ධර්මදේශකයා 9:7-9
ධර්මදේශකයා 9:7-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යන්න, ප්‍රීතියෙන් යුතු ව ඔබේ ආහාර ගෙන, ප්‍රමෝද හදින් ඔබේ මිදි යුෂ පානය කරන්න; මන්ද දැනටමත් ඔබ කරන දෑ ගැන දෙවියන්වහන්සේ පැහැදී ඇත. හැම විට ඔබේ වස්ත්‍ර සුදු ව තිබේවා. හිස තෙලින් ආලේප කර තිබේවා. දෙවියන්වහන්සේ හිරු යට ඔබට දී ඇති ඔබගේ මේ නිරර්ථක ජීවිතයේ සියලු දවස්වලදී, ඔව්, නිරර්ථක ඔබේ සියලු දවස්හි දී ඔබ ප්‍රේම කරන ඔබේ බිරිඳ සමඟ ජීවිතය භුක්ති විඳින්න; මන්ද ජීවිතයේ ඔබේ පංගු කොටස එයයි; හිරු යට ඔබේ ප්රයත්නය ද එයයි.
ධර්මදේශකයා 9:7-9 Sinhala Revised Old Version (SROV)
නුඹ ගොස් ප්‍රීතියෙන් නුඹේ කෑම කා තුෂ්ටිමත් සිතින් නුඹේ මුද්‍රිකපානය බොන්න; මක්නිසාද දෙවියන්වහන්සේ නුඹේ වැඩවලට දැන් ප්‍රසන්නව සිටිනසේක. නුඹේ වස්ත්‍ර නිතරම සුදුව තිබේවා; නුඹේ ඉස තෙල් නැතුව නොතිබේවා. නුඹේ සියලු නිෂ්ඵල දවස්වල, උන්වහන්සේ ඉර යට නුඹට දී තිබෙන නුඹේ නිෂ්ඵල ජීවිතයේ සියලු දවස්වල, නුඹ ප්‍රේමකරන නුඹේ භාර්යාව සමඟ ජීවිතය භුක්තිවිඳින්න. මක්නිසාද ජීවිතයෙන්ද ඉර යට නුඹ ගන්නාවූ නුඹේ වෙහෙසෙන්ද නුඹට ලැබෙන කොටස ඒකය.
ධර්මදේශකයා 9:7-9 Sinhala New Revised Version (NRSV)
ඔබ ගොස් ප්‍රීතියෙන් ඔබේ කෑම කා, තෘප්තිමත් සිතින් ඔබේ මුද්‍රික පානය බොන්න. මන්ද, දෙවියන් වහන්සේ ඔබේ කටයුතු ගැන සතුට ප්‍රකාශ කර ඇත. නිතර ම සුදු වස්ත්‍ර හැඳ, හිසේ තෙල් ගා ප්‍රීතියෙන් ඉන්න. උන් වහන්සේ මිහි පිට ඔබට දී තිබෙන ඔබේ නිෂ්ඵල ජීවිතයේ සියලු දවස්වල ඔබ ප්‍රේම කරන ඔබේ භාර්යාව සමඟ ජීවිතයේ ප්‍රීතිය භුක්ති විඳින්න. මන්ද, ජීවිතයෙන් ද මිහි පිට ඔබ ගන්න වෙහෙසෙන් ද ඔබට ලැබෙන එක ම කොටස එය වේ.
ධර්මදේශකයා 9:7-9 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබ ගොස් ප්‍රීතියෙන් ඔබේ කෑම කා, තෘප්තිමත් සිතින් ඔබේ මුද්‍රික පානය බොන්න. මන්ද, දෙවියන් වහන්සේ ඔබේ කටයුතු ගැන සතුට ප්‍රකාශ කර ඇත. නිතර ම සුදු වස්ත්‍ර හැඳ, හිසේ තෙල් ගා ප්‍රීතියෙන් ඉන්න. උන් වහන්සේ මිහි පිට ඔබට දී තිබෙන ඔබේ නිෂ්ඵල ජීවිතයේ සියලු දවස්වල ඔබ ප්‍රේම කරන ඔබේ භාර්යාව සමඟ ජීවිතයේ ප්‍රීතිය භුක්ති විඳින්න. මන්ද, ජීවිතයෙන් ද මිහි පිට ඔබ ගන්න වෙහෙසෙන් ද ඔබට ලැබෙන එක ම කොටස එය වේ.
ධර්මදේශකයා 9:7-9 New International Version (NIV)
Go, eat your food with gladness, and drink your wine with a joyful heart, for God has already approved what you do. Always be clothed in white, and always anoint your head with oil. Enjoy life with your wife, whom you love, all the days of this meaningless life that God has given you under the sun—all your meaningless days. For this is your lot in life and in your toilsome labor under the sun.