එස්තර් 6:12-14
එස්තර් 6:12-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු මොර්දෙකයි රජ වාසල වෙත ආපසු ආවේ ය. එහෙත් හාමාන් ශෝකයෙන් මුහුණ වසාගෙන, වහ වහා ගෙදර ගියේ ය. ඔහු තම බිරිඳ, සෙරෙෂ්ට හා ඔහුගේ සියලු මිතුරන්ට තමාට සිදු වූ හදිය පැවසී ය. එවිට ඔහුගේ උපදේශකයෝ හා ඔහුගේ බිරිඳ සෙරෙෂ් කතා කරමින්, “ඔබගේ වැටීම ඇරඹුණේ මේ යුදෙව් ජාතික මොර්දෙකයි ඉදිරියෙනි; ඔහුට එරෙහිව නැගී සිටින්නට ඔබට නො හැකි ය; ඔබේ පරිහානිය නියත යැ!” යි පැවසූහ. ඔවුන් කතා කරමින් සිටියදී ම රජුගේ නපුංසක නිලධාරීහු එහි පැමිණ, එස්තර් විසින් පිළියෙල කොට තිබූ භෝජන සංග්‍රහයට වහා ඔහු කැඳවාගෙන ගියහ.
එස්තර් 6:12-14 Sinhala Revised Old Version (SROV)
පසුව මොර්දෙකයි රජවාසලට හැරී ආවේය. නුමුත් හාමාන් වැලපෙමින් හිස වසාගෙන තමාගේ ගෙදරට ඉක්මනින් ගොස්, තමාට සිද්ධවූ සියල්ල තමාගේ භාර්යාවවූ සෙරෙෂ්ටද තමාගේ සියලු මිත්රයින්ටද කීවේය. එවිට ඔහුගේ උපදේශකයෝද ඔහුගේ භාර්යාවවූ සෙරෙෂ්ද ඔහුට කථාකොට: නුඹ මොර්දෙකයි ඉදිරියෙහි වැටෙන්ට පටන්ගත්තෙහිය, ඔහු යුදෙව් වංශයේ කෙනෙක් නම් ඔහුට විරුද්ධව සිටින්ට නුඹට බැරිවෙයි, ඔහු ඉදිරියෙහි නුඹ වැටෙනවාම ඇතැයි කීවෝය. ඔවුන් ඔහු සමඟ කථාකරද්දීම රජුගේ නපුංසකයෝ ඇවිත් එස්තර් පිළියෙළකළ මංගල්‍යයට හාමාන් කැඳවාගනයන්ට ඉක්මන්කළෝය.
එස්තර් 6:12-14 Sinhala New Revised Version (NRSV)
ඉන්පසු මොර්දෙකයි රජ වාසල් දොරටුව ළඟට හැරී ආවේ ය. එහෙත්, හාමාන් වැලපෙමින්, මුහුණ වසාගෙන තමාගේ ගෙදරට ඉක්මනින් ගොස් තමාට සිදු වූ සියල්ල තම බිරිඳ වන සෙරෙෂ්ට ද තමාගේ සියලු මිත්‍රයන්ට ද කීවේ ය. එවිට ඔහුගේ උපදේශකයෝ ද ඔහුගේ බිරිඳ වන සෙරෙෂ් ද ඔහුට කතා කොට, “ඔබ මොර්දෙකයි ඉදිරියෙහි පිරිහීයන්නට පටන්ගත්තෙහි ය. ඔහු ජුදෙව් වංශයේ කෙනෙක් නම්, ඔහුට විරුද්ධ ව සිටින්න ඔබට නොහැකි ය. ඔහු ඉදිරියෙහි ඔබ නිසැක ව පිරිහී වැටී ඇතැ”යි කී හ. ඔවුන් ඔහු සමඟ කතා කරද්දී ම රජුගේ නපුංසකයෝ අවුත් එස්තර් පිළියෙළ කළ මංගල භෝජනයට හාමාන් ඉක්මනින් කැඳවාගෙන ගියෝ ය.
එස්තර් 6:12-14 New International Version (NIV)
Afterward Mordecai returned to the king’s gate. But Haman rushed home, with his head covered in grief, and told Zeresh his wife and all his friends everything that had happened to him. His advisers and his wife Zeresh said to him, “Since Mordecai, before whom your downfall has started, is of Jewish origin, you cannot stand against him—you will surely come to ruin!” While they were still talking with him, the king’s eunuchs arrived and hurried Haman away to the banquet Esther had prepared.