නික්මයාම 14:26-28
නික්මයාම 14:26-28 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “මුහුදට ඔබේ අත දිගු කරන්න; ඊජිප්තුවරුන් පිටත්, ඔවුන්ගේ යුද්ධ රථ හා අසරුවන් පිටත් ජලය ආපසු එන පිණිස යැ” යි කී සේක. එබැවින් මෝසෙස් තම අත මුහුදට දිගු කළේ ය. දවස උදා වෙද්දී මුහුද යළි පෙර තිබූ තැනට ම ගලා ආවේ ය. ඊජිප්තුවරුන් එයින් පලා යෑමට තැත් දැරූ නමුදු, ස්වාමින්වහන්සේ ඔවුන් මුහුද මැදට ගසා යැවූ සේක. ජල කඳ ආපසු ගලා අවුත්, යුද්ධ රථ හා අසරුවන් ද ඇතුළු පාරාවෝගේ සමස්ත හමුදාව යට කර දැමී ය. ඉශ්රායෙල්වරුන් පසු පස මුහුදට පැමිණි ඔවුන්ගෙන් එකකුවත් ඉතිරි නො වී ය.
නික්මයාම 14:26-28 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ජලය මිසරවරුන් පිටද ඔවුන්ගේ රථ සහ අසරුවන් පිටද හැරී එන පිණිස නුඹේ අත මුහුද කෙරෙහි දිගුකරන්නැයි කීසේක. මෝසෙස් තමාගේ අත මුහුද කෙරෙහි දිගුකෙළේය, පහන්වූ කල මුහුද එහි නියම ස්වභාවයට හැරුණේය; මිසරවරු ඒ ඉදිරියට දිවගියෝය; ස්වාමීන්වහන්සේ මිසරවරුන් මුහුද මැද හෙළාදැමූසේක. ජලය හැරී ඇවිත් රථද අසුරුවන්ද එසේය, ඔවුන් පස්සේ මුහුදට ගියාවූ ඵාරාවෝගේ මුළු සේනාව වසාගත්තාය; ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොවීය.
නික්මයාම 14:26-28 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ මෝසෙස් අමතමින්, “මිසර වාසීන් පිට ද ඔවුන්ගේ රථ හා අසරුවන් පිට ද ජලය ආපසු ගලන ලෙස මුහුද දෙසට නුඹේ අත දිගු කරන්නැ”යි වදාළ සේක. ඔහු මුහුද දෙසට තම අත දිගු කෙළෙන් පහන් වූ විට ජලය ආපසු පෙර තිබුණ මට්ටමට ම ගැලී ය. මිසර වැසියෝ පලා යන්නට උත්සාහ කරන්නෝ මූද මැදට ම දිවූ හ. සමිඳාණන් වහන්සේ ඔවුන් මුහුද මැද හෙළාදැමූ සේක. ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ මුහුදට පැමිණි යුද්ධ රථ ද අසරුවෝ ද පාරාවෝගේ මුළු හමුදාව ද ආපසු ගලා ආ ජලයට යට වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය.
නික්මයාම 14:26-28 Sinhala New Revised Version 2018 (SNRV)
උන් වහන්සේ මෝසෙස් අමතමින්, “මිසර වාසීන් පිට ද ඔවුන්ගේ රථ හා අසරුවන් පිට ද ජලය ආපසු ගලන ලෙස මුහුද දෙසට නුඹේ අත දිගු කරන්නැ”යි වදාළ සේක. ඔහු මුහුද දෙසට තම අත දිගු කෙළෙන් පහන් වූ විට ජලය ආපසු පෙර තිබුණ මට්ටමට ම ගැලී ය. මිසර වැසියෝ පලා යන්නට උත්සාහ කරන්නෝ මූද මැදට ම දිවූ හ. සමිඳාණන් වහන්සේ ඔවුන් මුහුද මැද හෙළාදැමූ සේක. ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ මුහුදට පැමිණි යුද්ධ රථ ද අසරුවෝ ද පාරාවෝගේ මුළු හමුදාව ද ආපසු ගලා ආ ජලයට යට වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය.
නික්මයාම 14:26-28 New International Version (NIV)
Then the LORD said to Moses, “Stretch out your hand over the sea so that the waters may flow back over the Egyptians and their chariots and horsemen.” Moses stretched out his hand over the sea, and at daybreak the sea went back to its place. The Egyptians were fleeing toward it, and the LORD swept them into the sea. The water flowed back and covered the chariots and horsemen—the entire army of Pharaoh that had followed the Israelites into the sea. Not one of them survived.