අන්තර්ගතයට යන්න

එස්තර් 7:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 7:4 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද මමත් මාගේ ජාතියත් නාස්තියටද මරාදැමීමටද විනාශයටද විකුණනු ලැබීමුව. දාස දාසීන් කොට අප වික්කා පමණක් නම් නිශ්ශබ්දව සිටින්නෙමි, නුමුත් එදිරිකාරයාට රජුගේ අලාභය පිරිමසාදෙන්ට නුපුළුවනැයි කීවාය.

එස්තර් 7 SROV

එස්තර් 7:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද මා හා මගේ ජනතාව විනාශයටත්, මරණයටත්, සමූලඝාතනයටත් විකුණනු ලැබ සිටින්නෙමු. අපි හුදෙක් ස්ත්‍රී හා පුරුෂ වහලුන් වශයෙන් විකුණනු ලැබීමු නම්, මට නිහඬ ව සිටින්නට තිබිණි. මක්නිසාද රජුට වන අලාභය අපගේ දුක් වේදනා හා සංසන්දනය කළ නො හැකි බැවිනි” යි කීවා ය.

එස්තර් 7 SCV

එස්තර් 7:4 NRSV (Sinhala New Revised Version)

මන්ද, මාගේ ජාතියත්, මාත් සමූලඝාතනයට ද මරණයට ද විනාශයට ද පාවා දී ඇත. අප පාවා දෙනු ලැබුවේ දාස දාසීන් වශයෙන් පමණක් නම්, මම නිශ්ශබ්ද වෙමි. එහෙත්, දැන් තිබෙන තත්ත්වය අනුව රජතුමාට වන අලාභ හානිය එදිරිකාරයාට වන හානිය හා සම කිරීමට නුපුළුවනැ”යි කීවා ය.

එස්තර් 7 NRSV

එස්තර් 7:4 NIV (New International Version)

For I and my people have been sold to be destroyed, killed and annihilated. If we had merely been sold as male and female slaves, I would have kept quiet, because no such distress would justify disturbing the king.”

එස්තර් 7 NIV