එස්තර් 3:1-2
එස්තර් 3:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මේ සිද්ධීන්වලට පසු, අගාගීය හම්මෙදාතාගේ පුත් හාමාන්, තනතුරින් උසස් කළ අහෂ්වේරොෂ් රජු, ඔහු සමඟ සිටි අනෙක් සියලු අධිපතියනට වඩා ගරු කටයුතු අසුනක් දෙමින්, ඔහුට උපහාර දැක්වී ය. රජුගේ සියලු නිලධාරීන් රජ වාසලදී දණ නමා, හාමාන්ට ගෞරව දැක්වූහ. ඔහුට එසේ කළ යුතු යයි රජු නියෝග කර තිබිණි. එහෙත් මොර්දෙකයි ඔහුට දණ නැමුවේවත්, ප්රණාමය දැක්වූයේවත් නැත.
එස්තර් 3:1-2 Sinhala Revised Old Version (SROV)
මේ කාරණාවලට පසු අහෂ්වේරොෂ් රජ අගාගිය හම්මෙදාතාගේ පුත්රවූ හාමාන් උසස්කරමින් උතුම්කමට පමුණුවා, තමා වෙත සිටිය සියලු අධිපතීන්ට වඩා උත්තම ආසනයක් ඔහුට දුන්නේය. රජවාසල සිටි රජුගේ සියලු සේවකයෝද හාමාන්ට නැමී වැන්දෝය. මක්නිසාද ඔහු ගැන රජ එසේ අණකර තිබුණේය. නුමුත් මොර්දෙකයි ඔහුට හිස නැමුවේවත් වැන්දේවත් නැත.
එස්තර් 3:1-2 Sinhala New Revised Version (NRSV)
මේ සිදුවීම්වලට පසු අහෂ්වේරොෂ් රජ, ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන්ට බුහුමන් දක්වමින්, ඔහු උසස් තත්ත්වයකට පමුණුවා, තමා වෙත සිටි සියලු අධිපතීන්ට වඩා උත්තම නිලයක් ඔහුට දුන්නේ ය. රජ වාසල සිටි රජුගේ සියලු සේවකයෝ ද හාමාන්ට හිස නමා ආචාර කළෝ ය. මන්ද, එසේ කරන ලෙස රජු අණ කර තිබුණේ ය. එහෙත්, මොර්දෙකයි ඔහුට හිස නැමුවේ වත්, ආචාර කෙළේ වත්, නැත.
එස්තර් 3:1-2 New International Version (NIV)
After these events, King Xerxes honored Haman son of Hammedatha, the Agagite, elevating him and giving him a seat of honor higher than that of all the other nobles. All the royal officials at the king’s gate knelt down and paid honor to Haman, for the king had commanded this concerning him. But Mordecai would not kneel down or pay him honor.