අන්තර්ගතයට යන්න

එස්තර් 2:18 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

එස්තර් 2:18 SROV (Sinhala Revised Old Version)

රජ තමාගේ සියලු අධිපතීන් හා සේවකයන්ට එස්තර්ගේ මංගල්‍යය වන මහත් මංගල්‍ය කෑමක් පිළියෙළකර දුන්නේය; රටවලට නිදහසක්ද දී රජුගේ ත්‍යාගවත්කම ලෙස තෑගි දුන්නේය.

එස්තර් 2 SROV

එස්තර් 2:18 SCV (සිංහල කාලීන පරිවර්තනය)

රජු තමාගේ සියලු අධිපතීන්ටත්, නිලධාරීන්ටත් මහා ප්‍රිය සාදයක් පැවැත්වී ය. එය එස්තර්ගේ ප්‍රිය සාදය විය; ප්‍රාන්ත රාජ්‍යයන් පුරා නිවාඩු දවසක් ප්‍රකාශයට පත් කළ හෙතෙම, රාජකීය ත්‍යාගවත්කමින් තෑගි බෙදා දුන්නේ ය.

එස්තර් 2 SCV

එස්තර් 2:18 NRSV (Sinhala New Revised Version)

රජ තමාගේ සියලු අධිපතීන්ට හා සේවකයන්ට මහා මංගල්‍ය භෝජනයක් පිළියෙළ කර දුන්නේ ය. එය එස්තර්ට උපහාර දැක්වීමේ මංගල්‍යයකි. රජ සියලු ප්‍රදේශවල නිවාඩු දිනයක් පළ කර, රජ කෙනෙකුට ඔබින ලෙස තෑගි බෙදා දුන්නේ ය.

එස්තර් 2 NRSV

එස්තර් 2:18 NIV (New International Version)

And the king gave a great banquet, Esther’s banquet, for all his nobles and officials. He proclaimed a holiday throughout the provinces and distributed gifts with royal liberality.

එස්තර් 2 NIV