එස්තර් 4:8-11
එස්තර් 4:8-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද ඔවුන් සමූලඝාතන කිරීම සඳහා ෂූෂන්හි නිවේදන කොට ප්‍රකාශ කර තිබූ රාජ-නියෝග ලියවිල්ලේ පිටපතක් ද මොර්දෙකයි ඔහුට දුන්නේ, එස්තර්ට පෙන්වා, පැහැදිලි කර දී, රජු ඉදිරියට ගොස්, ඇගේ ජනයා උදෙසා දයාව ඉල්ලා, රජුට කන්නලව් කරන්නැයි උදක් ම ඉල්ලන ලෙස ඇයට නියෝග කරන ලෙස කීවේ ය. හතාක් ආපසු ගොස්, මොර්දෙකයි පැවසූ දෑ එස්තර්ට වාර්තා කළේ ය. එවිට එස්තර්, හතාක්ට කතා කොට, මොර්දෙකයි වෙත ගොස්, මෙසේ කියන්නට අණ කළා ය. “රජුගේ කැඳවීමක් නැතිව, රජු හමුවට ඇතුළු මළුවට යන පුරුෂයකුට වුවත්, ස්ත්‍රියකට වුවත්, බලපවත්නේ මරා දමනු ලැබීම යන එක ම නීතියක් වග රජුගේ සියලු නිලධාරීහු ද රජුගේ ප්‍රාන්ත ජනයා ද දත්හ. ඒ අයගේ ජීවිතය රැකෙන්නේ, රජු ඒ අය වෙත රන් රාජ සෙංකෝලය දිගු කළොත් පමණි. එහෙත් තිස් දවසක් ම රජු වෙත ඇතුළට මා කැඳවනු ලැබුවේ නැතැ” යි කීවා ය.
එස්තර් 4:8-11 Sinhala Revised Old Version (SROV)
තවද ඔවුන් විනාශකරන්ට ෂූෂන්හිදී දුන් නියෝගපත්‍රයේ පිටපත එස්තර්ට පෙන්වා දන්වන පිණිස ඔහුට දී, ඈ රජු ළඟට ගොස් ඔහුට කන්නලව් කර ඇගේ සෙනඟ උදෙසා ඔහුගෙන් කරුණාව ඉල්ලන පිණිස ඈට අණකරන ලෙසද ඔහුට කීයේය. හාතාක් ඇවිත් මොර්දෙකයිගේ වචන එස්තර්ට දැන්නුවේය. එකල එස්තර් හාතාක්ට කථාකොට: අඬගසනු නොලැබ ඇතුල්මළුවට රජු වෙතට ඇතුල්වෙන කොයි පුරුෂයෙකු වුවත් ස්ත්‍රියෙකු වුවත් නොනස්නා පිණිස රජ ඒ අය දෙසට රන් ජයකොන්තය දිගුකළොත් මිස, නැත්නම් ඔහු ගැන ඇත්තේ එකම නියමයක් බව එනම් ඔහු මැරිය යුතු බව රජුගේ සියලු සේවකයෝද රජුගේ රටවල සෙනඟද දනිති. ඇරත් රජු ළඟට යන්ට දැනට තිස් දවසකින් මම කැඳවනු නොලැබීමියි කියා මොර්දෙකයිට කියන්ට අණකළාය.
එස්තර් 4:8-11 Sinhala New Revised Version (NRSV)
තවද, ඔවුන් විනාශ කරන්නට සූසාහි දී දුන් නියෝග පත්‍රයේ පිටපත එස්තර්ට පෙන්වා දන්වන පිණිස ඔහුට දී, ඈ රජු ළඟට ගොස් ඔහුට කන්නලව් කර ඇගේ සෙනඟ උදෙසා ඔහුගෙන් කරුණාව ඉල්ලන පිණිස ඈට අණ කරන බව ද ඔහුට කීයේ ය. හාතාක් අවුත් මොර්දෙකයි කී දේ එස්තර්ට දැන්වී ය. එකල එස්තර් හාතාක්ට කතා කොට, මොර්දෙකයි වෙත ගෙන යන පිණිස පණිවුඩයක් දෙමින් මෙසේ කීවා ය: “කැඳවනු නොලැබ ඇතුළු මළුවේ රජු වෙත පැමිණෙන ස්ත්‍රී-පුරුෂ කවරෙක් හෝ වේවා නීතිය අනුව මරණයට පත් කළ යුතු බව රජුගේ සියලු සේවකයෝ ද රජුගේ සියලු ප්‍රදේශවල සෙනඟ ද දනිති. ඒ නීතිය බල නොපාන්නේ, යමෙකු දෙසට රජු රන් ජයකොන්තය දිගු කළොත් ඒ අයට පමණකි. එහෙත්, රජු වෙත පැමිණෙන්නට කැඳවීමක් දැනට තිස් දවසකින් මට ලැබී නැත.”
එස්තර් 4:8-11 New International Version (NIV)
He also gave him a copy of the text of the edict for their annihilation, which had been published in Susa, to show to Esther and explain it to her, and he told him to instruct her to go into the king’s presence to beg for mercy and plead with him for her people. Hathak went back and reported to Esther what Mordecai had said. Then she instructed him to say to Mordecai, “All the king’s officials and the people of the royal provinces know that for any man or woman who approaches the king in the inner court without being summoned the king has but one law: that they be put to death unless the king extends the gold scepter to them and spares their lives. But thirty days have passed since I was called to go to the king.”