එපීස 6:2-4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
එපීස 6:2-4 SROV (Sinhala Revised Old Version)
නුඹට වැඩසිද්ධවන පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය. පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරන්න.
එපීස 6:2-4 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“ඔබේ පියාටත්, මවටත් ගෞරව කරන්න” යන්න පොරොන්දුවක් රැගත් පළමු ආඥාවයි. “එයින් ඔබට සෙත සැලසේ; මිහි පිට දිගු කල් ජීවත් වන්නට ලැබේ.” පියවරුනි, ඔබේ දරුවන් කුපිත නො කරන්න. ඒ වෙනුවට ස්වාමින්වහන්සේ අනුමත විනයෙන් හා උපදෙසින් ඔවුන් හැඩගස්වන්න.
එපීස 6:2-4 NRSV (Sinhala New Revised Version)
“ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” යනු පොරොන්දුවක් ඇති පළමු වන ආඥාව ය. එනම්, එසේ කිරීමෙන් ඔබට සෙත සැලසෙනු ඇත; ඔබ මිහි පිට බොහෝ කල් ජීවත් වනු ද ඇත යනුයි. පියවරුනි, ඔබේ දරුවන් කෝප නොකරන්න. එසේ නොකර ඔවුන් සමිඳාණන් වහන්සේ තුළ විනයෙන් ද අවවාදයෙන් ද ඇතිදැඩි කරන්න.
එපීස 6:2-4 SNRV (Sinhala New Revised Version 2018)
“ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” යනු පොරොන්දුවක් ඇති පළමු වන ආඥාව ය. එනම්, එසේ කිරීමෙන් ඔබට සෙත සැලසෙනු ඇත; ඔබ මිහි පිට බොහෝ කල් ජීවත් වනු ද ඇත යනුයි. පියවරුනි, ඔබේ දරුවන් කෝප නොකරන්න. එසේ නොකර ඔවුන් සමිඳාණන් වහන්සේ තුළ විනයෙන් ද අවවාදයෙන් ද ඇතිදැඩි කරන්න.
එපීස 6:2-4 NIV (New International Version)
“Honor your father and mother”—which is the first commandment with a promise— “so that it may go well with you and that you may enjoy long life on the earth.” Fathers, do not exasperate your children; instead, bring them up in the training and instruction of the Lord.