නික්මයාම 15:1-19

නික්මයාම 15:1-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉන්පසු මෝසෙස් හා ඉශ්‍රායෙල් ජනයා ස්වාමින්වහන්සේට මේ ගීතය ගායනා කරමින් මෙසේ කීහ: “ස්වාමින්වහන්සේට මම ගී ගයන්නෙමි. මන්ද උන්වහන්සේ මහිමාන්විත ව ජය ගත් සේක. උන්වහන්සේ අසු ද උගේ අසරුවා ද මුහුදේ හෙළූ සේක. “ස්වාමින්වහන්සේ මගේ ශක්තියයි; මගේ ගීතයයි. උන්වහන්සේ මගේ ගැලවීම වූ සේක. උන්වහන්සේ මගේ දෙවියන්වහන්සේ, ය. මම උන්වහන්සේ පසසන්නෙමි; උන්වහන්සේ මගේ පියාගේ දෙවියන්වහන්සේ, ය. මම ඉහළින් ම උන්වහන්සේ වර්ණනා කරමි. ස්වාමින්වහන්සේ රණ ශූරයෙක. ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමය ය. පාරාවෝගේ යුද්ධ රථ හා හමුදා, උන්වහන්සේ මුහුදේ හෙළා ලූ සේක. ඔහුගේ හොඳ ම නිලධාරීහු රතු මුහුදේ ගිලී ගියාහු ය. ගැඹුරු ජල කඳ ඔවුන් වසා ගත්තේ ය; පත්ලට ම උන් කිඳා බැස්සේ, ගලක් පරිද්දෙනි! අහෝ ස්වාමින්වහන්ස, බලයෙන් තේජාන්විත ය, ඔබගේ දකුණු අත, අහෝ ස්වාමින්වහන්ස, සතුරන් විසුරුවා දැමී ය, ඔබගේ දකුණු අත. “ඔබගේ තේජශ්‍රීයේ මහත්කමින් ඔබ, ඔබට එරෙහිවූවන් බිඳ හෙළූ සේක. ඇවිළෙන ඔබේ කෝපය, ඔබ මුදා හළ කල්හි එයින් උන් දැවී ගියේ ඉපනැලි පරිද්දෙනි. ඔබගේ නාස් පුඩුවල හුස්මේ සැරකමින් ජල කඳ උඩට ගොඩ ගැසිණි. ප්‍රචණ්ඩ ජල කඳ තාප්පයක් සේ සිට ගත්තේ ය. මුහුද මැද ගැඹුරු ජල කඳ මිදුණි. සතුරා උදම් අනමින්, ‘මම ලුහුබැඳ යමි; උන් අල්ලාගමි. මම කොල්ලය බෙදමි. ඔවුන් ගැන මගේ මනදොළ සපුරා ගනිමි. මගේ අසිපත ඇද, මගේ අතින් ඔවුන් වනසන්නෙමි’ යි කී ය. එහෙත් ඔබ ඔබේ හුස්ම පිම්ඹ කල, මුහුද ඔවුන් වසා ගත්තේ ය. බලගතු ජල කඳ තුළට ඔවුන් ගිලී ගියේ ඊයම්-බරු මෙනි. දෙවිවරුන් අතරේ ඔබ හා සමාන අන් කවුරු ද? අහෝ ස්වාමින්වහන්ස! ශුද්ධත්වයෙන් තේජස් වූත්, මහිමයෙන් භයංකර වූත්, හාස්කම් කරන්නාවූත් ඔබ වගේ තව කවුරු ද? “ඔබේ දකුණත ඔබ දිගු කළ විට පොළොව ඔවුන් ගිලගත්තේ ය. ඔබ මිදූ ජනයාට නොමියෙන ඔබේ ප්‍රේමයෙන් ඔබ ම මග පෙන්වන්නාහ. ඔබේ ශුද්ධ නිවස්නය වෙත ඔබේ ම ශක්තියෙන් ඔබ ඔවුනට මග පෙන්වන්නාහ. ඒ ඇසූ ජාතීහු වෙවුලන්නෝ ය. සන්තාපය පිලිස්තිවාසීන් අල්ලා ගන්නේ ය. ඒදොම් ප්‍රධානීහු ත්‍රස්ත වූවාහු ය. මෝවබ් නායකයෝ වෙවුලීමට හසු වූවෝ ය. කානානි වාසී සියල්ලෝ දියවී ගියෝ ය. භීතිය හා සන්ත්‍රාසය, ඔවුන් පිට පතිත වන්නේ ය. ඔබගේ ජනයා පසු කර යන තෙක් අහෝ ස්වාමින්වහන්සේ ඔබ මිල දී ගත් ජනයා නික්ම යන තෙක්, ඔබගේ බාහුවේ බලය නිසා, ගලක් මෙන් ඔවුහු නිශ්චල වන්නෝ ය. අහෝ ස්වාමින්වහන්ස, ඔබේ වාසයට ඔබ තැනූ ස්ථානය ද අහෝ ස්වාමිනි, ඔබේ අත්වලින් ඔබ පිහිටූ ශුද්ධස්ථානය ද වන ඔබගේ උරුමයේ කන්ද වෙත ඔබ ඔවුන් ගෙනවුත්, එහි සිටුවන සේක. “සදහටම-සදාතනිකව ස්වාමින්වහන්සේ රජකම් කරන්නාහ.” පාරාවෝගේ අශ්වයින් ද යුද්ධ රථ හා අසරුවන් ද මුහුදට පිවිසි කල, ස්වාමින්වහන්සේ ඔවුන් පිටට මුහුදු ජලය ආපසු ගලා එන්නට සැලසූ සේක. එහෙත් ඉශ්‍රායෙල් ජනයා, මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් ගත්හ.

නික්මයාම 15:1-19 Sinhala Revised Old Version (SROV)

එවිට මෝසෙස් සහ ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මේ ගීතිකාව ගායනාකරමින් මෙසේ කීවෝය: මම ස්වාමීන්වහන්සේට ගී කියන්නෙමි, මක්නිසාද උන්වහන්සේ තේජාන්විත ලෙස ජයගත්සේක. උන්වහන්සේ අශ්වයා සහ අසරුවා මුහුදට හෙළූසේක. මාගේ ශක්තියද ගීතිකාවද ස්වාමීන්වහන්සේ ය, උන්වහන්සේ මාගේ ගැළවීම වූසේක. මේ මාගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ වර්ණනාකරන්නෙමි; මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ උසස්කරන්නෙමි. ස්වාමීන්වහන්සේ යුද්ධ දක්ෂයෙක. උන්වහන්සේගේ නාමය ස්වාමීන්වහන්සේ ය. ඵාරාවෝගේ රථ සහ ඔහුගේ සේනාව උන්වහන්සේ මුහුදට හෙළූසේක. ඔහුගේ තෝරාගත් සේනාපතියෝ රතු මුහුදෙහි කිඳාගියෝය. ගැඹුරු ජලයෝ ඔවුන් වසාගනිති. ඔව්හු ගලක් මෙන් පතුලට කිඳුණෝය. ස්වාමීන්වහන්ස, ඔබගේ දකුණත පරාක්‍රමයෙන් මහිමවත්ය, ස්වාමීන්වහන්ස, ඔබගේ දකුණත සතුරා කැබලිකරදමයි. ඔබගේ මහන්තත්වයේ උතුම්කමෙන් ඔබ ඔබට විරුද්ධව නැගිටින්නන් පරාජයකරනසේක. ඔබ ස්වකීය උදහස යවනසේක, එයින් ඉපනැල්ල මෙන් ඔව්හු දැවෙන්නෝය. ඔබගේ නාසිකා වාතයෙන් ජලය ගොඩක් මෙන් සිටියේය, ජලධාරාවෝ ගොඩක් මෙන් කෙලින් සිටියෝය; මුහුද මැද ජලස්කන්ධයෝ මිදුණෝය. සතුරා කියනුයේ: මම ලුහුබඳින්නෙමි, අල්වාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි. මාගේ ආශාව ඔවුන් කෙරෙහි තෘප්තියට පමුණුවනු ලැබේ; මාගේ කඩුව අදින්නෙමි, මාගේ අත ඔවුන් විනාශකරන්නේයයි කීය. ඔබ ස්වකීය හුස්ම පිඹලූසේක, එවිට මුහුද ඔවුන් වසාගත්තේය. ඔව්හු මහත් ජලයෙහි ඊයම් මෙන් කිඳුණෝය. ස්වාමීන්වහන්ස, දෙවිවරුන් අතරේ ඔබට සමාන කවුද? ශුද්ධකමින් මහිමවත්වූ, ප්‍රශංසාවලින් භයංකරවූ, පුදුම දේ කරන්නාවූ ඔබ සමාන කවුද? ඔබ ස්වකීය දකුණත දිගුකළසේක, පොළොව ඔවුන් ගිලගත්තාය. ඔබවහන්සේ මුදාගත් සෙනඟ ස්වකීය කරුණාවෙන් යුක්තව ගෙනගියසේක. ඔබගේ ශුද්ධ වාසස්ථානයට ස්වකීය ශක්තියෙන් ඔවුන්ට මග පෙන්වූසේක. ජනයන්ට ඇසුණේය, ඔව්හු වෙවුලති, වේදනාව වනාහි පිලිස්තියාවේ වැසියන් අල්වා ගත්තේය. එවිට ඒදොම්හි අධිපතියෝ විස්මයට පත්වූවෝය; වෙවුලුම මෝවබ්හි බලවන්තයන් අල්වාගනී. කානාන්හි සියලු වැසියෝ දියව ගියෝය. භීතිය හා භයංකරය ඔවුන් පිට වැටෙයි; ස්වාමිනි, ඔබගේ සෙනඟ එතරව යන තෙක්ද ඔබ මිලේට ගත් සෙනඟ එතරව යන තෙක්ද ඔබගේ බාහු බලය නිසා ඔව්හු ගලක් මෙන් නිශ්චලව සිටිති. ස්වාමිනි, ඔබ වසන පිණිස සාදනලද ස්ථානයද ස්වාමිනි, ඔබගේ අත්වලින් පිහිටුවන ලද ශුද්ධස්ථානයද වන ඔබගේ උරුමයවූ කන්දට ඔවුන් ගෙන්වා එහි ඔවුන් සිටුවනසේක. ස්වාමීන්වහන්සේ සදාකල්ම රජකම් කරනසේක. මක්නිසාද ඵාරාවෝගේ අශ්වයෝ ඔහුගේ රථ සහ අසුරුවන් සමඟ මුහුද තුළට ගියෝය, ස්වාමීන්වහන්සේ සමුද්‍ර ජලධාරාවන් ඔවුන් පිටට හැරෙවුසේක; එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ වියළි භූමිය පිට මුහුද මැදින් ගියෝය.

නික්මයාම 15:1-19 Sinhala New Revised Version (NRSV)

එවිට මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට මේ ගීතය ගැයූ හ. සමිඳුන් හට මම ගී ගයමි, එතුමාණෝ තෙද මහිමෙන් ජයගෙන අසුන් හා අසරුවන් මූද මැද හෙළූ සේක. සමිඳාණෝ, මා සවිය හා ගීතය වෙති; එතුමාණෝ මා විමුක්තිය වෙති; මාගේ දෙවිඳාණෝ ය. මා දෙවිතුමන් මම පසසමි. මා පියාගේ දෙවිඳුන් මහිමයට පමුණුවමි. සමිඳාණෝ, රණ ශූර ය, එතුමන්ගේ නම හිමිසඳ වේ. එතුමාණෝ, පාරාවෝගේ රිය සෙන් හා බළ ඇණි මූද මැද හෙළූ සේක. උසස් ම සෙන්පතීහු ද රතු මූදට බිලි වූ හ. ගැඹුරු සමුදුර ඔවුන් වසාගති; ගලක් විලස මූදු පත්ලට ඔව්හු කිඳා ගියහ. සමිඳුනි, ඔබ දකුණත බල මහිමෙන් උදාර ය. සමිඳුනි, ඔබ දකුණත හතුරන් කැබලි කරලී ය. ඔබේ මහත් තේජෝමහිමයෙන් ඔබ ඔබේ හතුරන් සුණු විසුණු කරන සේක. ඔබේ උදහස විගසින් දැල් වී ඉපනැලි මෙන් ඔවුන් දවාලයි. ඔබේ නැහැයේ හුස්මෙන් ජලය ගොඩ ගැසෙයි. දිය දහර වේල්ලක් මෙන් කෙළින් සිටියි. මුහුදු ගැබේ ජල කඳ මිදිණි. සතුරා මෙසේ උදන් අනයි: “මම ලුහුබැඳ යන්නෙමි, ඔවුන් අල්ලාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි, මා මනෙදාළ සපුරා ගන්නෙමි, මම කඩුව අදින්නෙමි, මා අතින් ඔවුන් වනසන්නෙමි.” ඔබ හුස්ම පිඹලූ සේක, මුහුද ඔවුන් වසාගති. ඔව්හු රුදුරු ජල කඳ තුළ ඊයම් මෙන් කිඳා ගියහ. සමිඳුනි, දෙවියන් අතර ඔබ හා සම අන් කවුරු ද? ශුද්ධකමින් ප්‍රතාපවත්, බල විකුමෙන් භයංකර, අරුමපුදුම දේ කරවන ඔබ වැනි අය අන් කවුරු ද? ඔබ දකුණත දිගු කළ සේක, මිහිතලය ඔවුන් ගිලගති. ඔබ මිදු ජනතාව කුළුණු බරින් ගෙන ගිය සේක; බලය පාමින් ඔබ ශුද්ධ නිවසට ඔවුන්ට මඟ පෙන්වූ සේක. මේ ඇසූ ජනතාවෝ වෙව්ලති; පිලිස්ති වැසියෝ විලිරුදාවෙන් මෙන් පෙළෙති; ඒදොම්හි අධිපතීහු බියපත් වෙති; මෝවබ් බලවත්හු වෙව්ලති; සියලු කානානිය වැසියෝ දිරිය නැති කරගනිති. භීතිය හා ත්‍රාසය ඔවුන් පිට ය; ඔබේ සෙනඟ එතෙර වන තෙක්, සමිඳුනි, ඔබ මිල දී ගත් සෙනඟ එතෙර යන තෙක්, ඔබ තෙද බල විකුම් පෑ සේක. ඔව්හු ගස් ගල් මෙන් නිසල ව සිටියහ. සමිඳුනි, ඔබට උරුමය වන කඳු මුදුනට, සමිඳුනි, ඔබේ වාසභවනය වන තැනට, ඔබ අතින් ඉදි කළ ශුද්ධස්ථානයට, ඔබ ඔවුන් ගෙන ගොස්, පිහිටුවන සේක. සමිඳාණෝ, සදහට ම රජකම් කරන සේක. පාරාවෝගේ අශ්වයෝ ද ඔහුගේ යුද්ධ රථ හා අසරුවන් සමඟ මුහුදට ඇතුළු වූ හ. සමිඳාණන් වහන්සේ ජලය ආපසු ඔවුන් පිට හැරෙවූ සේක. එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් කළහ.

නික්මයාම 15:1-19 Sinhala New Revised Version 2018 (SNRV)

එවිට මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට මේ ගීතය ගැයූ හ. සමිඳුන් හට මම ගී ගයමි, එතුමාණෝ තෙද මහිමෙන් ජයගෙන අසුන් හා අසරුවන් මූද මැද හෙළූ සේක. සමිඳාණෝ, මා සවිය හා ගීතය වෙති; එතුමාණෝ මා විමුක්තිය වෙති; මාගේ දෙවිඳාණෝ ය. මා දෙවිතුමන් මම පසසමි. මා පියාගේ දෙවිඳුන් මහිමයට පමුණුවමි. සමිඳාණෝ, රණ ශූර ය, එතුමන්ගේ නම හිමිසඳ වේ. එතුමාණෝ, පාරාවෝගේ රිය සෙන් හා බළ ඇණි මූද මැද හෙළූ සේක. උසස් ම සෙන්පතීහු ද රතු මූදට බිලි වූ හ. ගැඹුරු සමුදුර ඔවුන් වසාගති; ගලක් විලස මූදු පත්ලට ඔව්හු කිඳා ගියහ. සමිඳුනි, ඔබ දකුණත බල මහිමෙන් උදාර ය. සමිඳුනි, ඔබ දකුණත හතුරන් කැබලි කරලී ය. ඔබේ මහත් තේජෝමහිමයෙන් ඔබ ඔබේ හතුරන් සුණු විසුණු කරන සේක. ඔබේ උදහස විගසින් දැල් වී ඉපනැලි මෙන් ඔවුන් දවාලයි. ඔබේ නැහැයේ හුස්මෙන් ජලය ගොඩ ගැසෙයි. දිය දහර වේල්ලක් මෙන් කෙළින් සිටියි. මුහුදු ගැබේ ජල කඳ මිදිණි. සතුරා මෙසේ උදන් අනයි: “මම ලුහුබැඳ යන්නෙමි, ඔවුන් අල්ලාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි, මා මනෙදාළ සපුරා ගන්නෙමි, මම කඩුව අදින්නෙමි, මා අතින් ඔවුන් වනසන්නෙමි.” ඔබ හුස්ම පිඹලූ සේක, මුහුද ඔවුන් වසාගති. ඔව්හු රුදුරු ජල කඳ තුළ ඊයම් මෙන් කිඳා ගියහ. සමිඳුනි, දෙවියන් අතර ඔබ හා සම අන් කවුරු ද? ශුද්ධකමින් ප්‍රතාපවත්, බල විකුමෙන් භයංකර, අරුමපුදුම දේ කරවන ඔබ වැනි අය අන් කවුරු ද? ඔබ දකුණත දිගු කළ සේක, මිහිතලය ඔවුන් ගිලගති. ඔබ මිදූ ජනතාව කුලුණු බරින් ගෙන ගිය සේක; බලය පාමින් ඔබ ශුද්ධ නිවසට ඔවුන්ට මඟ පෙන්වූ සේක. මේ ඇසූ ජනතාවෝ වෙව්ලති; පිලිස්ති වැසියෝ විලිරුදාවෙන් මෙන් පෙළෙති; ඒදොම්හි අධිපතීහු බියපත් වෙති; මෝවබ් බලවත්හු වෙව්ලති; සියලු කානානිය වැසියෝ දිරිය නැති කරගනිති. භීතිය හා ත්‍රාසය ඔවුන් පිට ය; ඔබේ සෙනඟ එතෙර වන තෙක්, සමිඳුනි, ඔබ මිල දී ගත් සෙනඟ එතෙර යන තෙක්, ඔබ තෙද බල විකුම් පෑ සේක. ඔව්හු ගස් ගල් මෙන් නිසල ව සිටියහ. සමිඳුනි, ඔබට උරුමය වන කඳු මුදුනට, සමිඳුනි, ඔබේ වාසභවනය වන තැනට, ඔබ අතින් ඉදි කළ ශුද්ධස්ථානයට, ඔබ ඔවුන් ගෙන ගොස්, පිහිටුවන සේක. සමිඳාණෝ, සදහට ම රජකම් කරන සේක. පාරාවෝගේ අශ්වයෝ ද ඔහුගේ යුද්ධ රථ හා අසරුවන් සමඟ මුහුදට ඇතුළු වූ හ. සමිඳාණන් වහන්සේ ජලය ආපසු ඔවුන් පිට හැරෙවූ සේක. එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් කළහ.

නික්මයාම 15:1-19 New International Version (NIV)

Then Moses and the Israelites sang this song to the LORD: “I will sing to the LORD, for he is highly exalted. Both horse and driver he has hurled into the sea. “The LORD is my strength and my defense; he has become my salvation. He is my God, and I will praise him, my father’s God, and I will exalt him. The LORD is a warrior; the LORD is his name. Pharaoh’s chariots and his army he has hurled into the sea. The best of Pharaoh’s officers are drowned in the Red Sea. The deep waters have covered them; they sank to the depths like a stone. Your right hand, LORD, was majestic in power. Your right hand, LORD, shattered the enemy. “In the greatness of your majesty you threw down those who opposed you. You unleashed your burning anger; it consumed them like stubble. By the blast of your nostrils the waters piled up. The surging waters stood up like a wall; the deep waters congealed in the heart of the sea. The enemy boasted, ‘I will pursue, I will overtake them. I will divide the spoils; I will gorge myself on them. I will draw my sword and my hand will destroy them.’ But you blew with your breath, and the sea covered them. They sank like lead in the mighty waters. Who among the gods is like you, LORD? Who is like you— majestic in holiness, awesome in glory, working wonders? “You stretch out your right hand, and the earth swallows your enemies. In your unfailing love you will lead the people you have redeemed. In your strength you will guide them to your holy dwelling. The nations will hear and tremble; anguish will grip the people of Philistia. The chiefs of Edom will be terrified, the leaders of Moab will be seized with trembling, the people of Canaan will melt away; terror and dread will fall on them. By the power of your arm they will be as still as a stone— until your people pass by, LORD, until the people you bought pass by. You will bring them in and plant them on the mountain of your inheritance— the place, LORD, you made for your dwelling, the sanctuary, Lord, your hands established. “The LORD reigns for ever and ever.” When Pharaoh’s horses, chariots and horsemen went into the sea, the LORD brought the waters of the sea back over them, but the Israelites walked through the sea on dry ground.