නික්මයාම 12:3-5
නික්මයාම 12:3-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙම මස දහ වන දින හැම මිනිසකු ම තම පවුල උදෙසා, එක ගෙදරකට එකකු වශයෙන්, බැටළු පැටවකු බැගින් ගත යුතු වග මුළු ඉශ්රායෙල් ප්‍රජාවට ම පවසන්න. සම්පූර්ණ බැටළු පැටවකු සඳහා යම් ගෙදරක නිවැසියන් ගණනින් අඩු නම්, ඔවුන් තම ළඟ ම අසල්වැසි පවුලේ ගණන සැලකිල්ලට ගනිමින්, ඔවුන් සමඟ බෙදා ගත යුතු ය; බැටළු පැටවකු කී දෙනකු සඳහාදැයි නිගමන කළ යුත්තේ, එක් එක්කෙනා අනුභව කරන ප්‍රමාණය අනුව ය. ඔබ තෝරා ගත යුත්තේ කැළැල් රහිත, එක් අවුරුදු පිරිමි සතකු ය. බැටළු හෝ එළු හෝ යන සතකු තෝරා ගත හැකි ය.
නික්මයාම 12:3-5 Sinhala Revised Old Version (SROV)
නුඹලා ඉශ්‍රායෙල්ගේ මුළු හමුදාවට කථාකොට: මේ මාසේ දසවෙනි දිනදී ඔවුන්ගේ පියවරුන්ගේ පවුල් වශයෙන් පවුලකට බැටළු පැටවෙකු බැගින් එක එක අය බැටළු පැටවෙකු ගන්නේය. ඉදින් බැටළු පැටවෙකු කන්ට ගෙයි වැසියෝ මදිනම් ඔහුද ඔහුගේ ගේ ළඟ සිටින ඔහුගේ අසල්වාසියාද මිනිසුන්ගේ ගණන හැටියට එකෙකු ගන්නෝය; එක එක මනුෂ්‍යයා කන ප්‍රමාණයේ හැටියට බැටළු පැටවා සම්බන්ධව ගණන්කර ගනිත්වා. ඒ බැටළු පැටවා කැලලක් නැති අවුරුද්දක් වූ පිරිමි සතෙක් විය යුතුය. බැටළුවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ ඌ රැගෙන
නික්මයාම 12:3-5 Sinhala New Revised Version (NRSV)
නුඹලා මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, මෙසේ නිවේදනය කළ යුතු ය. ‘මේ මාසයේ දස වන දින, හැම මිනිසෙක් ම එක් ගෙදරකට බැටළු පැටවෙකු බැගින් පවුලකට බැටළු පැටවෙකු සපයාගත යුතු ය. යම් ගෙදරක වැසියන්ට එක බැටළු පැටවෙකු වැඩි නම් ඔවුන්, අසල්වැසි ගෙදර අයගේ සංබ්‍යාව අනුව, ඊට හවුල් කරගත යුතු ය. බැටළු පැටවා අනුභව කරන්නන්ගේ ගණන, ගිණිය යුත්තේ එක් එක්කෙනා අනුභව කරන ප්‍රමාණය අනුව ය. නුඹලා ගන්න බැටළු පැටවා කැළැල් රහිත, අවුරුද්දක් වයසැති පිරිමි සතෙකු විය යුතු ය. තවද, බැටළුවන් හෝ එළුවන් හෝ අතරෙන් එවැනි එකෙකු තෝරාගත හැකි ය.
නික්මයාම 12:3-5 Sinhala New Revised Version 2018 (SNRV)
නුඹලා මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, මෙසේ නිවේදනය කළ යුතු ය. ‘මේ මාසයේ දස වන දින, හැම මිනිසෙක් ම එක් ගෙදරකට බැටළු පැටවෙකු බැගින් පවුලකට බැටළු පැටවෙකු සපයාගත යුතු ය. යම් ගෙදරක වැසියන්ට එක බැටළු පැටවෙකු වැඩි නම් ඔවුන්, අසල්වැසි ගෙදර අයගේ සංබ්‍යාව අනුව, ඊට හවුල් කරගත යුතු ය. බැටළු පැටවා අනුභව කරන්නන්ගේ ගණන, ගිණිය යුත්තේ එක් එක්කෙනා අනුභව කරන ප්‍රමාණය අනුව ය. නුඹලා ගන්න බැටළු පැටවා කැළැල් රහිත, අවුරුද්දක් වයසැති පිරිමි සතෙකු විය යුතු ය. තවද, බැටළුවන් හෝ එළුවන් හෝ අතරෙන් එවැනි එකෙකු තෝරාගත හැකි ය.
නික්මයාම 12:3-5 New International Version (NIV)
Tell the whole community of Israel that on the tenth day of this month each man is to take a lamb for his family, one for each household. If any household is too small for a whole lamb, they must share one with their nearest neighbor, having taken into account the number of people there are. You are to determine the amount of lamb needed in accordance with what each person will eat. The animals you choose must be year-old males without defect, and you may take them from the sheep or the goats.