එස්තර් 2:21-23
එස්තර් 2:21-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මොර්දෙකයි රජ වාසල හිඳ සිටි දවස්හි වාසල්-කඩ රැකවල් කළ රජුගේ නපුංසක නිලධාරීන් වූ බිග්තාන් හා තෙරෙෂ් උදහස් වී, අහෂ්වේරොෂ් රජු ඝාතන කිරීමට කුමන්ත්‍රණ කළහ. එහෙත් මෙම කුමන්ත්‍රණය දැනගත් මොර්දෙකයි, එස්තර් බිසවට ඒ වග දැනුම් දුන්නේ ය. මේ වග දැන්වූයේ මොර්දෙකයි වග ඈ, රජුට දැනුම් දුන්නා ය. මෙම තොරතුර විභාග කළ කල්හි, එය සත්‍යයක් බැව් සොයා ගන්නා ලදින්, එම නිලධාරීන් දෙදෙනා පෝරකයේ එල්ලා මරන ලදහ. මේ සියලු කරුණු රාජ්‍ය-තොරතුරු ඉතිහාස පොතේ, රජු ඉදිරියේ සටහන් කරන ලදී.
එස්තර් 2:21-23 Sinhala Revised Old Version (SROV)
ඒ දවස්වලදී මොර්දෙකයි රජවාසල වාඩිව ඉන්න කල්හි වාසල් රැකවලුන් අතරෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙක් වන බිග්තාන් සහ තෙරෙෂ් කෝපවී, අහෂ්වේරොෂ් රජු මරන්ට සෙවුවෝය. මොර්දෙකයිට ඒ බව දැනගන්ට ලැබී ඔහු එස්තර් බිසවට දැන්නුවේය. එස්තර්ද මොර්දෙකයිගේ නාමයෙන් රජුට කීවාය. ඒ කාරණය විභාගකළ කල්හි සැබෑ බව පෙනීගිය නිසා ඔවුන් දෙදෙනා ගසක එල්ලනු ලැබූහ. ඒ කාරණය රජු ඉදිරියේදී ලේකම් පොතෙහි ලියා තබනලද්දේය.
එස්තර් 2:21-23 Sinhala New Revised Version (NRSV)
දිනක් මොර්දෙකයි රජ වාසල් දොරටුවේ හිඳගෙන සිටිය දී වාසල් රැකවලුන් අතරෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙකු වන බිග්තාන් සහ තෙරෙෂ් කෝප වී අහෂ්වේරොෂ් රජු මරන්නට කුමන්ත්‍රණය කළෝ ය. මොර්දෙකයිට ඒ බව සැළ වී ය. ඔහු එස්තර් බිසවට එපවත් දැන්වී ය. මොර්දෙකයිගේ නම සඳහන් කරමින් එස්තර් එපවත් රජුට කීවා ය. ඒ කාරණය විභාග කළ කල්හි එය සැබෑ බව පෙනී ගිය නිසා, ඒ දෙදෙනා ගසක එල්ලා මරනු ලැබූ හ. මේ සිද්ධිය රජුගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ රජු ඉදිරියේ දී සටහන් කරන ලදී.
එස්තර් 2:21-23 New International Version (NIV)
During the time Mordecai was sitting at the king’s gate, Bigthana and Teresh, two of the king’s officers who guarded the doorway, became angry and conspired to assassinate King Xerxes. But Mordecai found out about the plot and told Queen Esther, who in turn reported it to the king, giving credit to Mordecai. And when the report was investigated and found to be true, the two officials were impaled on poles. All this was recorded in the book of the annals in the presence of the king.