එස්තර් 3:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
එස්තර් 3:4 SROV (Sinhala Revised Old Version)
ඔවුන් දවස්පතා ඔහුට මෙසේ කී නුමුත් ඔහු ඇහුම්කන්නුදුන් බැවින්, මොර්දෙකයිගේ කාරණා ස්ථිරවේදෝ කියා බලන පිණිස ඔව්හු හාමාන්ට දැන්නුවෝය. මක්නිසාද තමා යුදෙව්වෙක් බව මොර්දෙකයි ඔවුන්ට කියා තිබුණේය.
එස්තර් 3:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුහු දවසින් දවස මේ ගැන ඔහුට කී නමුදු, ඔවුනට සවන් දීම ඔහු ප්රතික්ෂේප කළේ ය. එබැවින් ඔවුන් ඒ වග හාමාන්ට පැවසුවේ, මොර්දෙකයිගේ වචන, හාමාන් ඉවසාදෝයි බලනු පිණිස ය. මන්ද තමා යුදෙව්වරයකු වග ඔහු ඔවුනට කියා තිබිණි.
එස්තර් 3:4 NRSV (Sinhala New Revised Version)
ඔවුන් දවස්පතා ඔහුට මෙසේ කී නමුත්, ඔහු සවන් නුදුන් බැවින්, මොර්දෙකයිගේ මේ හැසිරීම ඉවසනු ලැබේ ද කියා බලන පිණිස ඔව්හු හාමාන්ට ඒ බව දැන්නූ හ. මන්ද, තමා ජුදෙව්වෙකු බව මොර්දෙකයි ඔවුන්ට කියා තිබුණේ ය.
එස්තර් 3:4 NIV (New International Version)
Day after day they spoke to him but he refused to comply. Therefore they told Haman about it to see whether Mordecai’s behavior would be tolerated, for he had told them he was a Jew.