නික්මයාම 15:26-27
නික්මයාම 15:26-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ කතා කරමින්, “ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කටහඬට ඔබ ඕනෑකමින් සවන් දී, උන්වහන්සේගේ ඇස් හමුවේ හරි දේ කරන්නේ නම්, උන්වහන්සේගේ ආඥාවලට ඔබේ සැලකිල්ල යොමා, උන්වහන්සේගේ නියෝග සියල්ල රක්ෂා කරන්නේ නම්, ඊජිප්තුවරුන් පිටට මා පැමිණ වූ එක රෝගයකුදු මා ඔබ පිට පමුණුවන්නේ නැත. මන්ද ඔබ සුව කරන ස්වාමින්වහන්සේ මම යැ” යි පැවසූ සේක. ඉන්පසු ඔවුහු ඒලිම් වෙත ළඟා වූහ. එහි දිය උල්පත් දොළහක් ද ඉඳි ගස් හැත්තෑවක් ද තිබිණ. ජලය අද්දර ඔවුහු කඳවුරු බැඳ ගත්හ.
නික්මයාම 15:26-27 Sinhala Revised Old Version (SROV)
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන්දී උන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන්දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග රක්ෂාකරන්නෙහිනම් මිසරවරුන් පිට මා පැමිණෙවු රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවන්නෙමි. මක්නිසාද මම වනාහි නුඹ සුවකරන්නාවූ ස්වාමීන්වහන්සේ යයි කීසේක. ඔව්හු දිය උල්පත් දොළසක් හා ඉඳිගස් සැත්තෑවක් ඇති ඒලිම්ට අවුත් එහි දිය අසල කූඩාරම් ගසාගත්තෝය.
නික්මයාම 15:26-27 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ ඔවුන් අමතමින්, “නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී උන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි ව තිබෙන දේ කොට, උන් වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන් වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම්, මිසර වාසීන් පිට මා පැමිණවූ ලෙඩ රෝග එකක් වත් නුඹලා පිට නොපමුණුවමි. මන්ද, නුඹලාට සුවය දෙන සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක. ඉන්පසු ඔව්හු දිය උල්පත් දොළොසක් ද ඉඳි ගස් හැත්තෑවක් ද තිබූ ඒලීම් නම් ස්ථානයට පැමිණ, එහි දිය අසල කඳවුරු බැඳගත්හ.
නික්මයාම 15:26-27 Sinhala New Revised Version 2018 (SNRV)
උන් වහන්සේ ඔවුන් අමතමින්, “නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී උන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි ව තිබෙන දේ කොට, උන් වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන් වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම්, මිසර වාසීන් පිට මා පැමිණවූ ලෙඩ රෝග එකක් වත් නුඹලා පිට නොපමුණුවමි. මන්ද, නුඹලාට සුවය දෙන සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක. ඉන්පසු ඔව්හු දිය උල්පත් දොළොසක් ද ඉඳි ගස් හැත්තෑවක් ද තිබූ ඒලීම් නම් ස්ථානයට පැමිණ, එහි දිය අසල කඳවුරු බැඳගත්හ.
නික්මයාම 15:26-27 New International Version (NIV)
He said, “If you listen carefully to the LORD your God and do what is right in his eyes, if you pay attention to his commands and keep all his decrees, I will not bring on you any of the diseases I brought on the Egyptians, for I am the LORD, who heals you.” Then they came to Elim, where there were twelve springs and seventy palm trees, and they camped there near the water.