නික්මයාම 12:21-27

නික්මයාම 12:21-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉන්පසු මෝසෙස් ඉශ්‍රායෙල් වැඩිහිටි හැම දෙනා කැඳවා, ඔවුන් අමතමින්, “දැන් ම ගොස්, ඔබේ පවුල්වලට අනුකූලව බැටළු පැටවුන් තෝරා ගෙන, පාස්කු බැටළුවා මරන්න. හිසොප් ඉත්තක් ගෙන, බඳුනේ ඇති ලෙයෙහි එය ගිල්වා, උළුවහු කඳ දෙකේ හා එහි උඩු කෙළවරේ ලේ ගාන්න. නුඹලාගෙන් කිසිවකු හෝ උදය වන තෙක්, තම ගෙයින් පිටතට නො යා යුතුයි. ඊජිප්තුවරුන්ට පහර දීමට ස්වාමින්වහන්සේ දේශය ඔස්සේ ගමන් ගනිද්දී, උළුවහු කඳේ මුඳුනත හා එහි කඳ දෙකේ ලේ දැක එම දොරකඩ පසු කර යන සේක්, ඔබේ ගෙවලට වැද, ඔබට පහර දෙන්නට විනාශකයාට ඉඩ නො දෙන සේක. “මෙම පිළිවෙත ඔබත්, ඔබේ දරු පරපුරත් නිත්‍ය නියෝගයක් වශයෙන් පිළිපැදිය යුතු ය. උන්වහන්සේ පොරොන්දු වූ පරිදි, ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයට ඔබ ඇතුල් වූ කල, මෙම පිළිවෙත පිළිපැදිය යුතු ය. ‘මෙම පිළිවෙතින් කුමක් අදහස් කෙරේ දැ?’ යි ඔබගේ දරුවන් ඔබෙන් ඇසූ කල, ඔබ කිව යුත්තේ, ‘මෙය ස්වාමින්වහන්සේගේ පාස්කු යාග පූජාව ය. මන්ද උන්වහන්සේ ඊජිප්තුවරුන්ට පහර දුන් අවස්ථාවේ, ඊජිප්තුවේ ඉශ්‍රායෙල්වරුන්ගේ නිවෙස් පසු කර ගිය සේක්, අපේ නිවෙස් ඉතිරි කළ සේක’ කියා” යැයි පැවසී ය. එවිට ජනයා හිස් බිමට නමා නමස්කාර කළහ.

නික්මයාම 12:21-27 Sinhala Revised Old Version (SROV)

එවිට මෝසෙස් ඉශ්‍රායෙල්ගේ සියලු වැඩිමහල්ලන් කැඳවා: නුඹලාගේ පවුල්වල හැටියට බැටළු වස්සන් තෝරාගෙන පාස්කු මංගල්‍යය පිණිස මරන්න. හිසොප් මිටියක් ගෙන ඒක තැටියේ තිබෙන ලෙයෙහි ගල්වා තැටියෙහි තිබෙන ලෙයින් උළුවස්සේ උඩ පඩිකඳේද කණු දෙකේද ඉසින්න; නුඹලා අතරෙන් කිසිවෙක් උදය වන තුරු තමන් ගෙයි දොරකඩින් පිට නොයා යුතුය. මක්නිසාද ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට පහරදෙන පිණිස දේශය මැදින් යනසේක; උන්වහන්සේ උළුවස්සේ උඩ පඩිකඳේද කණු දෙකේද ලේ දුටු කල්හි දොරකඩ පසුකර යනසේක, නුඹලාට පහරදෙන පිණිස නුඹලාගේ ගෙවලට ඇතුල්වෙන්ට විනාශකයාට ඉඩ නොදෙනසේක. මේ දෙය නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් සදාකාලේටම නියෝගයක් කොට පවත්වන්න. තවද ස්වාමීන්වහන්සේ පොරොන්දුවූ ලෙස නුඹලාට දෙන්නාවූ දේශයට නුඹලා පැමිණි කල්හි මේ මෙහෙය පවත්වන්න. තවද මේ මෙහෙයේ අදහස කිමෙක්දැයි නුඹලාගේ දරුවන් නුඹලාගෙන් අසන කල: ඒක නම් ස්වාමීන්වහන්සේගේ පාස්කුවය, උන්වහන්සේ මිසරවරුන්ට පහර දුන් කල මිසරයෙහි වූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෙවල් පසුකර ගොස් අපේ ගෙවල් ගලවාගත්සේකැයි කියයුතුයයි කීයේය. එවිට සෙනඟ හිස් නමා වැන්දෝය.

නික්මයාම 12:21-27 Sinhala New Revised Version (NRSV)

එවිට මෝසෙස් ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන් කැඳවා, ඔවුන්ට කතා කොට, “ඔබ ගොස් ඔබේ පවුල්වලට ප්‍රමාණ වන බැටළු පැටවෙකු බැගින් තෝරාගෙන, ඒ පාස්කු බැටළුවා මරන්න. ඉන්පසු හිසොප් කිනිත්තක් ගෙන තලියේ ඇති ලේවල එය ගල්වා, උළුවස්සේ උඩ ලීයේ හා දෙපස කණු දෙකෙහි තලියේ ඇති ලේ තවරන්න. උදය වන තෙක් ඔබගෙන් කිසිවකු තම ගෙයි දොරින් පිටතට නො යා යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ මිසරයට පහර දීමට දේශය මැදින් යන සේක. මෙසේ යද්දී උළුවස්සේ උඩ ලීයේ හා දෙපස කණුවල ලේ උන් වහන්සේ දකින විට, එම දොර පසු කොට ගොස් ඔබ මැරීමට, මාරක දූතයාට ඔබගේ ගෙවලට ඇතුළු වීමට ඉඩ නොදෙන සේක. තවද ඔබ, මේ පිළිවෙත, ඔබටත්, ඔබ දරුවන්ටත් සදහට ම දුන් නියෝගයක් වශයෙන් පිළිපැදිය යුතු ය. සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ පරිදි, උන් වහන්සේ ඔබට දෙන්න යන දේශයට ඔබ පැමිණි විට, එහිදීත් මේ පිළිවෙත පැවැත්විය යුතු ය. මේ පිළිවෙතේ තේරුම කුමක් ද කියා ඔබේ දරුවන් ඔබෙන් අසන විට ‘මෙය නම්, සමිඳාණන් වහන්සේගේ පාස්කු පූජාව ය. උන් වහන්සේ මිසරයට පහර දෙන විට, උන් වහන්සේ මිසර දේශයේ ඉශ්රායෙල් ජනයාගේ ගෙවල් පසු කොට ගොස් අපගේ ගෙවල් මිදූ සේකැ’යි කිව යුතු ය”යි පැවසී ය. එවිට සෙනඟ ද හිස නමා වැන්දෝ ය.

නික්මයාම 12:21-27 Sinhala New Revised Version 2018 (SNRV)