නික්මයාම 16:31-35
නික්මයාම 16:31-35 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉශ්‍රායෙල් ජනයා එම ආහාර මන්නා යයි හැඳින් වූහ. ඒවා කොත්තමල්ලි ඇට බඳු ය. පැහැයෙන් සුදු ය. රසයෙන්, මී පැණි මුසු කැවිල්ලක් වැන්න. මෝසෙස් කතා කරමින්, “ස්වාමින්වහන්සේගේ අණ මෙසේ ය: ‘මේවායින් ඕමෙරයක් රැගෙන, ඔබගේ මතු පරම්පරා සඳහා වෙන් කර තබන්න. ඊජිප්තු දේශයෙන් පිටතට මා ඔබ ගෙනා කල, පාළුකරයේදී ඔබට ආහාර පිණිස මා දුන් රොටි එවිට ඔවුන්ට දැකගත හැකි වෙතැ’ යි” පැවසී ය. එබැවින් මෝසෙස්, ආරොන්ට කතා කොට, “භාජනයක් ගෙන මන්නා ඕමෙරයක් එහි පුරවා, මතු පරම්පරා උදෙසා එය ස්වාමින්වහන්සේ අබියස සුරැකි ව තබන්නැ” යි කීවේ ය. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ආරොන් එය සුරැකි ව තිබෙනු පිණිස සාක්ෂි ගල්ලෑලි අබියස තැබී ය. ඉශ්රායෙල් ජනයා ජනාවාස භුමියකට පැමිණෙන තෙක්, හතළිස් වසරක් මන්නා අනුභව කළහ. කානාන් දේශ සීමාවට ළඟා වන තෙක් ඔවුහු මන්නා අනුභව කළහ.
නික්මයාම 16:31-35 Sinhala Revised Old Version (SROV)
ඉශ්‍රායෙල් වංශය ඒවාට මන්නා යන නාමය තැබූහ. ඒවා කොත්තමල්ලි ඇට සමානය, සුදුය; එහි රස මීපැණි මිශ්‍රවූ පූප මෙනි. මෝසෙස් කියනුයේ: ස්වාමීන්වහන්සේ අණකළ දේ මේය, මා විසින් මිසර දේශයෙන් නුඹලා ගෙනා කල්හි වනාන්තරයේදී නුඹලා පෝෂණයකළ ආහාර නුඹලාගේ පරම්පරාවල අය දකින පිණිස ඔවුන් නිසා ඕමෙරයක් පුරවා තබාගන්න කීය. මෝසෙස් ආරොන්ට කථාකොට: භාජනයක් රැගෙන මන්නාවලින් ඕමෙරයක් පුරවා නුඹලාගේ පරම්පරාවන් උදෙසා ප්‍රවේසම්ව තිබෙන පිණිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා තබන්නැයි කීවේය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ආරොන් ඒවා ප්‍රවේසම්වී තිබෙන පිණිස සාක්ෂිය ඉදිරියෙහි තැබීය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මනුෂ්‍ය පථයකට එන තෙක් සතළිස් අවුරුද්දක් මන්නා කෑවෝය; ඔව්හු කානාන් දේශයේ සීමාවලට පැමිණෙනතෙක් මන්නා කෑවෝය.
නික්මයාම 16:31-35 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් ජනයා ඒ ආහාරයට ‘මන්නා’ යන නාමය තැබූ හ. එය කොත්තමල්ලි ඇට තරම් ය, සුදු පාට ය, මී පැණි මිශ්‍ර තුනී රොටි වර්ගයක් මෙන් රසවත් ය. මෝසෙස් කතා කොට, “සමිඳාණන් වහන්සේගේ ආඥාව මෙය වේ: ‘මා මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනෙන විට පාළුකරයේ දී නුඹලා පෝෂ්‍ය කළ ආහාරය නුඹලාගේ මතු පරම්පරාවල අය දකින පිණිස, ඔවුන් සඳහා එයින් ලීටර් දෙකක් පුරවා තබාගන්නැ’ ”යි කීවේ ය. ඉන්පසු මෝසෙස් ආරොන්ට කතා කොට, “බඳුනක් රැගෙන මන්නාවලින් ලීටර් දෙකක් එහි පුරවා ඔබේ මතු පරම්පරාවන් සඳහා එය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තබන්නැ”යි කී ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් ප්‍රකාර, ආරොන් එය ආරක්ෂා කරනු පිණිස ගිවිසුම් කරඬුව ඉදිරිපිට තැබී ය. ඉශ්රායෙල් ජනයා මනුෂ්‍ය පථයකට පැමිණෙන තෙක් අවුරුදු හතළිහක් මන්නා කෑ හ; එනම්, කානාන් දේශයේ සීමාවලට පැමිණෙන තෙක් ම ඔව්හු මන්නා කෑ හ.
නික්මයාම 16:31-35 Sinhala New Revised Version 2018 (SNRV)

නික්මයාම 16:31-35 New International Version (NIV)
The people of Israel called the bread manna. It was white like coriander seed and tasted like wafers made with honey. Moses said, “This is what the LORD has commanded: ‘Take an omer of manna and keep it for the generations to come, so they can see the bread I gave you to eat in the wilderness when I brought you out of Egypt.’ ” So Moses said to Aaron, “Take a jar and put an omer of manna in it. Then place it before the LORD to be kept for the generations to come.” As the LORD commanded Moses, Aaron put the manna with the tablets of the covenant law, so that it might be preserved. The Israelites ate manna forty years, until they came to a land that was settled; they ate manna until they reached the border of Canaan.