එස්තර් 9:20-23
එස්තර් 9:20-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මොර්දෙකයි මෙම සිද්ධීන් වාර්තා කරමින්, අහෂ්වේරොෂ් රජුගේ ප්‍රාන්ත මුළුල්ලෙහි ළඟ පාත මෙන් ම ඈත එපිට විසූ සියලු යුදෙව්වරුන්ට ලිපි ලියා යැවී ය. ඔහු ලියා යැවුවේ, අවුරුදු පතා අදාර් මස දාහතර වන දා හා පහළොස් වන දා උත්සව පවත්වන ලෙස ය. යුදෙව්වරුන් තම සතුරන්ගෙන් නිදහස ලද දවස් ලෙසින් ද ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත්, ඔවුන්ගේ වැලපීම ප්‍රීති උත්සව දිනයකටත් හැරුණු මාසය ලෙසින් ද සමරන ලෙස ය. එම දවස් උත්සව දවස් හා ප්‍රීතියේ දවස් ලෙස සැමරීමටත්, එකිනෙකාට ආහාර ත්‍යාග පිළිගන්වන ලෙස හා දුප්පතුන්ට තෑගි දෙන ලෙසත් ඔහු ලියා යැවී ය. මොර්දෙකයි විසින් ඔවුන්ට ලියා දැක් වූ උපදෙස් අනුව, යුදෙව් ජනයා තමන් ඇරඹූ එම උත්සව දිගට ම පැවැත්වීමට එකඟ වූහ.
එස්තර් 9:20-23 Sinhala Revised Old Version (SROV)
මොර්දෙකයිද මේ දේවල් ලියා අහෂ්වේරොෂ් රජුගේ සියලුම රටවල ළඟ හා දුර සිටි සියලු යුදෙව්වරුන්ට ලියුම් යවා, අදාර් මාසයේ දහහතරවෙනිදාත් පහළොස්වෙනිදාත් යුදෙව්වරුන් තමුන්ගේ සතුරන්ගෙන් නිදහස්වුණ දවස් කොටද ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත් ඔවුන්ගේ වැලපීම සන්තෝෂ දවසකටත් හැරුණු මාසය කොටද අවුරුදු පතා පවත්වමින්, ඒවා ප්‍රීතිමත්වූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ, දිළිඳුන්ට දන් දෙන්නාවූ මංගල්‍ය දවස් කරගන්ට කියා ඔවුන්ට නියමකෙළේය. යුදෙව්වරු වනාහි තමුන් පටන්ගත් ලෙසත් මොර්දෙකයි තමුන්ට ලියා ඇරිය ලෙසත් කරන්ට එකඟවුණෝය
එස්තර් 9:20-23 Sinhala New Revised Version (NRSV)
මොර්දෙකයි ද මේ සිද්ධීන් වාර්තාගත කර අහෂ්වේරොෂ් රජුගේ සියලු ම රටවල ළඟ හා දුර සිටි සියලු ජුදෙව්වරුන්ට ලියුම් යවමින්, වසරක් පාසා වසරක් අදාර් මාසයේ දහහතර වන දාත් පහළොස් වන දාත් උත්සව දිනයක් ලෙස පවත්වන්නට නියම කෙළේ ය. එසේ කෙළේ, ඒ දෙදවසේ දී, ජුදෙව්වරුන් නිදහස ලැබූ නිසාත්, ඒ මාසයේ දී ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත්, ඔවුන්ගේ දොම්නස සොම්නසටත් හැරුණ නිසාත් ය. ඒවා ප්‍රීතිමත්, එකිනෙකාට කෑම හා තෑගි යවන දිළිඳුන්ට දන් දෙන මංගල්‍ය දවස් ලෙස පවත්වන්නට යැයි ඔවුන්ට නියම කරන ලදී. එබැවින් ඔවුන් කරන්නට පටන්ගත් එම චාරිත්‍රය මොර්දෙකයි ඔවුන්ට ලියා එවූ අන්දමට ජුදෙව්වරු ඉන් පසුවත් කරන්නට එකඟ වූ හ.
එස්තර් 9:20-23 New International Version (NIV)
Mordecai recorded these events, and he sent letters to all the Jews throughout the provinces of King Xerxes, near and far, to have them celebrate annually the fourteenth and fifteenth days of the month of Adar as the time when the Jews got relief from their enemies, and as the month when their sorrow was turned into joy and their mourning into a day of celebration. He wrote them to observe the days as days of feasting and joy and giving presents of food to one another and gifts to the poor. So the Jews agreed to continue the celebration they had begun, doing what Mordecai had written to them.