නික්මයාම 1:5-14
නික්මයාම 1:5-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යාකොබ්ගේ පරපුරේ සියල්ලෝ ගණනින් හැත්තෑ දෙනෙකි. යෝසෙප් ඒ වන විටත් සිටියේ ඊජිප්තුවේ ය. කල්යෑමේදී යෝසෙප් ද ඔහුගේ සහෝදරයින් සැවොම ද යන ඒ පරපුරේ සියල්ලෝ මියැදුණෝ ය. එහෙත් ඉශ්‍රායෙල්වරු සඵල වී, බෙහෙවින් වැඩි වර්ධන වූවෝ, දේශය ඔවුන්ගෙන් පිරී යන තරමට ගණනින් ඉතා අධික වූහ. මේ අතර, යෝසෙප් පිළිබඳ අවබෝධයක් නො වූ අලුත් රජෙක්, ඊජිප්තුවේ බලයට පත් විය. ඔහු තම ජනයා අමතමින්, “බලන්න! මේ ඉශ්‍රායෙල් ජනයා අපටත් වඩා ගණනින් වැඩි වී, බලවත් වෙලා. එමු! අප ඔවුන් සමඟ සිහි-නුවණින් ක්‍රියා කළ යුතුයි. නැතහොත් ඔවුන් තවත් වැඩි වේවි. යුද්ධයක් ආවොත්, ඔවුන් අපේ සතුරන් සමඟ එක් වී, අපට එරෙහිව සටන් වැද, දේශයෙන් පිට වී යනු ඇතැ” යි පැවසී ය. එබැවින්, බර වැඩ පටවා, ඔවුන් පීඩාවට පත් කරන පිණිස, ඔවුහු වැඩ විදානේවරුන් පත් කළහ. ඉශ්‍රායෙල්වරු මෙසේ පාරාවෝ උදෙසා පිතොම් හා රාමසෙස් යන ගබඩා නුවරවල් ගොඩ නැගූහ. එහෙත් පීඩා කරනු ලැබීම වැඩි වන තරමට ඔවුහු වඩ වඩා වර්ධන වෙමින්, පැතිරුණහ. ඊජිප්තුවරු, ඉශ්‍රායෙල්වරුන් ගැන භීතියට පත් වූවාහු, ඉශ්‍රායෙල්වරුන් නිර්දය ලෙස බර වැඩෙහි යෙදවූහ. ඔවුහු ඉශ්‍රායෙල්වරුන්ට ජීවිතය තිත්ත කරවමින්, මැටි වැඩ, ගඩොල් වැඩ හා වතු පිටිවල සියලු වැඩ යන බර වැඩෙහි ඔවුන් යෙදවූහ. ඊජිප්තුවරුන් මේ සියලු බර වැඩ ඔවුන්ට පැටවූයේ දයා විරහිත ව ය.
නික්මයාම 1:5-14 Sinhala Revised Old Version (SROV)
යාකොබ්ගේ කටියෙන් උපන් සියල්ලෝ සැත්තෑ දෙනෙක්ය. යෝසෙප් මිසරයට ගොස් සිටියේය. යෝසෙප්ද ඔහුගේ සියලු සහෝදරයෝද ඒ මුළු පරම්පරාවද මළෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ සඵලව බොහෝසේ වැඩි වෙමින් බෝවී අතිශයින් බලවත්වූවෝය; දේශය ඔවුන්ගෙන් පිරුණේය. තවද යෝසෙප් නාඳුනන අලුත් රජෙක් මිසරය කෙරෙහි පත්වුණේය. ඔහු තමාගේ සෙනඟට කථාකොට: බලව, ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සෙනඟ අපට වඩා බොහෝව වඩා බලවත්ව සිටිති. එන්න, ඔවුන් බෝනොවන පිණිසත් යම් යුද්ධයක් සිදුවන කල අපේ සතුරන්ට එක්ව අපට විරුද්ධව සටන්කොට දේශයෙන් පිටවී නොයන පිණිසත් ඔවුන් සමඟ නුවණින් ක්‍රියාකරමුයයි කීවේය. එසේ හෙයින් ඔව්හු බරවැඩ පැවරීමෙන් ඔවුන්ට පීඩාකරන පිණිස ඔවුන් කෙරෙහි විධානවරුන් පත්කළෝය. ඔව්හු පිථොම් සහ රාම්සෙස් නම් ගබඩා නුවරවල් ඵාරාවෝ හට ගොඩනැගුවෝය. නුමුත් ඔවුන්ට පීඩාකරන්ට කරන්ට ඔව්හු වඩ වඩා බෝවී වඩ වඩා පැතිරගියෝය. මිසරවරු ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා බියපත්ව තද ලෙස මෙහෙකරන්ට ඔවුන්ට සැලැස්සුවෝය. ඔවුන් යෙදූ තද වැඩ වූ බදාම සහ ගඩොල් වැඩද කෙතෙහි සියලු ආකාර වැඩද ඔවුන් ලවා කෙරෙවු සියලු තදබල වැඩද කරණකොටගෙන ඔව්හු ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට තික්ත කළෝය.
නික්මයාම 1:5-14 Sinhala New Revised Version (NRSV)
ජාකොබ්ගේ පෙළපතින් පැවත ආ සියල්ලෝ හැත්තෑදෙනෙක් වූ හ. ජෝසෙප් එවකට මිසරයෙහි සිටියේ ය. කලකට පසු ජෝසෙප් ද, ඔහුගේ සහෝදරයෝ සියලු දෙන ද, ඒ මුළු පරපුර ද මළහ. එහෙත් ඉශ්රායෙල් ජනයා සමෘද්ධ වී, බොහෝ සේ වර්ධනය වී, ගණනින් ද වැඩි වී, අතිශයින් බලවත් වූයෙන්, ඔවුන්ගෙන් රට පිරී ගියේ ය. එකල ජෝසෙප් ගැන කිසිවක් නොදත් අලුත් රජෙක් සිංහාසනාරූඪ විය. ඔහු තම සෙනඟට කතා කොට, “බලන්න, ඉශ්රායෙල් ජනතාවගේ සෙනඟ අපට වඩා ගණනින් වැඩි වී, බලවත් ව, අපට තර්ජනයක් වී ඇත. දැන් ඉතින් කන් දෙන්න, ඔවුන්ගේ සංබ්‍යාව වැඩි වීම වළකන පිණිස අපි ඔවුන් සම්බන්ධයෙන් සිහි නුවණින් ක්‍රියා කරමු. යම් හෙයකින් යුද්ධයක් ඇති වුවහොත්, ඔවුන් ද අපේ සතුරන් සමඟ පෙරමුණු බැඳගෙන, අපට විරුද්ධ ව සටන් කොට රට පාලනය කරන්න පුළුවනැ”යි කී ය. එබැවින් ඔවුන්ගෙන් බර වැඩ ගෙන, ඔවුන්ට පීඩා කරන පිණිස ඔව්හු ඔවුන් කෙරෙහි විධායකයන් පත් කළහ. මෙලෙස ඉශ්රායෙල් ජනයා පාරාවෝ සඳහා, පීතොම් සහ රාමෙසෙස් යන ගබඩා-නගර ගොඩනැඟුවහු ය. එහෙත් පීඩා විඳින්න, විඳින්න ඔව්හු වඩ වඩා වැඩි වී, වර්ධනය වූ හ. මිසර දේශ වාසීහු ද ඉශ්රායෙල් සෙනඟට බිය වී, ඔවුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගත්හ. මෙලෙස කුඹල් කර්මාන්තය, ගඩොල් කර්මාන්තය හා කෙත්වල විවිධ කෘෂිකර්මාන්ත වැනි දරුණු වහල් මෙහෙවරින් ඔව්හු ඔවුන්ගේ ජීවිත දැරිය නොහැකි තත්ත්වයකට පත් කළහ. තවද, ඔව්හු ඔවුන්ගෙන් බලහත්කාරයෙන් සියලු ආකාර බර වැඩ ගත්හ.
නික්මයාම 1:5-14 Sinhala New Revised Version 2018 (SNRV)
ජාකොබ්ගේ පෙළපතින් පැවත ආ සියල්ලෝ හැත්තෑදෙනෙක් වූ හ. ජෝසෙප් එවකට මිසරයෙහි සිටියේ ය. කලකට පසු ජෝසෙප් ද, ඔහුගේ සහෝදරයෝ සියලු දෙන ද, ඒ මුළු පරපුර ද මළහ. එහෙත් ඉශ්රායෙල් ජනයා සමෘද්ධ වී, බොහෝ සේ වර්ධනය වී, ගණනින් ද වැඩි වී, අතිශයින් බලවත් වූයෙන්, ඔවුන්ගෙන් රට පිරී ගියේ ය. එකල ජෝසෙප් ගැන කිසිවක් නොදත් අලුත් රජෙක් සිංහාසනාරූඪ විය. ඔහු තම සෙනඟට කතා කොට, “බලන්න, ඉශ්රායෙල් ජනතාවගේ සෙනඟ අපට වඩා ගණනින් වැඩි වී, බලවත් ව, අපට තර්ජනයක් වී ඇත. දැන් ඉතින් කන් දෙන්න, ඔවුන්ගේ සංබ්‍යාව වැඩි වීම වළකන පිණිස අපි ඔවුන් සම්බන්ධයෙන් සිහි නුවණින් ක්‍රියා කරමු. යම් හෙයකින් යුද්ධයක් ඇති වුවහොත්, ඔවුන් ද අපේ සතුරන් සමඟ පෙරමුණු බැඳගෙන, අපට විරුද්ධ ව සටන් කොට රට පාලනය කරන්න පුළුවනැ”යි කී ය. එබැවින් ඔවුන්ගෙන් බර වැඩ ගෙන, ඔවුන්ට පීඩා කරන පිණිස ඔව්හු ඔවුන් කෙරෙහි විධායකයන් පත් කළහ. මෙලෙස ඉශ්රායෙල් ජනයා පාරාවෝ සඳහා, පීතොම් සහ රාමෙසෙස් යන ගබඩා නගර ගොඩනැඟුවහු ය. එහෙත් පීඩා විඳින්න, විඳින්න ඔව්හු වඩ වඩා වැඩි වී, වර්ධනය වූ හ. මිසර දේශ වාසීහු ද ඉශ්රායෙල් සෙනඟට බිය වී, ඔවුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගත්හ. මෙලෙස කුඹල් කර්මාන්තය, ගඩොල් කර්මාන්තය හා කෙත්වල විවිධ කෘෂිකර්මාන්ත වැනි දරුණු වහල් මෙහෙවරින් ඔව්හු ඔවුන්ගේ ජීවිත දැරිය නොහැකි තත්ත්වයකට පත් කළහ. තවද, ඔව්හු ඔවුන්ගෙන් බලහත්කාරයෙන් සියලු ආකාර බර වැඩ ගත්හ.
නික්මයාම 1:5-14 New International Version (NIV)
The descendants of Jacob numbered seventy in all; Joseph was already in Egypt. Now Joseph and all his brothers and all that generation died, but the Israelites were exceedingly fruitful; they multiplied greatly, increased in numbers and became so numerous that the land was filled with them. Then a new king, to whom Joseph meant nothing, came to power in Egypt. “Look,” he said to his people, “the Israelites have become far too numerous for us. Come, we must deal shrewdly with them or they will become even more numerous and, if war breaks out, will join our enemies, fight against us and leave the country.” So they put slave masters over them to oppress them with forced labor, and they built Pithom and Rameses as store cities for Pharaoh. But the more they were oppressed, the more they multiplied and spread; so the Egyptians came to dread the Israelites and worked them ruthlessly. They made their lives bitter with harsh labor in brick and mortar and with all kinds of work in the fields; in all their harsh labor the Egyptians worked them ruthlessly.