එස්තර් 2:23 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
එස්තර් 2:23 SROV (Sinhala Revised Old Version)
ඒ කාරණය විභාගකළ කල්හි සැබෑ බව පෙනීගිය නිසා ඔවුන් දෙදෙනා ගසක එල්ලනු ලැබූහ. ඒ කාරණය රජු ඉදිරියේදී ලේකම් පොතෙහි ලියා තබනලද්දේය.
එස්තර් 2:23 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මෙම තොරතුර විභාග කළ කල්හි, එය සත්යයක් බැව් සොයා ගන්නා ලදින්, එම නිලධාරීන් දෙදෙනා පෝරකයේ එල්ලා මරන ලදහ. මේ සියලු කරුණු රාජ්ය-තොරතුරු ඉතිහාස පොතේ, රජු ඉදිරියේ සටහන් කරන ලදී.
එස්තර් 2:23 NRSV (Sinhala New Revised Version)
ඒ කාරණය විභාග කළ කල්හි එය සැබෑ බව පෙනී ගිය නිසා, ඒ දෙදෙනා ගසක එල්ලා මරනු ලැබූ හ. මේ සිද්ධිය රජුගේ පුරාවෘත්ත ග්රන්ථයේ රජු ඉදිරියේ දී සටහන් කරන ලදී.
එස්තර් 2:23 NIV (New International Version)
And when the report was investigated and found to be true, the two officials were impaled on poles. All this was recorded in the book of the annals in the presence of the king.