එපීස 5:10-20

එපීස 5:10-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේ ප්‍රිය මනාප දෑ කවරේදැයි සොයා දැනගන්න. අන්ධකාරයේ වඳ ක්‍රියා හා සම්බන්ධ නො වී, ඒවා එළිදරවු කරන්න. මන්ද ඔවුන් රහසේ කරන දෑ කීම පවා ලජ්ජා සහගත ය. එහෙත් ආලෝකයෙන් එළි කරන හැම දෙයක් ම පෙනෙන්නට වෙයි. මන්ද පෙනෙන්නට සලස්වන හැම දෙයක් ම ආලෝකයයි. මෙසේ කියා ඇත්තේ එබැවිනි: “එම්බා නිදාසිටින්නාණනි, අවදි වන්න. මළවුන්ගෙන් නැගිට සිටින්න. එවිට, ක්‍රිස්තුස්වහන්සේ ඔබ මත්තෙහි බබළනු ඇත.” එබැවින්, ඔබ ජීවත් වන අයුර ගැන වඩාත් සැලකිලිමත් වන්න. අනුවණ ලෙස නො ව, නුවණ ඇත්තන් සේ කටයුතු කරමින්, හැම අවස්ථාවකින් ම හැකි තරම් ප්‍රයෝජන ගන්න. මන්ද, මේ දවස් නපුරු ය. එනිසා අනුවණ නො වී, ස්වාමින්වහන්සේගේ කැමැත්ත කවරේදැයි වටහා ගන්න. මිදි යුෂ බී, මත් නො වන්න. එයින් දුරාචාරයට මං පෑදේ. ඒ වෙනුවට ආත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වන්න. කාව්‍යයෙන් ද ගීතිකාවලින් ද ආත්මික ගීයෙන් ද එකිනෙකා අමතන්න. ඔබේ හදවතින් ස්වාමින්වහන්සේට සංගීත නගමින්, ගී ගයන්න. හැම දෙයක් ගැන, හැම විට යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ නාමයෙන් පියාණන් වූ දෙවියන්වහන්සේට තුති පුදන්න.

බෙදාගන්න
එපීස 5 කියවන්න

එපීස 5:10-20 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාගකරන්න. අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබන්න; මක්නිසාද ඔවුන් විසින් රහසින් කරන දේ ගැන කථාකිරීම පවා ලජ්ජාවක්ය. නුමුත් දොස් තබනු ලබන සියලු දේ ආලෝකය කරණකොටගෙන ප්‍රකාශවන්නේය. මක්නිසාද ප්‍රකාශවන සියල්ල ආලෝකයව තිබේ. එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක. ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන, දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න. මේ නිසා, නුඹලා අනුවණයෝ නොවී, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න. මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය; නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්න.

බෙදාගන්න
එපීස 5 කියවන්න

එපීස 5:10-20 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේට ප්‍රිය මනාප දේ කුමක් දැ යි විමසා බලන්න. අන්ධකාරයේ නිෂ්ඵල ක්‍රියාවලට හවුල් නොවී, ඒවා එළිකරන්න. සැබැවින් ම ඔවුන් රහසිගත ව කරන දේ ගැන කතා කිරීම පවා පිළිකුලකි. එහෙත් ආලෝකයෙන් එළි වන සියල්ලේ නියම ස්වභාවය සක්සුදක් සේ පැහැදිලි ව පෙනෙයි. එසේ එළි වන දේ ආලෝකය බවට හැරේ. එබැවින් මෙසේ කියා ඇත: “නිදා සිටින ඔබ අවදි වන්න, මරණින් නැඟිටින්න, එවිට ක්‍රිස්තුන් වහන්සේ ඔබගේ ආලෝකය වන සේක.” එබැවින් ඔබ ජීවත් වන පිළිවෙළ ගැන ඉතා සැලකිලිමත් වන්න. අඥානයන් මෙන් නොව, ඥානවන්තයන් මෙන් ජීවත් වන්න. කාලය නපුරු බැවින්, ඇති හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න. එබැවින් අනුවණයන් නොවී, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත කිමෙක් ද කියා තේරුම්ගන්න. මුද්‍රික පානයෙන් මත් නොවන්න. එයින් අනාචාරකම් හටගන්නේ ය. ඒ වෙනුවට ආත්මයාණන්ගෙන් පූර්ණ වන්න. ගීතිකා, තුති ගී හා ශුද්ධ ගී එකිනෙකාට ගයන්න. ඔබ හදවත් තුළ තුති නද දෙමින් සමිඳුන්ට ගී ගයන්න. අපගේ සමිඳාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන්, දෙවි පියාණන් වහන්සේට සෑම විට ම සෑම දේ ගැන ම, ස්තුති කරන්න.

බෙදාගන්න
එපීස 5 කියවන්න

එපීස 5:10-20 Sinhala New Revised Version 2018 (SNRV)