එපීස 4:29-31
එපීස 4:29-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ මුවින් කැත කතා පිටවීමට ඉඩ නො දෙන්න. ඒ වෙනුවට අසන අයට සෙත සැලසෙන, තැනට උචිත, අන්‍යයන්ගේ වර්ධනයට තුඩු දෙන කතාවෙන් යුතු වන්න. දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ට දුක් නො දෙන්න. ඔබගේ මිදීම සම්පූර්ණ වන දවස දක්වා ඔබ මුද්‍රා තබා ඇත්තේ උන්වහන්සේගෙනි. සියලු අමනාප ද ක්‍රෝධය හා කෝපය ද උද්ඝෝෂණ හා අපවාද ද හැම අයුරු ද්වේෂ ද ඉවත දමන්න.
එපීස 4:29-31 Sinhala Revised Old Version (SROV)
නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න. දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය. සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා.
එපීස 4:29-31 Sinhala New Revised Version (NRSV)
කිසි දූෂිත වචනයක් ඔබේ කටින් පිට වෙන්න ඉඩ නෑර, අසන්නන්ගේ වර්ධනය සඳහා අවස්ථාවෝචිත මනහර වචන කතා කරන්න. ශුද්ධාත්මයාණන් වහන්සේට දුක් නොදෙන්න. මන්ද, මිදීමේ දවසට සූදානමක් වශයෙන් ඔබ ලබා ඇති, සහතිකයේ මුද්‍රාව උන් වහන්සේ ය. තිත්තකම්, කෝපය, උදහස, කෝලාහල, අපහාස හා සියලු ආකාර ද්වේෂ පහ කරදමන්න.
එපීස 4:29-31 Sinhala New Revised Version 2018 (SNRV)
කිසි දූෂිත වචනයක් ඔබේ කටින් පිට වෙන්න ඉඩ නෑර, අසන්නන්ගේ වර්ධනය සඳහා අවස්ථාවෝචිත මනහර වචන කතා කරන්න. ශුද්ධාත්මයාණන් වහන්සේට දුක් නොදෙන්න. මන්ද, මිදීමේ දවසට සූදානමක් වශයෙන් ඔබ ලබා ඇති, සහතිකයේ මුද්‍රාව උන් වහන්සේ ය. තිත්තකම්, කෝපය, උදහස, කෝලාහල, අපහාස හා සියලු ආකාර ද්වේෂ පහ කරදමන්න.
එපීස 4:29-31 New International Version (NIV)
Do not let any unwholesome talk come out of your mouths, but only what is helpful for building others up according to their needs, that it may benefit those who listen. And do not grieve the Holy Spirit of God, with whom you were sealed for the day of redemption. Get rid of all bitterness, rage and anger, brawling and slander, along with every form of malice.