එස්තර් 2:12 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
එස්තර් 2:12 SROV (Sinhala Revised Old Version)
එක එක තරුණිය ස්ත්රීන්ගේ නියෝගය ප්රකාරයට දොළොස් මාසයක් වන ඔවුන්ගේ පවිත්රවීමේ කාලයෙන් පසු, එනම් සුවඳලාටු තෙල් සමසක්ද සුගන්ධ ද්රව්ය සහ ස්ත්රීන්ගේ පවිත්රවීමේ තෛල සමසක්ද පාවිච්චිකළායින් පසු, අහෂ්වේරොෂ් රජු ළඟට යන්ට ඒ ඒ තැනැත්තියගේ වාරය පැමුණුණාම
එස්තර් 2:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)
තරුණියක, අහෂ්වේරොෂ් රජු හමුවට පිවිසීමේ වාරය ලබන්නට පළමු, ඇය පුරා දොළොස් මසක් කාන්තාවනට නියමිත රූපලාවණ්ය සත්කාරය ද හය මසක් සුවඳලාටු තෙල් ගැල්වීම ද හය මසක් සුවඳ පැන් හා සුවඳ විලේපන ආලේපය ද යන පිළිවෙත සම්පූර්ණ කළ යුතු විය.
එස්තර් 2:12 NRSV (Sinhala New Revised Version)
ස්ත්රීන්ට සූදානම් වීමට නියමිත මුළු කාලය දොළොස් මාසයක් විය. ඒ කාලයේ දී සුවඳලාටු තෙල් හය මාසයක් ද සුගන්ධ ද්රව්ය සහ ස්ත්රීන්ගේ රූපලාවණ්යය සඳහා තෛලය හය මාසයක් ද පාවිච්චි කරන ලදී. මේ කාලය සම්පූර්ණ වූ පසු ඔවුන්ට අහෂ්වේරොෂ් රජු ළඟට යන්නට වාරය පැමිණියේ ය.
එස්තර් 2:12 NIV (New International Version)
Before a young woman’s turn came to go in to King Xerxes, she had to complete twelve months of beauty treatments prescribed for the women, six months with oil of myrrh and six with perfumes and cosmetics.