නික්මයාම 14:3-4
නික්මයාම 14:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පාරාවෝ, ඉශ්රායෙල් ජනයා ගැන සඳහන් කරමින්, ‘ඔවුන් වියවුල් ව, රට වටා ඉබාගාතෙ යනු ඇත. ඔවුන් කාන්තාරයේ කොටු වී ඇති’ යි කියනු ඇත. මම පාරාවෝගේ හද දැඩි කරන්නෙමි. ඔහු ඔවුන් ලුහුබැඳ එනු ඇත. එහෙත් පාරාවෝ ද ඔහුගේ මුළු හමුදාව ද හේතු කොට මම ගෞරව මහිම ලබන්නෙමි. එවිට, මා ස්වාමින්වහන්සේ වග ඊජිප්තුවරුන් දැනගනු ඇතැ” යි පැවසූ සේක. එබැවින් ඉශ්රායෙල්වරු එසේ කළහ.
නික්මයාම 14:3-4 Sinhala Revised Old Version (SROV)
ඵාරාවෝද: ඔව්හු දේශයෙහි මංමුළාවී සිටිති, ඔව්හු කාන්තාරයට අසුවී සිටිතියි ඉශ්රායෙල් පුත්රයන් ගැන කියනවා ඇත. මම ඵාරාවෝගේ සිත දැඩිකරන්නෙමි, ඔහු ඔවුන් ලුහුබැඳ එන්නේය; මම ඵාරාවෝ සහ ඔහුගේ මුළු සේනාව කරණකොටගෙන ගෞරව ලබන්නෙමි; මිසරවරු මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නෝයයි කීසේක. ඔව්හු එසේ කළෝය.
නික්මයාම 14:3-4 Sinhala New Revised Version (NRSV)
‘ඉශ්රායෙල් ජනයා රටේ ඔබමොබ යමින් ද පාළුකරයට මැදි ව සිටිමින් ද ඇතැ’යි පාරාවෝ සිතනු ඇත. මම පාරාවෝගේ සිත දැඩි කරමි. ඔහු ඔවුන් ලුහුබැඳ එනු ඇත. එහෙත්, පාරාවෝ සහ ඔහුගේ සියලු හමුදාවන් පරාජය කිරීමෙන් මම ගෞරවය සලසා ගනිමි. මෙයින් මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය”යි වදාළ සේක. ඉශ්රායෙල් ජනතාව එලෙස ම කළහ.
නික්මයාම 14:3-4 Sinhala New Revised Version 2018 (SNRV)
‘ඉශ්රායෙල් ජනයා රටේ ඔබමොබ යමින් ද පාළුකරයට මැදි ව සිටිමින් ද ඇතැ’යි පාරාවෝ සිතනු ඇත. මම පාරාවෝගේ සිත දැඩි කරමි. ඔහු ඔවුන් ලුහුබැඳ එනු ඇත. එහෙත්, පාරාවෝ සහ ඔහුගේ සියලු හමුදාවන් පරාජය කිරීමෙන් මම ගෞරවය සලසා ගනිමි. මෙයින් මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය”යි වදාළ සේක. ඉශ්රායෙල් ජනතාව එලෙස ම කළහ.
නික්මයාම 14:3-4 New International Version (NIV)
Pharaoh will think, ‘The Israelites are wandering around the land in confusion, hemmed in by the desert.’ And I will harden Pharaoh’s heart, and he will pursue them. But I will gain glory for myself through Pharaoh and all his army, and the Egyptians will know that I am the LORD.” So the Israelites did this.