නික්මයාම 17:2-7
නික්මයාම 17:2-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් ඔවුහු මෝසෙස් සමඟ රණ්ඩු කරමින්, “අපට බොන්නට වතුර දෙනු” යි කීහ. මෝසෙස් පිළිතුරු දෙමින්, “නුඹලා මා සමඟ රණ්ඩු කරන්නේ මොකද? නුඹලා කුමක් නිසා ස්වාමින්වහන්සේ පරීක්ෂා කරනවා දැ?” යි කීවේ ය. එහෙත් දිය පිපාසිත වූ ජනතාව, මෝසෙස්ට එරෙහිව කොඳුරමින්, “අපත්, අපේ දරුවනුත්, අපේ සත්ව සම්පතත් පිපාසයෙන් මරා දමන්නට, නුඹ ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආවේ කුමට දැ?” යි කීහ. එවිට මෝසෙස් ස්වාමින්වහන්සේට මොර ගසමින්, “මේ මිනිස්සුන් සමඟ මා මොනවා කරන්න ද? ඔවුන් දැනටමත් මට ගල් ගසන්නට ලැහැස්ති යැ” යි පැවසී ය. ස්වාමින්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “ජනයාට මදක් පෙරටුවෙන් ගමන් කරමින්, ඉශ්‍රායෙල් වැඩිහිටියන් කීප දෙනකු ද කැටිව, නයිල් ගඟට ඔබ ගැසූ සැරයටිය ඔබේ අතින් ගෙන, යන්න. ඔන්න! මම හොරේබ්හි පර්වතය පිට ඔබ ඉදිරියේ එහි සිටින්නෙමි. පර්වතයට ගසන්න; එවිට ජනයාට බීමට ජලය එයින් නික්ම එතැ” යි පැවසූ සේක. එවිට මෝසෙස් ඉශ්‍රායෙල් වැඩිහිටියන්ගේ ඇස් හමුවේ එසේ කළේ ය. ඉශ්රායෙල් ජනයා කලහ කළ නිසාත්, “ස්වාමින්වහන්සේ අප සමඟ වේ ද? නො වේ ද?” කියමින් ඔවුන් ස්වාමින්වහන්සේ පරීක්ෂා කළ නිසාත් ඔහු එම ස්ථානය මස්සා හා මෙරීබා යැයි හැඳින් වී ය.
නික්මයාම 17:2-7 Sinhala Revised Old Version (SROV)
එබැවින් සෙනඟ මෝසෙස් සමඟ විවාදකරමින්: අපට බොන්ට වතුර දෙන්නැයි කීවෝය. මෝසෙස්: නුඹලා මා සමඟ විවාද කරන්නේ මන්ද? කුමට ස්වාමීන්වහන්සේ පරීක්ෂාකරන්නහුදැයි ඔවුන්ට කීවේය. එහිදී සෙනඟට වතුර පිපාසා විය; එහෙයින් සෙනඟ කථාකොට: අපද අපේ දරුවන්ද අපේ සිව්පාවුන්ද පිපාසායෙන් මරවන්ට මිසරයෙන් අප කුමට ගෙනායෙහිද කියා මෝසෙස්ට විරුද්ධව කොඳුළෝය. මෝසෙස් ස්වාමීන්වහන්සේට මොරගසා: මේ සෙනඟ ගැන කුමක් කෙරෙම්ද? ඔව්හු මට ගල් ගසන්ට මෙන් සෑදී සිටිතියි කීය. එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඉශ්‍රායෙල් ප්‍රධානීන්ගෙන් සමහරුන් කැඳවාගෙන ගංගාවට පහරදුන් සැරයටියත් අතින් ගෙන සෙනඟට පෙරටුව යව. බලව, මම හොරේබ්හි පර්වතය පිට එහි නුඹ ඉදිරියෙහි සිටිමි; නුඹ පර්වතයට ගසන්න, සෙනඟට බොන්ට වතුර එයින් නික්මෙන්නේයයි කීසේක. මෝසෙස් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගේ ඇස් හමුවෙහි එසේ කෙළේය. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ විවාදය නිසාත් ස්වාමීන්වහන්සේ අප අතරෙහි ඇද්ද නැද්දැයි කියමින් ඔවුන් ස්වාමීන්වහන්සේ පරීක්ෂාකළ නිසාත් ඔහු ඒ ස්ථානයට මස්සා සහ මෙරිබා කියා නම් තැබුවේය.
නික්මයාම 17:2-7 Sinhala New Revised Version (NRSV)
එවිට ඔව්හු මෝසෙස්ට අවලාද කියමින්, “අපට බොන්න වතුර දෙන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ මට අවලාද කියන්නේ ඇයි? ඔබ කුමක් නිසා සමිඳාණන් වහන්සේ පරීක්ෂා කරන්නහු දැ”යි ඇසී ය. සෙනඟ ද පිපාසයෙන් පෙළෙමින් මෝසෙස්ට විරුද්ධ ව කොඳුර කොඳුරා, “ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අප ද අපේ දරුවන් ද අපේ ගවමහිෂයන් ද පිපාසයෙන් මරාදමන්නට දැ”යි විචාළහ. මෝසෙස් එවිට සමිඳාණන් වහන්සේට මොරගසමින්, “මේ සෙනඟට මා කුමක් කරන්න ද? ඔව්හු මට ගල් ගසන්නට සැරෙසති”යි කීවේ ය. එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “ඔබ ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සමහරෙකු ද කැටුව සෙනඟට ඉදිරියෙන් යන්න. තවද, ඔබ ගංගාවේ දියට පහර දුන් සැරයටිය ද ඔබ අත රැගෙන යා යුතු ය. බලන්න, මම ද හොරෙබ්හි පර්වතය මත ඔබ ඉදිරිපිට සිටිමි. ඔබ පර්වතයට ගැසිය යුතු ය. එවිට සෙනඟට බීමට ජලය එයින් ගලා එනු ඇතැ”යි වදාළ සේක. මෝසෙස් ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් බලාගෙන සිටිය දී එලෙස කෙළේ ය. ඉශ්රායෙල් ජනයා අවලාද කී නිසාත්, ‘සමිඳාණන් වහන්සේ අප අතර ඇද් ද? නැද් ද?’ කියමින් ඔවුන් උන් වහන්සේ පරීක්ෂා කළ නිසාත් ඒ ස්ථානයට ඔහු මස්සා සහ මෙරිබා කියා නම් කෙළේ ය.
නික්මයාම 17:2-7 Sinhala New Revised Version 2018 (SNRV)

නික්මයාම 17:2-7 New International Version (NIV)
So they quarreled with Moses and said, “Give us water to drink.” Moses replied, “Why do you quarrel with me? Why do you put the LORD to the test?” But the people were thirsty for water there, and they grumbled against Moses. They said, “Why did you bring us up out of Egypt to make us and our children and livestock die of thirst?” Then Moses cried out to the LORD, “What am I to do with these people? They are almost ready to stone me.” The LORD answered Moses, “Go out in front of the people. Take with you some of the elders of Israel and take in your hand the staff with which you struck the Nile, and go. I will stand there before you by the rock at Horeb. Strike the rock, and water will come out of it for the people to drink.” So Moses did this in the sight of the elders of Israel. And he called the place Massah and Meribah because the Israelites quarreled and because they tested the LORD saying, “Is the LORD among us or not?”