නික්මයාම 1:15-21
නික්මයාම 1:15-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ඊජිප්තු රජ, ෂිෆ්රා හා පූවා යන හෙබ්‍රෙව් වින්නඹුවනට කතා කොට, “නුඹලා හෙබ්‍රෙව් ස්ත්‍රීන්ට වින්නඹුකම් කරන විට ප්‍රසූති යහනේදී විපරමින් බලා, පිරිමි දරුවකු නම් මරා දමනු; නමුත් ගැහැනු දරුවකු නම් ජීවත් වුණා වේ” යි කීවේ ය. එහෙත් වින්නඹුවෝ දෙවියන්වහන්සේට භය පක්ෂපාතී වූවෝ, ඊජිප්තු රජු තමන්ට කී දේ නො කොට, පිරිමි දරුවන්ට ද ජීවත් වන්නට ඉඩ හළහ. එවිට ඊජිප්තු රජ වින්නඹුවන් කැඳවා, ඔවුන් අමතමින්, “ඇයි, නුඹලා මෙහෙම කළේ? පිරිමි ළමයින්ටත් ජීවත් වන්නට ඉඩ දුන්නේ ඇයි දැ?” යි ඇසී ය. වින්නඹුවෝ පාරාවෝට උත්තර දෙමින්, “හෙබ්‍රෙව් ස්ත්‍රීන්, ඊජිප්තු ස්ත්‍රීන් වාගේ නො වේ. ඔවුන් ශක්තිමත්; එබැවින් වින්නඹුවන් ළං වන්නට කලින් ඔවුහු ප්‍රසූත කරති” යි කීවෝ ය. එබැවින් දෙවියන්වහන්සේ වින්නඹුවන්ට කරුණා පෑ සේක. ජනයා වැඩි වී, ගණනින් ද අධික වන්නට වූහ. වින්නඹුවන් දෙවියන්වහන්සේට භය පක්ෂපාතී වූ නිසා, උන්වහන්සේ ඔවුන්ගේ ම වූ වංශයක් ඔවුන්ට දුන් සේක.
නික්මයාම 1:15-21 Sinhala Revised Old Version (SROV)
මිසරයේ රජතෙම ෂිප්රාද පුවාද නම්ලත් හෙබ්‍රෙව් වින්නඹුවන්ට කථාකොට: නුඹලා හෙබ්‍රෙව් ස්ත්‍රීන්ට වින්නඹුකම් කරන විට, ඔවුන් ප්‍රසූත යහනෙහි ඉන්නවා දකින කල්හි, පුතෙක්නම් ඔහු මරන්න; දුවක් නම් ඈ ජීවත්වුණාවේයයි කීවේය. එහෙත් වින්නඹුවෝ දෙවියන්වහන්සේට භයවෙමින් මිසරයේ රජු අණදුන් ලෙස නොකොට පිරිමි දරුවන් නොමරා ඉතුරු කළෝය. එවිට මිසරයේ රජ වින්නඹුවන් කැඳවා: කුමක්හෙයින් මේ දේ කොට පිරිමි දරුවන් නොමරා ඉතිරිකළහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. වින්නඹුවෝ: හෙබ්‍රෙව් ස්ත්‍රීහු මිසර ස්ත්‍රීන්ට සමාන නොවෙති; ඔව්හු ශක්තිමත් බැවින් වින්නඹුවන් ඔවුන් වෙතට එන්ට පළමුවෙන් වදතියි ඵාරාවෝට කීවෝය. ඒ නිසා දෙවියන්වහන්සේ වින්නඹුවන්ට කරුණාව පෙන්වූසේක. සෙනඟද බෝවී අතිශයින් බලවත්වූවෝය. තවද වින්නඹුවන් දෙවියන්වහන්සේට භයවූ බැවින් උන්වහන්සේ ඔවුන්ට වංශයක් සාදා දුන්සේක.
නික්මයාම 1:15-21 Sinhala New Revised Version (NRSV)
මිසර දේශයේ රජතුමා හෙබ්‍රෙව් වින්නඹුවන් වන ෂිප්රා හා පුවාට කතා කොට, “නුඹලා හෙබ්‍රෙව් ස්ත්‍රීන්ට වින්නඹුකම් කරන විට බිහිවන්නට යන්නේ පුතෙක් ද දුවක් ද කියා හොඳින් බලන්න; පුතෙක් නම් මරන්න. දුවක් නම් ඈ ජීවත් වුණා වේ” කියා පැවසී ය. එහෙත්, වින්නඹුවෝ දේව භය ඇති අය වූ නිසා මිසරයේ රජතුමා අණ කළ පරිදි ඉටු නොකොට, පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ හැරියා හ. එවිට රජතුමා වින්නඹුවන් කැඳවා, ඔවුන්ට කතා කොට, “නුඹලා මේ දේ කෙළේ මන් ද? පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ දුන්නේ ඇයි දැ”යි විචාළේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “හෙබ්‍රෙව් ස්ත්‍රීහු මිසර දේශීය ස්ත්‍රීන් මෙන් නොවෙති. ඔව්හු ශක්ති සම්පන්න ය. වින්නඹුවන් ඔවුන් වෙත එන්නට පෙර ඔව්හු ප්‍රසූත කරති”යි කී හ. දෙවියන් වහන්සේ වින්නඹුවන්ට මහා කරුණාව පෑ සේක. සෙනඟ ද සංබ්‍යාවෙන් වැඩි වී ඉතා බලසම්පන්න වූ හ. තවද, වින්නඹුවන් දේව භය ඇති අය වූ නිසා උන් වහන්සේ ඔවුන්ට දරුසම්පත් දුන් සේක.
නික්මයාම 1:15-21 Sinhala New Revised Version 2018 (SNRV)

නික්මයාම 1:15-21 New International Version (NIV)
The king of Egypt said to the Hebrew midwives, whose names were Shiphrah and Puah, “When you are helping the Hebrew women during childbirth on the delivery stool, if you see that the baby is a boy, kill him; but if it is a girl, let her live.” The midwives, however, feared God and did not do what the king of Egypt had told them to do; they let the boys live. Then the king of Egypt summoned the midwives and asked them, “Why have you done this? Why have you let the boys live?” The midwives answered Pharaoh, “Hebrew women are not like Egyptian women; they are vigorous and give birth before the midwives arrive.” So God was kind to the midwives and the people increased and became even more numerous. And because the midwives feared God, he gave them families of their own.