එපීස 4:28-29
එපීස 4:28-29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සොරකමේ යෙදුන අය මින් මතු සොරකම් නො කළ යුතු ය. ඒ වෙනුවට, අවැසිතා ඇත්තවුනට උදවු දීමට තමනටත් කිසිවක් තිබෙන පිණිස, තම දෑතින් ම පලදායි කාරියක යෙදෙමින් වෙහෙසී වැඩ කළ යුතු ය. ඔබේ මුවින් කැත කතා පිටවීමට ඉඩ නො දෙන්න. ඒ වෙනුවට අසන අයට සෙත සැලසෙන, තැනට උචිත, අන්‍යයන්ගේ වර්ධනයට තුඩු දෙන කතාවෙන් යුතු වන්න.
එපීස 4:28-29 Sinhala Revised Old Version (SROV)
සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන්වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා. නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.
එපීස 4:28-29 Sinhala New Revised Version (NRSV)
සොරකම් කළ අය තවත් සොරකම් නොකරත් වා. ඒ වෙනුවට දුගීන්ට උපකාර කළ හැකිවන සේ වෙහෙස මහන්සි දරා අවංක වැඩක් කරත් වා. කිසි දූෂිත වචනයක් ඔබේ කටින් පිට වෙන්න ඉඩ නෑර, අසන්නන්ගේ වර්ධනය සඳහා අවස්ථාවෝචිත මනහර වචන කතා කරන්න.
එපීස 4:28-29 Sinhala New Revised Version 2018 (SNRV)
සොරකම් කළ අය තවත් සොරකම් නොකරත් වා. ඒ වෙනුවට දුගීන්ට උපකාර කළ හැකිවන සේ වෙහෙස මහන්සි දරා අවංක වැඩක් කරත් වා. කිසි දූෂිත වචනයක් ඔබේ කටින් පිට වෙන්න ඉඩ නෑර, අසන්නන්ගේ වර්ධනය සඳහා අවස්ථාවෝචිත මනහර වචන කතා කරන්න.
එපීස 4:28-29 New International Version (NIV)
Anyone who has been stealing must steal no longer, but must work, doing something useful with their own hands, that they may have something to share with those in need. Do not let any unwholesome talk come out of your mouths, but only what is helpful for building others up according to their needs, that it may benefit those who listen.