ධර්මදේශකයා 9:4-6
ධර්මදේශකයා 9:4-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ජීවත්වන්නන් අතර සිටින කෙනකුට බලාපොරොත්තුවක් තිබේ; මැරුණු සිංහයකුට වඩා ජීවත් වන බල්ලකු හොඳ ය. මන්ද දිනෙක තමන් මිය යන වග ජීවත්වන්නෝ දනිති; එහෙත් මළාහු කිසිවක් නො දනිති; තවදුරටත් විපාකයක් ඔවුනට නැත. ඔවුන් පිළිබඳ මතකය ද අමතක ව ගොසිනි. ඔවුන්ගේ ප්‍රේමය, ඔවුන්ගේ වෛරය හා ඔවුන්ගේ ඊර්ෂ්‍යාව ද ඒ වන විටත් පහව ගොසිනි. හිරු යට සිදුවන කවර දෙයක හෝ සහභාගිත්වයක් යළි කිසි කල ඔවුනට නො ලැබේ.
ධර්මදේශකයා 9:4-6 Sinhala Revised Old Version (SROV)
ජීවත්වන සියල්ලන්ට බලාපොරොත්තුවක් තිබේ. එසේය, මළ සිංහයෙකුට වඩා පණඇති බල්ලෙක් හොඳය. මක්නිසාද ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත; මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැතිවිය. ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්යයාවද දැන් නැතිවී තිබේ. ඉර යට කෙරෙන සියල්ලෙන් තවත් සදාකාලයටම ඔවුන්ට කොටසක් නැත.
ධර්මදේශකයා 9:4-6 Sinhala New Revised Version (NRSV)
ජීවත් වන සියල්ලන්ට යම්කිසි බලාපොරොත්තුවක් ඇත. මළ සිංහයෙකුට වඩා පණ ඇති බල්ලෙක් හොඳ ය. මන්ද, ජීවත් ව සිටින අය තමන් මියයා යුතු බව දනිති; මියගිය අය කිසිවක් නොදනිති; ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත. ඔවුන් සහමුලින් ම මතකයෙන් ඉවත් ව යනු ඇත. ප්‍රේමය ද වෛරය ද ඊර්ෂ්‍යාව ද යන කිසිවක් ඉතිරි වී නැත. මින්පසු මිනිස් ලොවෙහි සිදු වන කිසි දෙයකට ඔවුන් සහභාගි නොවනු ඇත.
ධර්මදේශකයා 9:4-6 Sinhala New Revised Version 2018 (SNRV)
ජීවත් වන සියල්ලන්ට යම්කිසි බලාපොරොත්තුවක් ඇත. මළ සිංහයෙකුට වඩා පණ ඇති බල්ලෙක් හොඳ ය. මන්ද, ජීවත් ව සිටින අය තමන් මියයා යුතු බව දනිති; මියගිය අය කිසිවක් නොදනිති; ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත. ඔවුන් සහමුලින් ම මතකයෙන් ඉවත් ව යනු ඇත. ප්‍රේමය ද වෛරය ද ඊර්ෂ්‍යාව ද යන කිසිවක් ඉතිරි වී නැත. මින්පසු මිනිස් ලොවෙහි සිදු වන කිසි දෙයකට ඔවුන් සහභාගි නොවනු ඇත.
ධර්මදේශකයා 9:4-6 New International Version (NIV)
Anyone who is among the living has hope—even a live dog is better off than a dead lion! For the living know that they will die, but the dead know nothing; they have no further reward, and even their name is forgotten. Their love, their hate and their jealousy have long since vanished; never again will they have a part in anything that happens under the sun.