නික්මයාම 11:4-8
නික්මයාම 11:4-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෝසෙස් කතා කරමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘රැය මැදියමේ පමණ මම ඊජිප්තුව ඔස්සේ යන්නෙමි. ඊජිප්තුවේ හැම කුලුඳුලෙක් ම මියෙන්නේ ය. සිහසුනේ සිටින පාරාවෝගේ කුලුඳුලා පටන් ඇඹරුම් ගලේ වැඩ කරන දාසියගේ කුලුඳුලා දක්වා ද ගවයින්ගේ කුලුඳුල් සත්තු ද මියෙන්නෝ ය. ඊජිප්තු දේශය පුරා මහ විලාපයක්, මෙතෙක් කිසි කලෙක නො වූ විරූ, මතු කිසි කලෙක නො වන්නා වූ අන්දමේ විලාපයක් වන්නේ ය. එහෙත් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි, යම් මිනිසකුට හෝ යම් සතකුට හෝ එරෙහිව බල්ලකු පවා බුරන්නේ නැත.’ ස්වාමින්වහන්සේ ඊජිප්තුව හා ඉශ්‍රායෙල් අතර පැහැදිලි වෙනසක් කරන වග එවිට ඔබ දැනගනු ඇත. එකල ඔබගේ මේ සියලු නිලධාරීන් මා වෙත අවුත්, මා ඉදිරියේ වැඳ වැටෙමින්, ‘අනේ යන්න. ඔබත්, ඔබ පසු පස යන මුළු ජනතාවත් යන්නැ’ යි කියනු ඇත. ඉන්පසු මම පිටත් ව යන්නෙමි” යි පැවසී ය. ඉන්පසු මෝසෙස් උග්‍ර කෝපයෙන්, පාරාවෝ වෙතින් ඉවත් ව ගියේ ය.
නික්මයාම 11:4-8 Sinhala Revised Old Version (SROV)
මෝසෙස් කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මධ්‍යම රාත්‍රිය පමණේදී මම මිසරය මැදට යන්නෙමි. එවිට සිංහාසනයේ හිඳින ඵාරාවෝගේ කුලුඳුලා පටන් ඇඹරුම් ගල පිටිපස්සේ සිටින දාසියගේ කුලුඳුලා දක්වා මිසර දේශයෙහි සියලු කුලුඳුලෝද සිව්පාවුන්ගේ සියලු කුලුඳුලෝද නසින්නෝය. කිසි කලෙකත් නොතිබුණාවූද මතුත් නොවන්නාවූද ආකාර මහත් හැඬීමක් මුළු මිසර දේශයෙහි වන්නේය. එහෙත් මිසරවරුන් සහ ඉශ්‍රායෙල් අතරෙහි ස්වාමීන්වහන්සේ වෙනසක් කරන බව නුඹලා දැන ගන්නා පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කිසි මනුෂ්‍යයෙකුටවත් මෘගයෙකුටවත් විරුද්ධව බල්ලෙක් පවා උගේ දිව නොසොල්වන්නේයයි කීසේක. ඔබගේ මේ සියලු සේවකයෝද මා වෙතට අවුත් මට වැඳ වැටී: නුඹත් නුඹ අනුව යන මුළු සෙනඟත් ගිය මැනවැයි කියන්නෝය. ඉන්පසු යන්නෙමියි කීවේය. මෙසේ කියා ඔහු තද කෝපයෙන් ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියේය.
නික්මයාම 11:4-8 Sinhala New Revised Version (NRSV)
එවිට මෝසෙස් පාරාවෝට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: ‘මධ්‍යම රාත්‍රිය පමණේ දී මම මිසර දේශය මැදින් යන්නෙමි. සිහසුන් අරා සිටින පාරාවෝගේ කුලුඳුල් පුත්‍රයා පටන් ඇඹරුම් ගල පිටුපස සිටින සේවිකාවගේ කුලුඳුලා දක්වා, මිසර දේශයේ සිටින සියලු කුලුඳුලන් මැරෙනු ඇත. මෘගයන්ගේ කුලුඳුලෝ ද මැරෙන්නෝ ය. මිසර දේශය පුරා මෙතෙක් නො වූ විරූ මතු ද නො වන මහා අඳෝනාවක් ඇති වන්නේ ය. එහෙත් ඉශ්රායෙල් ජනයා අතර මිනිසෙකුට වත්, මෘගයෙකුට වත් විරුද්ධ ව බල්ලෙකු පවා බුරන්නේ නැත. සමිඳාණන් වහන්සේ වන මා මිසර වැසියන් හා ඉශ්රායෙල් ජනයා අතර වෙනසක් ඇති කළ බව මේ කාරණයෙන් නුඹලා දැනගන්නහු ය. එවිට ඔබේ මේ නිලධාරීහු සියලු දෙනා මා වෙත අවුත් මා හමුවෙහි වැඳ වැටී, ‘නුඹ, නුඹේ පිරිවර සමඟ පලා යනු’යි කියනු ඇත. ඉන්පසු මම නික්ම යන්නෙමි”යි කී ය. මෙසේ කී පසු මෝසෙස් උදහසින් දිළිහෙමින් පාරාවෝ වෙතින් නික්ම ගියේ ය.
නික්මයාම 11:4-8 Sinhala New Revised Version 2018 (SNRV)

නික්මයාම 11:4-8 New International Version (NIV)
So Moses said, “This is what the LORD says: ‘About midnight I will go throughout Egypt. Every firstborn son in Egypt will die, from the firstborn son of Pharaoh, who sits on the throne, to the firstborn son of the female slave, who is at her hand mill, and all the firstborn of the cattle as well. There will be loud wailing throughout Egypt—worse than there has ever been or ever will be again. But among the Israelites not a dog will bark at any person or animal.’ Then you will know that the LORD makes a distinction between Egypt and Israel. All these officials of yours will come to me, bowing down before me and saying, ‘Go, you and all the people who follow you!’ After that I will leave.” Then Moses, hot with anger, left Pharaoh.