නික්මයාම 12:29-38

නික්මයාම 12:29-38 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මැදියම් රැයේ ස්වාමින්වහන්සේ ඊජිප්තුවේ සියලු කුලුඳුලන්ට, එනම් සිහසුන දැරූ පාරාවෝගේ කුලුඳුලා පටන්, දඟ ගෙයි සිරකරුවාගේ කුලුඳුලා දක්වා ද ඇති කරන සතුන්ගේ සියලු කුලුඳුලන්ට ද පහර දුන් සේක. පාරාවෝ ද ඔහුගේ සියලු නිලධාරීහු ද සියලු ඊජිප්තුවරු ද ඒ රැයේ නැගිටුණහ. ඊජිප්තුවෙහි මහා වැලපීමක් නැගිණි. මන්ද කිසිවකු හෝ නො මළ එක ගෙයකුදු නො වී ය. ඒ රෑ ම මෝසෙස් හා ආරොන් කැඳවූ පාරාවෝ, “නැගිටිනු! මගේ ජනයා වෙතින් ඉවත් ව යනු! නුඹ ඉල්ලා සිටි පරිදි නුඹත්, ඉශ්‍රායෙල්වරුනුත් ගොස්, ස්වාමින්වහන්සේට නමස්කාර කරනු. නුඹ කී පරිදි නුඹලාගේ එළු බැටළු හා ගව රංචු ද රැගෙන, යන්නට-යනු. මටත් ආශිර්වාද කරනු!” යි පැවසී ය. රටින් වහාම පිට ව යන ලෙස ඊජිප්තුවරු ඉශ්‍රායෙල් ජනයාට බල කළහ. “නැතහොත් අප සැවොම මැරී යතැ” යි ඔවුහු කීහ. එබැවින් ජනයා තමන් ඇනූ පිටි පිපෙන්නටත් පළමු, අනන බඳුන් පිටින් ම ගෙන, ඇඳුම්වලින් ඔතා, කර තබාගෙන ගියහ. ඉශ්‍රායෙල් ජනයා ඔවුන්ට මෝසෙස් කියා තිබූ පරිදි, ඊජිප්තුවරුන්ගෙන් රිදී බඩු ද රන් බඩු ද රෙදි පිළි ද ඉල්ලා ගෙන තිබිණ. ස්වාමින්වහන්සේ ඊජිප්තුවරුන් හමුවේ ජනයාට ප්‍රසාදය ලැබෙන්නට සලසා තිබූ බැවින්, ඔවුන් ඉල්ලූ දෑ ඊජිප්තුවරු ඔවුන්ට දුන්හ. මෙසේ ඔවුහු ඊජිප්තුවරුන්ගෙන් කොල්ල කෑහ. ඉශ්‍රායෙල්වරු රාමසෙස් සිට සුක්කොත් දක්වා ගමන් ගත්හ. කාන්තාවන් හා ළමයින් හැර, පා ගමනේ යෙදුනු පිරිමි හය ලක්ෂයක් පමණ වූහ. මිශ්‍ර ජන සමූහයක් ද එළු බැටළු හා ගව ආදී මහත් සත්ව රංචු ද ඔවුන් සමඟ ගමන් ගත්හ.

නික්මයාම 12:29-38 Sinhala Revised Old Version (SROV)

තවද මධ්‍යම රාත්‍රියේදී ස්වාමීන්වහන්සේ, සිංහාසනය පිට හුන් ඵාරාවෝගේ කුලුඳුලා පටන් හිරගෙයි සිටි වහලාගේ කුලුඳුලා දක්වා මිසරයෙහි සියලු කුලුඳුලන්ටත් සිව්පාවුන්ගේ සියලු කුලුඳුලන්ටත් පහර දුන්සේක. ඵාරාවෝද ඔහුගේ සියලු මෙහෙකරුවෝද සියලු මිසරවරුද රාත්‍රියේ නැගුටුණෝය; මිසරයෙහි මහත් වැලපීමක් විය; මක්නිසාද මළ කෙනෙක් නැති ගෙයක් නොවීය. ඔහු රාත්‍රියේදී මෝසෙස්ද ආරොන්ද කැඳවා: නැගිට මාගේ සෙනඟ කෙරෙන් නුඹලාත් ඉශ්‍රායෙල් පුත්‍රයොත් නික්ම ගොස් නුඹලා කී ලෙස ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න. නුඹලා කී ලෙස නුඹලාගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද රැගෙන යන්න; මටත් ආශීර්වාද කරන්නැයි කීවේය. මිසරවරු: අපි සියල්ලෝම මළ තැනැත්තෝ වමුව කියා සෙනඟ දේශයෙන් ඉක්මනින් යවන පිණිස ඔවුන්ට බලකළෝය. එබැවින් සෙනඟ තමන්ගේ අනාපු පිටි පිපෙන්ට පළමුවෙන් ඒවා අනන ඔරු තමන්ගේ ඇඳුම්වලින් ඔතා කරේ තබාගත්තෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ගේ වචනය ලෙස කරමින් මිසරවරුන්ගෙන් රිදීබඩුත් රත්රන් බඩුත් වස්ත්‍රත් ඉල්ලා ගත්තෝය. ස්වාමීන්වහන්සේ මිසරවරුන්ගෙන් සෙනඟට කරුණාව ලබාදුන් බැවින් ඔව්හු ඔවුන් ඉල්ලූ දේ දුන්නෝය. මෙසේ ඔව්හු මිසරවරුන්ගේ වස්තුව ගත්තෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ රාමෙසෙස්හි සිට සුකොත්ට ගමන්කළෝය, බාලයන් හැර පයින් ගියාවූ පුරුෂයෝ සලක්ෂයක් පමණ වූවෝය. ඔවුන් සමඟ මිශ්‍ර සමූහයක්ද එළු බැටළු රැළවල් හා ගව රැළවල් යන සිව්පාවුන් රාශියක්ද ගියෝය.

නික්මයාම 12:29-38 Sinhala New Revised Version (NRSV)

ඉන්පසු මධ්‍යම රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේ, සිහසුන් අරා සිටි පාරාවෝගේ කුලුඳුලා පටන් සිරගෙයි සිටි සිරකරුවාගේ කුලුඳුලා දක්වා, මිසර දේශයෙහි වසන කුලුඳුලන් සියල්ලන්ට සහ මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දුන් සේක. පාරාවෝ ද ඔහුගේ නිලධාරීහු ද මිසර වාසී සියල්ලෝ ද රාත්‍රියෙහි අවදි වූ හ. මිසරයේ මහා අඳෝනාවකි, මළ අයෙකු නැති ගෙයක් නො වී ය. එවිට පාරාවෝ රාත්‍රියේ දී ම මෝසෙස් හා ආරොන් කැඳවා, “නුඹලා සහ ඉශ්රායෙල් ජනයා නැඟිට, මාගේ සෙනඟ කෙරෙන් පලා ගොස්, නුඹලා කී පරිදි සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්න. තවද, නුඹලා කිවූ පරිදි නුඹේ එළු බැටළු ගව පට්ටි ද රැගෙන යන්න. මට ද ආශීර්වාද කරන්නැ”යි කී ය. “නැතහොත් අප හැම දෙන ම මැරෙන්නට පුළුවනැ”යි කියමින්, මිසර වැසියෝ ඉශ්රායෙල් ජනයාට වහා රටින් පිට වන ලෙස බල කළහ. එවිට සෙනඟ ඇනූ පිටි පිපෙන්න කලින් ගෙන, තමන්ගේ පිටි අනන හට්ටි ද තම ඇඳුම්වල ඔතාගෙන කරේ තබාගත්හ. ඉශ්රායෙල් ජනයා මෝසෙස් කී ලෙස කරමින්, මිසර වැසියන්ගෙන් රන් රිදී ආභරණ හා ඇඳුම් ඉල්ලාගත්හ. සමිඳාණන් වහන්සේ මිසර වැසියන්ගෙන් තම සෙනඟට අනුග්‍රහය ලබා දුන් හෙයින් ඔව්හු ඉල්ලූ දේ දුන්හ. මෙලෙස ඉශ්රායෙල් ජනයා මිසර වැසියන්ගේ වස්තුව කොල්ලකාගත්හ. ඉන්පසු ඉශ්රායෙල් ජනයා රාමෙසෙස් නුවර සිට සුක්කොත් දක්වා ගමන් කළහ. දරුවන් හා ස්ත්‍රීන් හැර, පයින් ගිය පුරුෂයෝ ම හයලක්ෂයක් පමණ වූ හ. තවද, නා නා විධ විශාල සෙනඟක් ද ඔවුන්ට එකතු වී ගමන්ගත්හ. එළු බැටළු හා ගව පට්ටි ද සත්තු සිව්පාවෝ ද විශාල ගණනක් රංචු රංචු පිටින් ගියහ.

නික්මයාම 12:29-38 Sinhala New Revised Version 2018 (SNRV)