එපීස 1:4-6 - Compare All Versions
එපීස 1:4-6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද ලෝකය මැවීමට ප්‍රථමයෙන්, ක්‍රිස්තුස්වහන්සේ තුළ උන්වහන්සේ අප තෝරා ගත්තේ, තමන්වහන්සේ අබිමුවෙහි අප ශුද්ධ ව හා නො කැළැල් ව සිටින පිණිස ය. ප්‍රේමයෙන් උන්වහන්සේ, තම අභිමතයේ කැමැත්ත පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින් අප, ස්වකීය පුත්‍රයින් වගට දෛව නියමයක් කළ සේක. එසේ කළේ, උන්වහන්සේගේ ප්‍රේමණීයයාණන් වන ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්වකීය ත්‍යාගවත්කමින් අපට දුන් මහිමවත් අනුග්‍රහයේ ප්‍රශංසාව සඳහා ය.
එපීස 1:4-6 SROV (Sinhala Revised Old Version)
ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක. උන්වහන්සේ විසින් ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ අපට නොමිලයේ දුන්නාවූ තමන්වහන්සේගේ කරුණාවේ මහිමයේ ප්‍රශංසාව සඳහා, තමන්වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියමකළසේක.
එපීස 1:4-6 NRSV (Sinhala New Revised Version)
ප්‍රේමයෙන් උන් වහන්සේ ඉදිරියෙහි අප ශුද්ධ ව නොකැළැල් ව සිටින පිණිස, ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප තෝරාගත් සේක. තවද ස්වකීය ප්‍රසාදය හා අරමුණ අනුව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, උන් වහන්සේ, අප දරුකමට පිළිගන්න පිණිස, දෙවියන් වහන්සේ පෙර නියම කළ සේක. උන් වහන්සේ එසේ කළේ තමන් වහන්සේගේ ප්‍රේමයාණන් වහන්සේ තුළ අපට දේව වරප්‍රසාදය අනුව ලබාදුන් මහිමාන්විත කරුණාවේ ප්‍රශංසාව සඳහා ය.
එපීස 1:4-6 SNRV (Sinhala New Revised Version 2018)
ප්‍රේමයෙන් උන් වහන්සේ ඉදිරියෙහි අප ශුද්ධ ව නොකැළැල් ව සිටින පිණිස, ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප තෝරාගත් සේක. තවද ස්වකීය ප්‍රසාදය හා අරමුණ අනුව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, උන් වහන්සේ, අප දරුකමට පිළිගන්න පිණිස, දෙවියන් වහන්සේ පෙර නියම කළ සේක. උන් වහන්සේ එසේ කළේ තමන් වහන්සේගේ ප්‍රේමයාණන් වහන්සේ තුළ අපට දේව වරප්‍රසාදය අනුව ලබාදුන් මහිමාන්විත කරුණාවේ ප්‍රශංසාව සඳහා ය.
එපීස 1:4-6 NIV (New International Version)
For he chose us in him before the creation of the world to be holy and blameless in his sight. In love he predestined us for adoption to sonship through Jesus Christ, in accordance with his pleasure and will— to the praise of his glorious grace, which he has freely given us in the One he loves.