එස්තර් 5:14
එස්තර් 5:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ඔහුගේ බිරිඳ සෙරෙෂ් හා ඔහුගේ මිතුරන් සියලු දෙනා ඔහුට කතා කොට, “රියන් පනහක් උස එල්ලුම් ගහක් හදවන්න; මොර්දෙකයි එහි එල්ලන්නැයි හෙට උදෑසන රජුගෙන් ඉල්ලන්න. ඉන්පසු රජු සමඟ භෝජන සංග්‍රහයට ගොස් ප්‍රීති වන්නැ” යි කීහ. මෙම යෝජනාව, හාමාන්ගේ සතුටට හේතු වූයෙන්, ඔහු ඒ අයුරු එල්ලුම් ගහක් තැනවී ය.
එස්තර් 5:14 Sinhala Revised Old Version (SROV)
එකල ඔහුගේ භාර්යාවවූ සෙරෙෂ්ද ඔහුගේ සියලු මිත්‍රයෝද ඔහුට කථාකොට: පනස් රියනක් උස ඇති එල්ලුම් ගහක් සාදවා, මොර්දෙකයි ඒකේ එල්ලා දමන පිණිස හෙට උදේ රජුට කථාකර, ඉන්පසු රජු සමඟ මංගල්‍යයට ප්‍රීතියෙන් පැමිණෙන්නැයි කීවෝය. ඒ කීමට හාමාන් ප්‍රසන්නව එල්ලුම් ගහ සෑදෙවුවේය.
එස්තර් 5:14 Sinhala New Revised Version (NRSV)
එකල ඔහුගේ බිරිඳ වන සෙරෙෂ් ද ඔහුගේ සියලු මිත්‍රයෝ ද ඔහුට කතා කොට, “මීටර් විසිදෙකක් උස එල්ලුම් ගහක් සාදවා, මොර්දෙකයි එහි එල්ලා දමන පිණිස හෙට උදේ රජුට කතා කර, ඉන්පසු රජු සමඟ මංගල භෝජනයට ප්‍රීතියෙන් යන්නැ”යි කීවෝ ය. ඒ කීමට හාමාන් ප්‍රසන්න ව එල්ලුම් ගහ ඉදි කරවී ය.
එස්තර් 5:14 New International Version (NIV)
His wife Zeresh and all his friends said to him, “Have a pole set up, reaching to a height of fifty cubits, and ask the king in the morning to have Mordecai impaled on it. Then go with the king to the banquet and enjoy yourself.” This suggestion delighted Haman, and he had the pole set up.