එපීස 2:16-17
එපීස 2:16-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තමන් විසින් ප්රතිවිරෝධය නසන ලද කුරුසිය මගින්, මේ දෙගොල්ල ඒ එක් ශරීරය තුළ දෙවියන්වහන්සේ හා සමඟි කිරීමත් ය. උන්වහන්සේ අවුත් දුර සිටි ඔබට සාමය දේශනා කළ සේක්, ළඟ සිටි අයට ද සාමය දේශනා කළ සේක.
බෙදාගන්න
එපීස 2 කියවන්නඑපීස 2:16-17 Sinhala Revised Old Version (SROV)
කුරුසියෙන් සතුරුකම නැසූ බැවින් දෙගොල්ලම එක ශරීරයක් කොට, කුරුසිය කරණකොටගෙන දෙවියන්වහන්සේට සමගිකරදෙන පිණිසත්ය. උන්වහන්සේ ඇවිත් දුර සිටියාවූ නුඹලාට සමාදානයද, ළඟ සිටියවුන්ට සමාදානයද දේශනාකළසේක.
බෙදාගන්න
එපීස 2 කියවන්නඑපීස 2:16-17 Sinhala New Revised Version (NRSV)
කුරුසිය කරණකොටගෙන උන් වහන්සේ වෛරය නැති කර, දෙවියන් වහන්සේ උදෙසා ඒ දෙජාතිය එක ම ශරීරයක් වන පිණිස සමඟි කර වදාළ සේක. එසේ උන් වහන්සේ වැඩම කර, දුර සිටියා වූ ඔබටත්, ළඟ සිටියා වූ අයටත්, සාමයේ පණිවුඩය දේශනා කර වදාළ සේක.
බෙදාගන්න
එපීස 2 කියවන්න