නික්මයාම 10:7 - Compare All Versions
නික්මයාම 10:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට පාරාවෝගේ නිලධාරීහු ඔහු අමතමින්, “තව කොතෙක් කලක් මේ මිනිහා අපට මලපතක් වන්නේ ද? ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට නමස්කාර කරන්නට, ඒ මිනිසුන්ට යන්නට හරින්න. ඊජිප්තුව විනාශ වන සැටි තවමත් ඔබට වැටහෙන්නේ නැති දැ?” යි කීහ.
නික්මයාම 10:7 SROV (Sinhala Revised Old Version)
ඵාරාවෝගේ මෙහෙකරුවෝ: මේ මනුෂ්‍යයා කොතෙක් කල් අපට මල පතක් වන්නේද? ඒ මනුෂ්‍යයන් තමන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන පිණිස යන්ට හැරිය මැනවි. මිසරය විනාශවී තිබෙන බව ඔබ තවම නොදන්නෙහිදැයි කීවෝය.
නික්මයාම 10:7 NRSV (Sinhala New Revised Version)
එවිට පාරාවෝගේ නිලධාරීහු ඔහු අමතමින්, “මේ මිනිසා කෙතරම් කාලයක් අපට හිරිහැර කරන්න යන්නේ ද? ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන පිණිස සෙනඟට යන්න හරින්න, මිසරය වැනසී යන බව ඔබ නොදන්නෙහි දැ”යි ඇසූ හ.
නික්මයාම 10:7 SNRV (Sinhala New Revised Version 2018)
එවිට පාරාවෝගේ නිලධාරීහු ඔහු අමතමින්, “මේ මිනිසා කෙතරම් කාලයක් අපට හිරිහැර කරන්න යන්නේ ද? ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන පිණිස සෙනඟට යන්න හරින්න, මිසරය වැනසී යන බව ඔබ නොදන්නෙහි දැ”යි ඇසූ හ.
නික්මයාම 10:7 NIV (New International Version)
Pharaoh’s officials said to him, “How long will this man be a snare to us? Let the people go, so that they may worship the LORD their God. Do you not yet realize that Egypt is ruined?”