එපීස 5:7-10
එපීස 5:7-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් එවැන්නවුන් හා හවුල් නො වන්න. වරක් ඔබ අන්ධකාරය ව සිටි නමුදු දැන් ඔබ ස්වාමින්වහන්සේ තුළ ආලෝකය ය. එබැවින්, ආලෝකයේ දරුවන් සේ ජීවත් වෙමින්, (ආලෝකයේ පලවලට හැම අයුරක ම යහපත, ධර්මිෂ්ඨකම හා සත්‍යය ඇතුළත් ය.) ස්වාමින්වහන්සේ ප්‍රිය මනාප දෑ කවරේදැයි සොයා දැනගන්න.
එපීස 5:7-10 Sinhala Revised Old Version (SROV)
එබැවින් ඔවුන් සමඟ පංගුකාරයෝ නොවෙන්න. මක්නිසාද වරක් නුඹලා අන්ධකාරව සිටිය නුමුත්, දැන් ස්වාමීන්වහන්සේ තුළ ආලෝකයව සිටින්නහුය. ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙන්න. ආලෝකයේ ඵල නම්, සියලු ආකාර යහපත්කමත් ධර්මිෂ්ඨකමත් සැබෑකමත්ය. ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාගකරන්න.
එපීස 5:7-10 Sinhala New Revised Version (NRSV)
එවැන්නන් සමඟ කිසි ම ගනු දෙනුවක් නොකරන්න. මන්ද, වරක් ඔබ අන්ධකාරයෙහි සිටිය නමුත්, දැන් සමිඳාණන් වහන්සේ තුළ ආලෝකයෙහි සිටින්නහු ය. ආලෝකයට අයිති දරුවන් මෙන් හැසිරෙන්න. ආලෝකයේ ප්‍රතිඵල නම්, සියලු ආකාර යහපත්කමත්, දමිටුකමත්, සැබෑකමත් ය. සමිඳාණන් වහන්සේට ප්‍රිය මනාප දේ කුමක් දැ යි විමසා බලන්න.
එපීස 5:7-10 Sinhala New Revised Version 2018 (SNRV)
එවැන්නන් සමඟ කිසි ම ගනු දෙනුවක් නොකරන්න. මන්ද, වරක් ඔබ අන්ධකාරයෙහි සිටිය නමුත්, දැන් සමිඳාණන් වහන්සේ තුළ ආලෝකයෙහි සිටින්නහු ය. ආලෝකයට අයිති දරුවන් මෙන් හැසිරෙන්න. ආලෝකයේ ප්‍රතිඵල නම්, සියලු ආකාර යහපත්කමත්, දමිටුකමත්, සැබෑකමත් ය. සමිඳාණන් වහන්සේට ප්‍රිය මනාප දේ කුමක් දැ යි විමසා බලන්න.
එපීස 5:7-10 New International Version (NIV)
Therefore do not be partners with them. For you were once darkness, but now you are light in the Lord. Live as children of light (for the fruit of the light consists in all goodness, righteousness and truth) and find out what pleases the Lord.