නික්මයාම 14:13-16
නික්මයාම 14:13-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් මෝසෙස් ජනතාවට පිළිතුරු දෙමින්, “භය වන්න එපා; ස්ථාවර ව සිටින්න. ස්වාමින්වහන්සේ අද දවසේ ඔබට සලසා දෙන ගැලවීම බලා සිටින්න. අද ඔබ දකින මේ ඊජිප්තුවන්, යළි කිසි දින ඔබට දකින්නට ලැබෙන්නේ නැත. ස්වාමින්වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. ඔබ කළ යුත්තේ නිශ්චල ව සිටීම පමණකැ” යි කීවේ ය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “කුමට ද නුඹ මට මොර ගසන්නේ? ඉදිරියට යන්නැයි ඉශ්රායෙල් ජනයාට කියන්න. ඔබේ සැරයටිය ඔසවා, ඔබේ අත මුහුදට දිගු කර, ජලය දෙබෑ කරන්න. එවිට ඉශ්රායෙල් ජනයාට මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් ගත හැකි වනු ඇත.
නික්මයාම 14:13-16 Sinhala Revised Old Version (SROV)
මෝසෙස්ද: භයනොවන්න, නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ අද නුඹලාට සිදුකර දෙන ගැළවීම බලන්න. මක්නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදක්නහුය. ස්වාමීන්වහන්සේ නුඹලා උදෙසා සටන්කරනසේක, නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනඟට කීවේය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ කුමක්හෙයින් මට මොරගසන්නෙහිද? ඉශ්රායෙල් පුත්රයන්ට ඉදිරියට යන්ට කියන්න. නුඹේ සැරයටිය ඔසවා නුඹේ අත මුහුද කෙරෙහි දිගුකොට ඒක බෙදන්න. ඉශ්රායෙල් පුත්රයෝ මුහුද මැදට වියළි භූමිය පිට යන්නෝය.
නික්මයාම 14:13-16 Sinhala New Revised Version (NRSV)
මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, “බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය. උන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. ඔබ නිශ්චල ව සිටිය යුතු ය”යි කී ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මට මොරගසන්නේ මන් ද? ඉශ්රායෙල් ජනයාට ‘ඉදිරියට යන්නැ’යි කියන්න. තවද, ඔවුන්ට මුහුද මැදින් වියළි බිම දිගේ යන්න හැකි වන පරිදි ඔබ ද ඔබේ සැරයටිය ඔසවා, අත මුහුද දෙසට දිගු කොට මුහුද දෙබෑ කරවන්න.
නික්මයාම 14:13-16 Sinhala New Revised Version 2018 (SNRV)
මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, “බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය. උන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. ඔබ නිශ්චල ව සිටිය යුතු ය”යි කී ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මට මොරගසන්නේ මන් ද? ඉශ්රායෙල් ජනයාට ‘ඉදිරියට යන්නැ’යි කියන්න. තවද, ඔවුන්ට මුහුද මැදින් වියළි බිම දිගේ යන්න හැකි වන පරිදි ඔබ ද ඔබේ සැරයටිය ඔසවා, අත මුහුද දෙසට දිගු කොට මුහුද දෙබෑ කරවන්න.
නික්මයාම 14:13-16 New International Version (NIV)
Moses answered the people, “Do not be afraid. Stand firm and you will see the deliverance the LORD will bring you today. The Egyptians you see today you will never see again. The LORD will fight for you; you need only to be still.” Then the LORD said to Moses, “Why are you crying out to me? Tell the Israelites to move on. Raise your staff and stretch out your hand over the sea to divide the water so that the Israelites can go through the sea on dry ground.
