අන්තර්ගතයට යන්න

එස්තර් 7:8 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 7:8 SROV (Sinhala Revised Old Version)

රජ මාලිගාවේ උයනෙන් මුද්‍රිකපාන ශාලාවට හැරී ආ විට හාමාන් එස්තර් උන් යහන පිට වැටී උන්නේය. එවිට රජ: ගෙයි මා ඉදිරිපිටදී ඔහු බිසවට බලාත්කාරකරන්ටත් යනවාදැයි කීවේය. මේ වචනය රජුගේ මුඛයෙන් නික්මුණු හැටියේම ඔව්හු හාමාන්ගේ මුහුණ වැසූහ.

එස්තර් 7 SROV

එස්තර් 7:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මාලිග උයනේ සිට රජු තමන් මිදි යුෂ පානය කළ ශාලාවට ආපසු පිවිසෙද්දී, එස්තර් හාන්සි වී සිටි කවිච්චිය මත හාමාන් වැටී සිටියේ ය. එවිට රජු, “මොහු බිසවුනට බලහත්කාරකම් කරන්නටත් යනවා ද! මගේ මාලිගයේ, මා ඉදිරිපිටදී ම!” යි මොර ගෑවේ ය. ඒ වචන රජුගේ මුවින් පිටවෙනවාත් සමඟ ම ඔවුහු හාමාන්ගේ මුහුණ ආවරණ කළහ.

එස්තර් 7 SCV

එස්තර් 7:8 NRSV (Sinhala New Revised Version)

රාජකීය උයනෙන් භෝජන ශාලාවට රජු හැරී ආ විට හාමාන් එස්තර් උන් යහන පිට වැටී උන්නේ ය. එවිට රජතුමා කතා කරමින්, “මාලිගාවේ මා ඉදිරිපිට දී මොහු රැජිනටත් බලහත්කාරකම් කරන්නට යන්නේ දැ”යි කීවේ ය. මේ වචනය රජුගේ මුඛයෙන් නික්මුණු හැටියේම නපුංසකයෝ හාමාන්ගේ මුහුණ වැසූ හ.

එස්තර් 7 NRSV

එස්තර් 7:8 NIV (New International Version)

Just as the king returned from the palace garden to the banquet hall, Haman was falling on the couch where Esther was reclining. The king exclaimed, “Will he even molest the queen while she is with me in the house?” As soon as the word left the king’s mouth, they covered Haman’s face.

එස්තර් 7 NIV