ධර්මදේශකයා 9:13-18
ධර්මදේශකයා 9:13-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මසිතට තදින් කා-වැදුණු ප්‍රඥාවේ මෙම නිදර්ශනය ද හිරු යටදී මා දැක ඇත; සුළු ජනගහනයක් ඇති පුංචි නගරයක් තිබිණි; බලවත් රජෙක් ඊට විරුද්ධ ව අවුත්, එය වටලා, ඊට එරෙහි බිඳළුම් යන්ත්‍ර යෙදවී ය. ඒ පුංචි නගරයේ දුප්පත්, එහෙත් ප්‍රඥාවත් මනුෂ්‍යයෙක් විසී ය; තම ප්‍රඥාවෙන් ඔහු එම නගරය මුදා ගත්තේ ය. එහෙත් කිසිවකුත් ඒ දුප්පත් මිනිසා මතක් කළේ නැත. එබැවින් මම, “ශක්තියට වඩා ප්‍රඥාව හොඳ ය” යි කීවෙමි. එහෙත් දුප්පත් මිනිසාගේ ප්‍රඥාව සුළු කොට තැකිණ; ඔහුගේ වචනවලට සවන් දීමක් නො විණ. අඥානයින්ගේ පාලකයකුගේ බෙරිහන් දීමකට වඩා ප්‍රඥාවතුන්ගේ ශාන්ත වචනවලට වඩාත් සවන් දීම යුතු ය; යුද්ධ ආයුධවලට වඩා ප්‍රඥාව හොඳ ය; එහෙත් එක් පව්කරුවකු යහපත් දෑ බොහොමයක් වනසා දමයි.
ධර්මදේශකයා 9:13-18 Sinhala Revised Old Version (SROV)
ඉර යට මෙයාකාර ප්‍රඥාවක් දුටිමි, එය මට මහත්ව පෙනුණේය. මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙක් ඇති කුඩා නුවරක්විය; මහත් රජෙක් ඊට විරුද්ධව ඇවිත්, එය වටලාගන, ඊට විරුද්ධව මහත් බලකොටු ගොඩනැගුවේය. එහි දිළිඳුවූ ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් සිටියේය, ඔහු තමාගේ ප්‍රඥාවෙන් ඒ නුවර ගැළෙවුවේය. එහෙත් කිසිවෙක් ඒ දිළිඳු මනුෂ්‍යයා සිහිකළේ නැත. එවිට මම: බලවන්තකමට වඩා ප්‍රඥාව හොඳයයි කීවෙමි. එහෙත් දිළින්දාගේ ප්‍රඥාව සුළුකරනු ලැබේ, ඔහුගේ වචනද අසනු නොලැබේ. අඥානයන් අතරේ ආණ්ඩුකරන්නාගේ කෑගැසීමට වඩා නිශ්චලකමෙන් කියන ප්‍රඥාවන්තයන්ගේ වචන අසනු ලැබේ. යුද්ධායුධවලට වඩා ප්‍රඥාව වටනේය. නුමුත් එක පව්කාරයෙක් හොඳ බොහෝ කාරණා නැතිකරයි.
ධර්මදේශකයා 9:13-18 Sinhala New Revised Version (NRSV)
මිහි පිට මෙවැනි ප්‍රඥාවක් ද දිටිමි. එය වැදගත් බව මට පෙනිණි. මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සිටි කුඩා නුවරක් විය; බලවත් රජෙක් අවුත් එය වටලා, ඊට විරුද්ධ ව මහ බලකොටු ගොඩනැඟුවේ ය. එහි දිළිඳු ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් විය. ඔහුට සිය ප්‍රඥාවෙන් ඒ නුවර ගැළවිය හැකි විය. එහෙත්, කිසිවෙකු ඒ දිළිඳු මනුෂ්‍යයා ගැන සිතුවේ නැත. “බලවන්තකමට වඩා ප්‍රඥාව හොඳ ය”යි මම කීවෙමි. එහෙත්, දිළිඳාගේ ප්‍රඥාව සුළු කරනු ලැබේ. ඔහුගේ වචනයට සවන් දීමක් නැත. අඥානයන් අතර මොරහඬ දෙන ආණ්ඩුකාරයෙකුට සවන් දීමට වඩා නිශ්චලකමෙන් කතා කරන ප්‍රඥාවන්තයෙකුට සවන් දීම හොඳ ය. යුද්ධායුධවලට වඩා ප්‍රඥාව අගනේ ය. එහෙත්, එක පව්කාරයෙකුට හොඳ දේවල් රැසක් බිඳදැමිය හැකි ය.
ධර්මදේශකයා 9:13-18 Sinhala New Revised Version 2018 (SNRV)

ධර්මදේශකයා 9:13-18 New International Version (NIV)
I also saw under the sun this example of wisdom that greatly impressed me: There was once a small city with only a few people in it. And a powerful king came against it, surrounded it and built huge siege works against it. Now there lived in that city a man poor but wise, and he saved the city by his wisdom. But nobody remembered that poor man. So I said, “Wisdom is better than strength.” But the poor man’s wisdom is despised, and his words are no longer heeded. The quiet words of the wise are more to be heeded than the shouts of a ruler of fools. Wisdom is better than weapons of war, but one sinner destroys much good.