ධර්මදේශකයා 7:11-29

ධර්මදේශකයා 7:11-29 සිංහල කාලීන පරිවර්තනය (SCV)

උරුමයක් සේ ම ප්‍රඥාව ද හොඳ දෙයකි; හිරු දකින්නන්ට එය ලාභයක් ය. ධනය, රැකවරණයක් වන්නා සේ ම ප්‍රඥාව ද රැකවරණයකි. අවබෝධයෙහි ඇති වාසිය වන්නේ: ප්‍රඥාව එය හිමි ව සිටින්නාගේ ජීවිතය ආරක්ෂා කර දීමයි. දෙවියන්වහන්සේ කර ඇති දෑ කල්පනාවට ගන්න: උන්වහන්සේ වක ගැසූ දේ කෙළින් කළ හැක්කේ කවරකුට ද? සමෘද්ධිමත් කාලයේදී ප්‍රීති වන්න; විපත්ති කාලයේදී මෙය කල්පනාවට ගන්න: එය ද මෙය ද නිම වන ලද්දේ දෙවියන්වහන්සේ විසිනි; එබැවින් තමාට පසු සිදුවන කිසිවක් මිනිසාට දැනගත නො හැකි ය. නිරර්ථක මගේ ජීවිතයේදී මම මේ සියල්ල ම දැක ඇත්තෙමි: එනම්, දමිටු මිනිසා තම දමිටුකමෙහි ම වැනසී යෑමත්, දුෂ්ට මිනිසා තම දුෂ්ටකමෙහි දිගු කල් ජීවත් වීමත් ය. අධි ධර්මිෂ්ඨයකු නො වන්න; අති පණ්ඩිතයකු ද නො වන්න. ඔබ ම විනාශ කර ගන්නේ කුමට ද? අති දුෂ්ටයකු නො වන්න; අඥානයකු ද නො වන්න; කාලයට කලින් නැසී යන්නේ කුමට ද? ඔබ එකක් අල්ලා ගන්නවා නම් හොඳ ය; අනෙක ද ගිලිහී යන්නට නො දෙන්න; දෙවියන්වහන්සේට භය පක්ෂ ඇත්තා ඒ දෙකෙන් ම ඉවත් වන්නේ ය. ප්‍රඥාව විසින් එක් ප්‍රඥාවන්තයකු පුරවරයක පාලකයින් දස දෙනකුට වඩා බලවත් කෙරේ. හරි දේ ම කරන, කොහෙත් ම පව් නො කරන, ධර්මිෂ්ඨ කෙනකු මිහි පිට කොතැනකවත් නැත. ජනයා පවසන හැම වචනයක් ම සැලකිල්ලට නො ගන්න; නැතහොත් ඔබේ මෙහෙකරු ඔබට ශාප කරනු ඔබට ඇසෙනු ඇත. මන්ද බොහෝ අවස්ථාවලදී ඔබත් අන්‍යයනට ශාප කර ඇති වග ඔබේ හදවතින් ම ඔබ දනී. මේ සියල්ල මම ප්‍රඥාවෙන් සෝදිසි කර, “මම ප්‍රඥාවන්ත වන්නෙමි” යි පැවසීමි; එහෙත් එය මගෙන් බොහෝ ඈත ය. පැවත තිබුණු දේ ඉතා දුරස්ථ ය; ගැඹුරු ය, ඉතා ගැඹුරු ය. එය සොයාගත හැක්කේ කවරකුට ද? එබැවින් මම ප්‍රඥාව හා හේතු-ඵල විභාග කර, නිරීක්ෂණ කර, වටහා ගැනීමට ද දුෂ්ටත්වයේ මෝඩකම හා අඥානකමෙහි උමතුව වටහා ගැනීමට ද මගේ සිත හැරවීමි. එවිට මරණයටත් වඩා අමිහිරි දෙයක් දැක්කෙමි; ඒ තමා ම උගුලක් වූ තම හදවත දැලක් ද තම අත් යදම් ද වූ ස්ත්‍රිය ය. දෙවියන්වහන්සේ ප්‍රසන්න කරන මිනිසා ඇගෙන් බේරී යන්නේ ය. එහෙත් පව්කරුවා ඇගේ අත්අඩංගුවට පත් වන්නේ ය. “මෙන්න! මම සොයා දැනගත් දේ” යි දේශනාකරු පවසන්නේ ය: “හේතු-ඵල විභාග කර දැනගන්නට එකක් එකක් පාසා– මම තවමත් විමසන නමුදු, මට දැනගන්නට නො ලැබුණු දේ මෙන්න– දහසක් දෙනා අතර එක් මිනිසෙක් මට හමු විය; එහෙත් ඒ හැම අතර එකදු ස්ත්‍රියකවත් නො විණ. මෙන්න මා දැනගත් එක ම දේ: දෙවියන්වහන්සේ ඍජු ගුණයෙන් මිනිසා මැවූ සේක, එහෙත් මිනිසා නොයෙකුත් කූටෝපායයන් සොයා ගොස් ඇත්තේ ය.”

ධර්මදේශකයා 7:11-29 Sinhala Revised Old Version (SROV)

ප්‍රඥාව උරුමයක්මෙන් හොඳය; එසේය, ඉර දකිනවුන්ට එය මහත් වාසියක්ය. මක්නිසාද මුදල ආරක්ෂාවක් වන්නාක්මෙන් ප්‍රඥාවත් ආරක්ෂාවක්ය. නුමුත් දැනගැන්මෙහි වාසියක් තිබේ, ප්‍රඥාව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂාකරන්නේය. දෙවියන්වහන්සේගේ වැඩය මෙනෙහිකරන්න; මක්නිසාද උන්වහන්සේ ඇද කළ දේ ඇද අරින්ට පුළුවන් කාටද? සම්පත්ති කාලයේදී ප්‍රීතිවෙන්න; නුමුත් විපත්ති කාලයේදී කල්පනාකරන්න. දෙවියන්වහන්සේ ඒකත් මේකත් ළංකොට තැබුවේ මනුෂ්‍යයා විසින් තමාට පසුව සිදුවෙන්නාවූ කිසිවක් දැන නොගන්න පිණිසය. මාගේ නිෂ්ඵලකමේ දවස්වලදී මේ සියල්ල දුටිමි. සමහරවිට ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙහි නැතිවන්නේය, දුෂ්ටයෙක්ද තමාගේ දුෂ්ටකමෙහි බොහෝ කල් ජීවත්වන්නේය. පමණට වඩා ධර්මිෂ්ඨයෙක් නොවෙන්න; පමණට වඩා ඥානවන්තයෙක්ද නොවෙන්න. කුමක් නිසා නුඹම විනාශකරගන්නෙහිද? පමණට වඩා දුෂ්ටව නොසිටින්න, අඥානයෙක්ද නොවෙන්න. නුඹේ කාලයට පළමුවෙන් නුඹට නසින්ට වෙන්නේ මක්නිසාද? නුඹ මෙය අල්වා ගන්නවා නම් හොඳය; එසේය, අනික් එකෙනුත් නුඹේ අත පහකර නොගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තා ඒ සියල්ලෙන් ගැළවෙනවා ඇත. ප්‍රඥාව වනාහි නුවරක වසන අධිපතීන් දස දෙනෙකුට වඩා ඥානවන්තයාට ශක්තියක්ය. පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් සැබවින්ම පොළොවෙහි නැත. මනුෂ්‍යයන් කියන සියලුම වචනවලට නුඹේ සිත යොමු නොකරන්න; එසේ කළොත් සමහරවිට නුඹේ වැඩකාරයා නුඹට දෙස්කියන බව නුඹ අසනවා ඇත. මක්නිසාද නුඹත් නොයෙක් වර අනුන්ට දෙස් කිවු බව නුඹේ සිත දන්නේය. මේ සියල්ල මම ප්‍රඥාවෙන් සෝදිසි කෙළෙමි. මම ප්‍රඥාවන්තවන්නෙමියි කීමි; නුමුත් එය මාගෙන් දුරව තිබුණේය. දුරව ඉතා ගැඹුරුව තිබෙන දේ සොයා දැනගන්නේ කවුද? මම ප්‍රඥාවද කාරණාවල හේතුවද දැනගන්ටත් සෝදිසිකරන්ටත් සොයාගන්ටත්, දුෂ්ටකම අඥානකම බවද මෝහය උමතුකම බවද දැනගන්ටත් මාගේ සිතින් හැරුණෙමි. එවිට මලපත් සහ දැල් වැනි සිතක්ද බැඳුම් වැනි අත්ද ඇති ස්ත්‍රිය මරණයට වඩා තික්ත බව දැනගතිමි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින්නා ඇගෙන් ගැළවෙන්නේය; නුමුත් පව්කාරයා ඈට අසුවන්නේය. බලව, කාරණය දැනගන්න පිණිස එකක් එකක් පාසා විමසමින්: මේක මම දැනගතිමියි දේශනාකාරයා කියන්නේය. මට සම්බ නූණාවූ, මාගේ සිත තවමත් සොයන්නාවූ, කාරණයක් මෙසේය: දහසක් අතරෙහි එක මිනිහෙක් මට සම්බවුණ නුමුත් එපමණ දෙනෙක් අතරෙහි එක ස්ත්‍රියක් මට සම්බනොවීය. මෙන්න, මෙය පමණක් මට සම්බවිය, එනම් දෙවියන්වහන්සේ මනුෂ්‍යයා ඇද නැතුව මැවූසේක; නුමුත් ඔවුන් බොහෝ අමුතු උපා යොදාගත් බවය.

ධර්මදේශකයා 7:11-29 Sinhala New Revised Version (NRSV)

ජීවත් ව සිටින කවරෙකු වුව ද ප්‍රඥාවන්ත විය යුතු ය. ධනසම්පතින් ඇති වන ආරක්ෂාව හා සම ආරක්ෂාවක් ප්‍රඥාවෙන් ලැබෙනු ඇත. ප්‍රඥාව ඔබේ ජීවිතය සුරක්ෂිත ව තබයි. දැනුමෙන් ඇති වන වාසිය එය වේ. දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය මෙනෙහි කරන්න; උන් වහන්සේ ඇද කළ දේ ඇද අරින්න පුළුවන් කාට ද? සැප සම්පත් ඇති කල ප්‍රීති වන්න; විපත ඇති කල මෙය කල්පනාවට ගන්න; සැපත හා විපත යන දෙක ම එවන්නේ දෙවියන් වහන්සේ ය. ඉන්පසු කුමක් වේ දැ යි කිසිවෙක් නොදනිති. නිස්සාර ව ගෙවී ගිය මාගේ ජීවිතයේ දී මම හැම දෙය ම දැනගතිමි. සමහර විට දැහැමි කෙනෙක් මරණයට පත් වේ. දුෂ්ටයෙක් නපුරුකම් කළත්, දිගුකල් ජීවත් වේ. පමණට වඩා ධර්මිෂ්ඨයෙක් නොවන්න. පමණට වඩා ඥානවන්තයෙක් නොවන්න. එසේ වීමෙන් ඔබ නැසී යන්නේ කුමට ද? අධික ලෙස දුෂ්ට ව නො සිටින්න. අධික ලෙස අඥානයෙක් ද නොවන්න. අකාලයේ දී නැසී යන්නේ කුමට ද? මෙහි දී මැද පිළිවෙත අනුගමනය කරන්න. කෙසේ වෙතත්, දේව ගරුබිය ඇති තැනැත්තේ සඵලවනු ඇත. ප්‍රඥාව වූ කලී, අධිපතීන් දසදෙනෙකු නගරයකට කරන සේවයට වඩා උසස් සේවයක් කිරීමට මිනිසෙකුට ඇති ශක්තියකි. කිසි ම වරදක් නොකොට, නිරතුරු යහපත ම කරන දැහැමි මිනිසෙක් ලොව කිසි තැනක නැත. මිනිසුන් කරන හැම දෙයට ම ඔබේ සිත යොමු නොකරන්න. එසේ කළොත් සමහර විට ඔබේ වැඩකරුවා ඔබට දොස් තබන බව ඔබ අසනු ඇත. මන්ද, ඔබත් නොයෙක් වර අනුන්ට එසේ ම දොස් තැබූ බව ඔබේ සිත දැනගනු ඇත. මේ සියල්ල මම ප්‍රඥාවෙන් සෝදිසි කර බැලීමි. “මම ප්‍රඥාවන්ත වන්නෙමි”යි කීමි; එහෙත්, එය මා ඉක්මවා තිබුණේ‍ ය. ජීවිතයේ තේරුම දත හැකි කාට ද? එය අපට තේරුම්ගත නොහැකි තරම් ගැඹුරු ය; අචින්ත්‍යය ද වේ. මම ප්‍රඥාව ද කාරණාවලට හේතුව ද දැනගැනීමටත්, සෙවීමටත් ගවේෂණය කිරීමටත් සිත යොමු කෙළෙමි. එවිට නපුරුකම අඥානකම බව ද මෝහය උතුම්කම බව ද සනිටුහන් කර ගතිමි. ස්ත්‍රිය මරණයටත් වඩා භයංකර ය. ඈ මලපතක් වැන්න; ඇගේ සිත දැලක් වැන්න; ඇගේ අත විලංගුවක් වැන්න. දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් වන තැනැත්තේ ඇගෙන් මිදෙයි; එහෙත්, පවිටු අය ඈට අසුවෙති. කරුණු වටහාගැනීම පිණිස එකක් පාසා විමසමින්, “මම මෙය දැනගතිමි”යි ධර්මදේශකයා කියන්නේ ය. මට තවමත් සොයාගත නොහැකි වූ, මාගේ බුද්ධිය තවමත් විමසමින් සිටින කාරණයක් ඇත. දහසක් අතර ගරු කටයුතු එක මිනිසෙකු මට සම්බ වූ නමුත්, දහසක් අතර එවැනි ස්ත්‍රියක් නම්, මට සම්බ නොවූවා ය. මම එක දෙයක් තේරුම් ගතිමි: එනම්, දෙවියන් වහන්සේ මනුෂ්‍යයා චාම්, අවංක කෙනෙකු ලෙස මැවූ සේක; එහෙත්, ඔහු ම තමා අවුල් වියවුල් කෙනෙකු බවට පත් කරගෙන ඇත.

ධර්මදේශකයා 7:11-29 Sinhala New Revised Version 2018 (SNRV)

ජීවත් ව සිටින කවරෙකු වුව ද ප්‍රඥාවන්ත විය යුතු ය. ධනසම්පතින් ඇති වන ආරක්ෂාව හා සම ආරක්ෂාවක් ප්‍රඥාවෙන් ලැබෙනු ඇත. ප්‍රඥාව ඔබේ ජීවිතය සුරක්ෂිත ව තබයි. දැනුමෙන් ඇති වන වාසිය එය වේ. දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය මෙනෙහි කරන්න; උන් වහන්සේ ඇද කළ දේ ඇද අරින්න පුළුවන් කාට ද? සැප සම්පත් ඇති කල ප්‍රීති වන්න; විපත ඇති කල මෙය කල්පනාවට ගන්න; සැපත හා විපත යන දෙක ම එවන්නේ දෙවියන් වහන්සේ ය. ඉන්පසු කුමක් වේ දැ යි කිසිවෙක් නොදනිති. නිස්සාර ව ගෙවී ගිය මාගේ ජීවිතයේ දී මම හැම දෙය ම දැනගතිමි. සමහර විට දැහැමි කෙනෙක් මරණයට පත් වේ. දුෂ්ටයෙක් නපුරුකම් කළත්, දිගුකල් ජීවත් වේ. පමණට වඩා ධර්මිෂ්ඨයෙක් නොවන්න. පමණට වඩා ඥානවන්තයෙක් නොවන්න. එසේ වීමෙන් ඔබ නැසී යන්නේ කුමට ද? අධික ලෙස දුෂ්ට ව නො සිටින්න. අධික ලෙස අඥානයෙක් ද නොවන්න. අකාලයේ දී නැසී යන්නේ කුමට ද? මෙහි දී මැද පිළිවෙත අනුගමනය කරන්න. කෙසේ වෙතත්, දේව ගරුබිය ඇති තැනැත්තේ සඵලවනු ඇත. ප්‍රඥාව වූ කලී, අධිපතීන් දසදෙනෙකු නගරයකට කරන සේවයට වඩා උසස් සේවයක් කිරීමට මිනිසෙකුට ඇති ශක්තියකි. කිසි ම වරදක් නොකොට, නිරතුරු යහපත ම කරන දැහැමි මිනිසෙක් ලොව කිසි තැනක නැත. මිනිසුන් කරන හැම දෙයට ම ඔබේ සිත යොමු නොකරන්න. එසේ කළොත් සමහර විට ඔබේ වැඩකරුවා ඔබට දොස් තබන බව ඔබ අසනු ඇත. මන්ද, ඔබත් නොයෙක් වර අනුන්ට එසේ ම දොස් තැබූ බව ඔබේ සිත දැනගනු ඇත. මේ සියල්ල මම ප්‍රඥාවෙන් සෝදිසි කර බැලීමි. “මම ප්‍රඥාවන්ත වන්නෙමි”යි කීමි; එහෙත්, එය මා ඉක්මවා තිබුණේ‍ ය. ජීවිතයේ තේරුම දත හැකි කාට ද? එය අපට තේරුම්ගත නොහැකි තරම් ගැඹුරු ය; අචින්ත්‍යය ද වේ. මම ප්‍රඥාව ද කාරණාවලට හේතුව ද දැනගැනීමටත්, සෙවීමටත් ගවේෂණය කිරීමටත් සිත යොමු කෙළෙමි. එවිට නපුරුකම අඥානකම බව ද මෝහය උමතුකම බව ද සනිටුහන් කර ගතිමි. මලපතක් වැනි වූ ද සිත ගලක් වැනි වූ ද අත විලංගුවක් වැනි වූ ද ස්ත්‍රිය මරණයටත් වඩා තික්ත ය. දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් වන තැනැත්තේ ඇගෙන් මිදෙයි; එහෙත්, පවිටු අය ඈට අසුවෙති. කරුණු වටහාගැනීම පිණිස එකක් පාසා විමසමින්, “මම මෙය දැනගතිමි”යි ධර්මදේශකයා කියන්නේ ය. මට තවමත් සොයාගත නොහැකි වූ, මාගේ බුද්ධිය තවමත් විමසමින් සිටින කාරණයක් ඇත. දහසක් අතර ගරු කටයුතු එක මිනිසෙකු මට සම්බ වූ නමුත්, දහසක් අතර එවැනි ස්ත්‍රියක් නම්, මට සම්බ නොවූවා ය. මම එක දෙයක් තේරුම් ගතිමි: එනම්, දෙවියන් වහන්සේ මනුෂ්‍යයා චාම්, අවංක කෙනෙකු ලෙස මැවූ සේක; එහෙත්, ඔහු ම තමා අවුල් වියවුල් කෙනෙකු බවට පත් කරගෙන ඇත.

ධර්මදේශකයා 7:11-29 New International Version (NIV)

Wisdom, like an inheritance, is a good thing and benefits those who see the sun. Wisdom is a shelter as money is a shelter, but the advantage of knowledge is this: Wisdom preserves those who have it. Consider what God has done: Who can straighten what he has made crooked? When times are good, be happy; but when times are bad, consider this: God has made the one as well as the other. Therefore, no one can discover anything about their future. In this meaningless life of mine I have seen both of these: the righteous perishing in their righteousness, and the wicked living long in their wickedness. Do not be overrighteous, neither be overwise— why destroy yourself? Do not be overwicked, and do not be a fool— why die before your time? It is good to grasp the one and not let go of the other. Whoever fears God will avoid all extremes. Wisdom makes one wise person more powerful than ten rulers in a city. Indeed, there is no one on earth who is righteous, no one who does what is right and never sins. Do not pay attention to every word people say, or you may hear your servant cursing you— for you know in your heart that many times you yourself have cursed others. All this I tested by wisdom and I said, “I am determined to be wise”— but this was beyond me. Whatever exists is far off and most profound— who can discover it? So I turned my mind to understand, to investigate and to search out wisdom and the scheme of things and to understand the stupidity of wickedness and the madness of folly. I find more bitter than death the woman who is a snare, whose heart is a trap and whose hands are chains. The man who pleases God will escape her, but the sinner she will ensnare. “Look,” says the Teacher, “this is what I have discovered: “Adding one thing to another to discover the scheme of things— while I was still searching but not finding— I found one upright man among a thousand, but not one upright woman among them all. This only have I found: God created mankind upright, but they have gone in search of many schemes.”