එස්තර් 2:8-9 - Compare All Versions

එස්තර් 2:8-9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

රජුගේ විධානය හා නියෝගය, නිවේදන කරනු ලැබූ කල, යෞවනියන් බොහෝ දෙනෙක් ෂූෂන් බළකොටුවට ගෙනෙනු ලැබ, හේගයිගේ රැකවරණ යටතට පත් කරන ලදහ. එස්තර් ද රජුගේ මාලිගයට ගෙනෙනු ලැබ, කාන්තාවන් බාරකාර හේගයිගේ බාරකාරත්වයට පත් කරන ලද්දී ය. තරුණිය ඔහු ප්‍රසන්න කර, ඔහුගේ ප්‍රසාදය දිනා ගත්තා ය. ඔහු නොපමාව ඇගේ රූපලාවණ්‍ය කටයුතු හා ඇගේ ආහාර සලාකය ද ඇයට ලැබෙන්නට සැලසී ය. ඇගේ ආවතේව සඳහා රාජ මාලිගයේ පරිවාර ළඳුන් හත්දෙනකු පත් කළ ඔහු, අන්තඃපුරය තුළ වූ හොඳ ම තැනක් වෙන් කොට, ඇය ද ඇගේ පරිවාර ළඳුන් ද එහි යැවී ය.

බෙදාගන්න
එස්තර් 2 SCV

එස්තර් 2:8-9 SROV (Sinhala Revised Old Version)

තවද රජුගේ ආඥාවත් නියෝගයත් සැලවූ කල්හි බොහෝ තරුණියන් ෂූෂන් බලකොටුවට හෙගයිගේ රැකවරණයට රැස්වෙද්දී, එස්තර්ද රජගෙට, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයිගේ රැකවරණයට, ගෙනෙනලද්දීය. තරුණීද ඔහුට ප්‍රියවී ඔහුගෙන් කරුණාව ලැබුවාය; ඔහු ඉක්මන්කර ඇගේ පවිත්‍රවීම සඳහා දේවල්ද ඇගේ ආහාර කොටසද දුන්නේය; ඈට දීමට සුදුසුවූ, රජ ගෙදරින් තෝරනලද තරුණියන් සත්දෙනෙක්ද ඈටදී, ඈ සහ ඇගේ වැඩකාරියන් ස්ත්‍රීන්ගේ ගෙයි ඉතා හොඳ ස්ථානයට පැමිණෙවුවේය.

බෙදාගන්න
එස්තර් 2 SROV

එස්තර් 2:8-9 NRSV (Sinhala New Revised Version)

රජුගේ ආඥාවත්, නියෝගයත් පළ කරනු ලැබූ කල්හි, බොහෝ කාන්තාවන් හෙගයිගේ රැකවරණය යටතේ තබන්නට සූසා අගනුවරට ගෙනෙනු ලැබූ විට, එස්තර් ද රජ මාලිගාවේ ස්ත්‍රීන්ගේ රැකවලා වන හෙගයිගේ රැකවරණයට ගෙනෙන ලද්දී ය. ඒ තරුණිය ද හෙගයිට ප්‍රිය වී ඔහුගෙන් කරුණාව ලැබුවා ය. ඔහු විගස සුවඳ විලවුන් ද ඇගේ ආහාර කොටස ද රජ මාලිගාවෙත් විශේෂයෙන් තෝරාගත් තරුණයන් සත්දෙනෙකු ද ඈට දී ඈට සහ ඇගේ මෙහෙකාරියන්ට අන්තඃපුරයේ ඉතා ම හොඳ කොටෙසහි ලැගුම් දුන්නේ ය.

බෙදාගන්න
එස්තර් 2 NRSV

එස්තර් 2:8-9 NIV (New International Version)

When the king’s order and edict had been proclaimed, many young women were brought to the citadel of Susa and put under the care of Hegai. Esther also was taken to the king’s palace and entrusted to Hegai, who had charge of the harem. She pleased him and won his favor. Immediately he provided her with her beauty treatments and special food. He assigned to her seven female attendants selected from the king’s palace and moved her and her attendants into the best place in the harem.

බෙදාගන්න
එස්තර් 2 NIV