය. මෝසෙස්ගේ මාමා ඔහුට කථාකොට: නුඹ කරන දේ හොඳ නැත. නුඹද නුඹ සමඟ සිටින මේ සෙනඟද ඒකාන්තයෙන් වෑරීයන්නහුය. මක්නිසාද මේ කාරණය නුඹට බර වැඩිය; නුඹට පමණක්ම එය ඉෂ්ටකිරීම නොහැකිය. ඉතින් මාගේ හඬට ඇහුම්කන් දෙන්න, මම නුඹට දැනමුතුකම්දෙමි, දෙවියන්වහන්සේ නුඹ සමඟ සිටිනසේක්වා. නුඹ සෙනඟ උදෙසා දෙවියන්වහන්සේ ඉදිරියේ සිට උන්වහන්සේ ඉදිරියට කාරණා පමුණුවන්න. නුඹ ඔවුන්ට නියෝග සහ ව්‍යවස්ථා උගන්වා ඔවුන් විසින් හැසිරිය යුතු මාර්ගයත් කළ යුතු වැඩත් ඔවුන්ට පෙන්වාදෙන්න. ඇරත් නුඹ මුළු සෙනඟ අතරෙන් දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ සත්‍යවාදීවූ අයුතු ලාභයට ද්වේෂකරන්නාවූ සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද කොට සෙනඟ කෙරෙහි පත්කරන්න. ඔව්හු සියලු ප්‍රස්තාවයන්හිදී සෙනඟ විනිශ්චය කෙරෙත්වා. ඔව්හු සියලු මහත් කාරණා නුඹ වෙතට පමුණුවා සියලු සුළු කාරණා තුමූම විනිශ්චය කෙරෙත්වා. මෙසේ නුඹට හුඟක් පහසු වන්නේය, ඔව්හු නුඹ සමඟ බර උසුලන්නෝය. නුඹ මෙසේ කරන්නෙහි නම්, දෙවියන්වහන්සේත් එසේ නුඹට අණකරනසේක්නම්, නුඹට දැරියහැකි වන්නේය, මේ මුළු සෙනඟද තමුන්ගේ ස්ථානයට සමාදානයෙන් යන්නෝයයි කීවේය. මෝසෙස් තම මාමාගේ බසට කන්දී ඔහු කී සියල්ල කෙළේය. මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ගෙන් සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද වශයෙන් සෙනඟ කෙරෙහි ප්‍රධානීන් කොට ඔවුන් පත්කෙළේය. ඔව්හු සියලු ප්‍රස්තාවයන්හිදී සෙනඟ විනිශ්චයකළෝය. අමාරු කාරණා මෝසෙස් වෙතට ගෙනාවෝය, එහෙත් සියලු සුළු කාරණා ඔව්හුම විනිශ්චයකළෝය. මෝසෙස් තමාගේ මාමා යන්ට හැරියේය; ඔහු සිය රටට ගියේය.
නික්මයාම 18:1-27 NRSV (Sinhala New Revised Version)
මෝසෙස්ගේ මාමණ්ඩි වන මිදියන්හි පූජකවර ජෙත්රෝ, දෙවියන් වහන්සේ මෝසෙස්ට හා ඔහුගේ ඉශ්රායෙල් සෙනඟට කළ සියල්ල ද උන් වහන්සේ ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා අයුරු ද අසා තිබිණි. එබැවින් ඔහු මෝසෙස් පිටත්කර හැර සිටි ශිප්පොරා නම් ඔහුගේ බිරිඳ ද ඇගේ පුතුන් දෙදෙනා ද කැඳවාගෙන ආවේ ය. මොවුන් එක් කෙනෙකුගේ නම ගේර්ෂොම් ය. එහි අර්ථය, මෝසෙස් කී ලෙස ‘මම අමුතු රටක ආගන්තුකයෙකු මෙන්, සිටියෙමි’ යනුයි. අනික් පුත්‍රයාගේ නම එලියේසර් ය. එහි අර්ථය, ඔහු කී ලෙස, ‘මාගේ පියාගේ දෙවියන් වහන්සේ මාගේ ආධාරය වී පාරාවෝගේ කඩුවෙන් මා මිදූ සේක’ යනුයි. මෝසෙස්ගේ මාමණ්ඩි වන ජෙත්රෝ මෝසෙස්ගේ බිරිඳ සහ පුතුන් ද රැගෙන, දෙවියන් වහන්සේගේ කන්ද ළඟ පාළුකරයේ කඳවුරු බැඳ සිටි මෝසෙස් වෙත පැමිණියේ ය. ඔහු මෝසෙස් වෙත පණිවුඩයක් යවමින්, “ඔබේ මාමණ්ඩි වන ජෙත්රෝ නම් මම, ඔබේ බිරිඳ හා පුතුන් දෙදෙන ද සමඟ ඔබ හමු වීමට පැමිණ සිටිමි”යි සැළ කෙළේ ය. මෝසෙස් තම මාමණ්ඩි හමු වීමට නික්ම ගොස් ආචාර සමාචාර කොට ඔහු සිප ගත්තේ ය. තවද, ඔවුන් එකිනෙකාගේ සුව දුක් විචාළ පසු, ඔව්හු කූඩාරමට ඇතුළු වූ හ. මෝසෙස් තම මාමණ්ඩිට කතා කොට, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා උදෙසා පාරාවෝට සහ මිසර වැසියන්ට කළ දේවල් ද මඟ දී ඔවුන්ට මූණ පාන්නට වූ සියලු අමාරුකම් ද සමිඳාණන් වහන්සේ ඔවුන් ගැළවූ අයුරු ද දැන්වී ය. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් මිසර වාසීන්ගේ අතින් මුදා, ඔවුන්ට උන් වහන්සේ කර දුන් සියලු යහපත්කම් ගැන ජෙත්රෝ ප්‍රීති ප්‍රමෝද විය. ජෙත්රෝ කතා කොට, “මිසර වාසීන්ගේ අතින් ද පාරාවෝගේ අතින් ද ඔබ මුදාලූ, මිසර වාසීන්ගේ වහල් මෙහෙවරින් සෙනඟ මුදාලූ සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! තවද, සමිඳාණන් වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උත්තරීතර බව මම දැන් දනිමි. මන්ද, මිසර වාසීන් ඉතා අහංකාර ලෙස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ක්‍රියා කළ විට උන් වහන්සේ මෙය කළ සේකැ”යි කී ය. ඉන්පසු මෝසෙස්ගේ මාමණ්ඩි වන ජෙත්රෝ සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස දවන යාග පූජාවක් හා පුද පඬුරු ගෙනාවේ ය. ආරොන් ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සියල්ලෝ ද මෝසෙස්ගේ මාමණ්ඩි සමඟ දෙවියන් වහන්සේ ඉදිරියෙහි භෝජනයට සහභාගි වූ හ. පසු දින මෝසෙස් සෙනඟ විනිශ්චය කරනු සඳහා අසුන් ගත්තේ ය. සෙනඟ උදය සිට සවස දක්වා ඔහු අවට සිටියහ. තවද, සෙනඟ සම්බන්ධයෙන් මෝසෙස් කරන්නට වූ සියල්ල දුටු මෝසෙස්ගේ මාමණ්ඩි ඔහුට කතා කරමින්, “ඔබ සෙනඟට මේ කරන්නේ කුමක් ද? ඔබ තනියම අසුන් ගෙන සිටින්නෙත්, මුළු සෙනඟ උදේ පටන් සවස දක්වා ඔබ ළඟ සිටින්නෙත් මන්දැ”යි විචාළේ ය. එවිට මෝසෙස් තම මාමණ්ඩිට පිළිතුරු දෙමින්, “මා මෙසේ කරන්නේ, සෙනඟ දෙවියන් වහන්සේගෙන් උපදෙස් ලබාගැනීම සඳහා මා වෙත එන නිසා ය. ඔවුන් අතර ප්‍රශ්නයක් ඇති වූ විට ඔව්හු මා වෙත එති. මම ද ඔවුනොවුන් විනිශ්චය කොට දෙවියන් වහන්සේගේ ආඥා සහ අණපණත් ඔවුන්ට දන්වමි”යි කීවේ ය. එවිට මෝසෙස්ගේ මාමා ඔහුට කතා කොට, “ඔබ කරන දේ හරි නැත. ඔබත්, ඔබ ළඟ සිටින මේ සෙනඟත් අතිශයින් විඩාවට පත්වනු ඇත. මේ කටයුත්ත ඔබට බර වැඩි ය. ඔබට එය තනියම ඉටු කිරීම නොහැක. එබැවින් දැන් මා කියන දේට සවන් දෙන්න. මම ඔබට දැනමුතුකමක් දෙමි. දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියෙහි නියෝජිතයෙකු වී, නඩුහබ උන් වහන්සේ ඉදිරියට පමුණුවන්න. ඔබ ඔවුන්ට ආඥා සහ අණපණත් උගන්වමින් ඔවුන් හැසිරිය යුතු අන්දම හා ඔවුන් ඉටු කළ යුතු දේ ද පෙන්වා දිය යුතු ය. තවද, ඔබ මුළු සෙනඟ අතුරින් දේව භය ඇති, සත්‍යවාදී, අල්ලස් නොගන්නා දක්ෂ මිනිසුන් තෝරා ඔවුන් අතර සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් ඔවුන් පත් කරන්න. ඔවුන් සියලු අවස්ථාවන්හි දී මිනිසුන් විනිශ්චය කළ යුතු ය. එහෙත්, වැදගත් ප්‍රශ්නයක් තිබේ නම් ඔවුන් ඔබ වෙත එය ගෙනා යුතු ය. එහෙත්, සෑම සුළු කරුණක් ඔවුන් ම විනිශ්චය කළ යුතුයි. එසේ කළොත් ඔබට වඩාත් පහසු වේ. ඔවුන් ද ඔබ සමඟ වගකීමේ බර උසුලනු ඇත. දෙවියන් වහන්සේ ඔබට අණ කරන ලෙස ඔබ මෙය කරන්නෙහි නම් ඔබ විඩාවට පත් නොවනු ඇත. මේ සෙනඟට ද තම තමන්ගේ ගෙවලට සමගි සාමදානයෙන් යන්න පුළුවන් වේ ය”යි කී ය. මෝසෙස් තම මාමණ්ඩි කී දේට සවන් දී ඔහු කී සියල්ල ඉටු කෙළේ ය. ඔහු ඉශ්රායෙල්වරුන් සියලු දෙනා අතුරින් දක්ෂ මිනිසුන් තෝරා සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් සෙනඟගේ නායකයන් ලෙස පත් කෙළේ ය. ඔව්හු සියලු අවස්ථාවල දී සෙනඟ විනිශ්චය කළහ. දුෂ්කර ප්‍රශ්න ඔවුන් මෝසෙස් වෙත ගෙනා නමුත්, සෑම සුළු කරුණක් ම ඔව්හු ම විනිශ්චය කළහ. ඉන්පසු මෝසෙස් තම මාමණ්ඩිට යන්නට හැරියේ ය. ඔහු ද සිය රට බලා ගියේ ය.
නික්මයාම 18:1-27 SNRV (Sinhala New Revised Version 2018)
මෝසෙස්ගේ මාමණ්ඩි වන මිදියන්හි පූජකවර ජෙත්රෝ, දෙවියන් වහන්සේ මෝසෙස්ට හා ඔහුගේ ඉශ්රායෙල් සෙනඟට කළ සියල්ල ද උන් වහන්සේ ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා අයුරු ද අසා තිබිණි. එබැවින් ඔහු මෝසෙස් පිටත්කර හැර සිටි ශිප්පොරා නම් ඔහුගේ බිරිඳ ද ඇගේ පුතුන් දෙදෙනා ද කැඳවාගෙන ආවේ ය. මොවුන් එක් කෙනෙකුගේ නම ගේර්ෂොම් ය. එහි අර්ථය, මෝසෙස් කී ලෙස ‘මම අමුතු රටක ආගන්තුකයෙකු මෙන්, සිටියෙමි’ යනුයි. අනික් පුත්‍රයාගේ නම එලියේසර් ය. එහි අර්ථය, ඔහු කී ලෙස, ‘මාගේ පියාගේ දෙවියන් වහන්සේ මාගේ ආධාරය වී පාරාවෝගේ කඩුවෙන් මා මිදූ සේක’ යනුයි. මෝසෙස්ගේ මාමණ්ඩි වන ජෙත්රෝ මෝසෙස්ගේ බිරිඳ සහ පුතුන් ද රැගෙන, දෙවියන් වහන්සේගේ කන්ද ළඟ පාළුකරයේ කඳවුරු බැඳ සිටි මෝසෙස් වෙත පැමිණියේ ය. ඔහු මෝසෙස් වෙත පණිවුඩයක් යවමින්, “ඔබේ මාමණ්ඩි වන ජෙත්රෝ නම් මම, ඔබේ බිරිඳ හා පුතුන් දෙදෙන ද සමඟ ඔබ හමු වීමට පැමිණ සිටිමි”යි සැළ කෙළේ ය. මෝසෙස් තම මාමණ්ඩි හමු වීමට නික්ම ගොස් ආචාර සමාචාර කොට ඔහු සිප ගත්තේ ය. තවද, ඔවුන් එකිනෙකාගේ සුව දුක් විචාළ පසු, ඔව්හු කූඩාරමට ඇතුළු වූ හ. මෝසෙස් තම මාමණ්ඩිට කතා කොට, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා උදෙසා පාරාවෝට සහ මිසර වැසියන්ට කළ දේවල් ද මඟ දී ඔවුන්ට මූණ පාන්නට වූ සියලු අමාරුකම් ද සමිඳාණන් වහන්සේ ඔවුන් ගැළවූ අයුරු ද දැන්වී ය. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් මිසර වාසීන්ගේ අතින් මුදා, ඔවුන්ට උන් වහන්සේ කර දුන් සියලු යහපත්කම් ගැන ජෙත්රෝ ප්‍රීති ප්‍රමෝද විය. ජෙත්රෝ කතා කොට, “මිසර වාසීන්ගේ අතින් ද පාරාවෝගේ අතින් ද ඔබ මුදාලූ, මිසර වාසීන්ගේ වහල් මෙහෙවරින් සෙනඟ මුදාලූ සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! තවද, සමිඳාණන් වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උත්තරීතර බව මම දැන් දනිමි. මන්ද, මිසර වාසීන් ඉතා අහංකාර ලෙස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ක්‍රියා කළ විට උන් වහන්සේ මෙය කළ සේකැ”යි කී ය. ඉන්පසු මෝසෙස්ගේ මාමණ්ඩි වන ජෙත්රෝ සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස දවන යාග පූජාවක් හා පුද පඬුරු ගෙනාවේ ය. ආරොන් ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සියල්ලෝ ද මෝසෙස්ගේ මාමණ්ඩි සමඟ දෙවියන් වහන්සේ ඉදිරියෙහි භෝජනයට සහභාගි වූ හ. පසු දින මෝසෙස් සෙනඟ විනිශ්චය කරනු සඳහා අසුන් ගත්තේ ය. සෙනඟ උදය සිට සවස දක්වා ඔහු අවට සිටියහ. තවද, සෙනඟ සම්බන්ධයෙන් මෝසෙස් කරන්නට වූ සියල්ල දුටු මෝසෙස්ගේ මාමණ්ඩි ඔහුට කතා කරමින්, “ඔබ සෙනඟට මේ කරන්නේ කුමක් ද? ඔබ තනියම අසුන් ගෙන සිටින්නෙත්, මුළු සෙනඟ උදේ පටන් සවස දක්වා ඔබ ළඟ සිටින්නෙත් මන්දැ”යි විචාළේ ය. එවිට මෝසෙස් තම මාමණ්ඩිට පිළිතුරු දෙමින්, “මා මෙසේ කරන්නේ, සෙනඟ දෙවියන් වහන්සේගෙන් උපදෙස් ලබාගැනීම සඳහා මා වෙත එන නිසා ය. ඔවුන් අතර ප්‍රශ්නයක් ඇති වූ විට ඔව්හු මා වෙත එති. මම ද ඔවුනොවුන් විනිශ්චය කොට දෙවියන් වහන්සේගේ ආඥා සහ අණපනත් ඔවුන්ට දන්වමි”යි කීවේ ය. එවිට මෝසෙස්ගේ මාමා ඔහුට කතා කොට, “ඔබ කරන දේ හරි නැත. ඔබත්, ඔබ ළඟ සිටින මේ සෙනඟත් අතිශයින් විඩාවට පත්වනු ඇත. මේ කටයුත්ත ඔබට බර වැඩි ය. ඔබට එය තනියම ඉටු කිරීම නොහැක. එබැවින් දැන් මා කියන දේට සවන් දෙන්න. මම ඔබට දැනමුතුකමක් දෙමි. දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියෙහි නියෝජිතයෙකු වී, නඩුහබ උන් වහන්සේ ඉදිරියට පමුණුවන්න. ඔබ ඔවුන්ට ආඥා සහ අණපනත් උගන්වමින් ඔවුන් හැසිරිය යුතු අන්දම හා ඔවුන් ඉටු කළ යුතු දේ ද පෙන්වා දිය යුතු ය. තවද, ඔබ මුළු සෙනඟ අතුරින් දේව භය ඇති, සත්‍යවාදී, අල්ලස් නොගන්නා දක්ෂ මිනිසුන් තෝරා ඔවුන් අතර සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් ඔවුන් පත් කරන්න. ඔවුන් සියලු අවස්ථාවන්හි දී මිනිසුන් විනිශ්චය කළ යුතු ය. එහෙත්, වැදගත් ප්‍රශ්නයක් තිබේ නම් ඔවුන් ඔබ වෙත එය ගෙනා යුතු ය. එහෙත්, සෑම සුළු කරුණක් ඔවුන් ම විනිශ්චය කළ යුතුයි. එසේ කළොත් ඔබට වඩාත් පහසු වේ. ඔවුන් ද ඔබ සමඟ වගකීමේ බර උසුලනු ඇත. දෙවියන් වහන්සේ ඔබට අණ කරන ලෙස ඔබ මෙය කරන්නෙහි නම් ඔබ විඩාවට පත් නොවනු ඇත. මේ සෙනඟට ද තම තමන්ගේ ගෙවලට සමගි සාමදානයෙන් යන්න පුළුවන් වේ ය”යි කී ය. මෝසෙස් තම මාමණ්ඩි කී දේට සවන් දී ඔහු කී සියල්ල ඉටු කෙළේ ය. ඔහු ඉශ්රායෙල්වරුන් සියලු දෙනා අතුරින් දක්ෂ මිනිසුන් තෝරා සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් සෙනඟගේ නායකයන් ලෙස පත් කෙළේ ය. ඔව්හු සියලු අවස්ථාවල දී සෙනඟ විනිශ්චය කළහ. දුෂ්කර ප්‍රශ්න ඔවුන් මෝසෙස් වෙත ගෙනා නමුත්, සෑම සුළු කරුණක් ම ඔව්හු ම විනිශ්චය කළහ. ඉන්පසු මෝසෙස් තම මාමණ්ඩිට යන්නට හැරියේ ය. ඔහු ද සිය රට බලා ගියේ ය.
නික්මයාම 18:1-27 NIV (New International Version)
Now Jethro, the priest of Midian and father-in-law of Moses, heard of everything God had done for Moses and for his people Israel, and how the LORD had brought Israel out of Egypt. After Moses had sent away his wife Zipporah, his father-in-law Jethro received her and her two sons. One son was named Gershom, for Moses said, “I have become a foreigner in a foreign land”; and the other was named Eliezer, for he said, “My father’s God was my helper; he saved me from the sword of Pharaoh.” Jethro, Moses’ father-in-law, together with Moses’ sons and wife, came to him in the wilderness, where he was camped near the mountain of God. Jethro had sent word to him, “I, your father-in-law Jethro, am coming to you with your wife and her two sons.” So Moses went out to meet his father-in-law and bowed down and kissed him. They greeted each other and then went into the tent. Moses told his father-in-law about everything the LORD had done to Pharaoh and the Egyptians for Israel’s sake and about all the hardships they had met along the way and how the LORD had saved them. Jethro was delighted to hear about all the good things the LORD had done for Israel in rescuing them from the hand of the Egyptians. He said, “Praise be to the LORD, who rescued you from the hand of the Egyptians and of Pharaoh, and who rescued the people from the hand of the Egyptians. Now I know that the LORD is greater than all other gods, for he did this to those who had treated Israel arrogantly.” Then Jethro, Moses’ father-in-law, brought a burnt offering and other sacrifices to God, and Aaron came with all the elders of Israel to eat a meal with Moses’ father-in-law in the presence of God. The next day Moses took his seat to serve as judge for the people, and they stood around him from morning till evening. When his father-in-law saw all that Moses was doing for the people, he said, “What is this you are doing for the people? Why do you alone sit as judge, while all these people stand around you from morning till evening?” Moses answered him, “Because the people come to me to seek God’s will. Whenever they have a dispute, it is brought to me, and I decide between the parties and inform them of God’s decrees and instructions.” Moses’ father-in-law replied, “What you are doing is not good. You and these people who come to you will only wear yourselves out. The work is too heavy for you; you cannot handle it alone. Listen now to me and I will give you some advice, and may God be with you. You must be the people’s representative before God and bring their disputes to him. Teach them his decrees and instructions, and show them the way they are to live and how they are to behave. But select capable men from all the people—men who fear God, trustworthy men who hate dishonest gain—and appoint them as officials over thousands, hundreds, fifties and tens. Have them serve as judges for the people at all times, but have them bring every difficult case to you; the simple cases they can decide themselves. That will make your load lighter, because they will share it with you. If you do this and God so commands, you will be able to stand the strain, and all these people will go home satisfied.” Moses listened to his father-in-law and did everything he said. He chose capable men from all Israel and made them leaders of the people, officials over thousands, hundreds, fifties and tens. They served as judges for the people at all times. The difficult cases they brought to Moses, but the simple ones they decided themselves. Then Moses sent his father-in-law on his way, and Jethro returned to his own country.