එස්තර් 9:1-2
එස්තර් 9:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
රජුගේ නියෝගය හා ආඥාව ක්රියාත්මක කිරීමට නියමිත දොළොස් වන මාසයේ, අදාර් මාසයේ දහතුන් වන දිනය, එදින යුදෙව්වරුන් මැඬලීමට ඔවුන්ගේ සතුරන් බලාපොරොත්තු වූ දවස වුව ද, තත්වය අනෙක් අතට පෙරැළිණ; යුදෙව්වරු එය, තමන්ට වෛරකළවුන් මැඬලීමේ දවසකට හරවා ගත්හ. අහෂ්වේරොෂ් රජුගේ හැම ප්රාන්තයක ම යුදෙව්වරු, තමන් විනාශ කරන්නට සෙවූවන්ට පහර දෙන පිණිස, තම පුරවරයන්හි එක් රැස් වූහ. අන් හැම ජාතියකට ම අයත් ජනයා පිට යුදෙව්වරුන් කෙරේ වූ භයක් පතිත වූ බැවින් යුදෙව්වරුන්ට එරෙහිව නැගිටින්නට සමත් කිසිවකු හෝ නො වී ය.
එස්තර් 9:1-2 Sinhala Revised Old Version (SROV)
රජුගේ ආඥාව සහ නියෝගය ඉෂ්ටවීමට පැමින්නාවූ, යුදෙව්වරුන්ගේ සතුරන් ඔවුන් කෙරෙහි බලය පවත්වන්ට බලාපොරොත්තුව සිටි නුමුත් යුදෙව්වරුන්ම තමුන්ගේ වෛරකාරයන් කෙරෙහි බලය පවත්වන හැටියට කරුණු අනික් අතට හැරුණාවූ දවස වන අදාර් මාසය නම්වූ දොළොස්වෙනි මාසයේ දහතුන්වෙනිදා, යුදෙව්වරු තමුන්ට අනතුරු කරන්ට උපා යෙදූ අය පිට අත්හෙළන පිණිස අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල තමුන්ගේ නුවරවල රැස්වුණෝය. ඔවුන්ට විරුද්ධව සිටින්ට කිසිවෙකුට නුපුළුවන්විය; මක්නිසාද ඔවුන් නිසා භයක් සියලු ජනයන් පිට පැමුණුණේය.
එස්තර් 9:1-2 Sinhala New Revised Version (NRSV)
රජුගේ ආඥාවේ නියෝගය ක්රියාත්මක වන දිනය වන අදාර් නම් දොළොස් වන මාසයේ දහතුන් වන දිනය පැමිණියේ ය. ජුදෙව්වරුන්ගේ සතුරන් ඔවුන් සිය බලයට යටත් කරගැනීමට බලාපොරොත්තු වූ දිනය එය වූ නමුත්, එය ජුදෙව්වරුන් විසින් සිය සතුරන් යටත් කරගැනීමේ දිනයකට හරවාගන්නා ලදී. තමන්ට අනතුරු කරන්නට උපා යෙදූ අයට පහර දෙන පිණිස අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල ජුදෙව්වරු තම තමන්ගේ නගරවල රැස් වූ හ. සියලු ජනයා ඔවුන් කෙරෙහි බියපත් ව සිටි බැවින් ඔවුන්ට විරුද්ධ ව සිටින්නට කිසිවෙකුට නුපුළුවන් විය.
එස්තර් 9:1-2 New International Version (NIV)
On the thirteenth day of the twelfth month, the month of Adar, the edict commanded by the king was to be carried out. On this day the enemies of the Jews had hoped to overpower them, but now the tables were turned and the Jews got the upper hand over those who hated them. The Jews assembled in their cities in all the provinces of King Xerxes to attack those determined to destroy them. No one could stand against them, because the people of all the other nationalities were afraid of them.