ධර්මදේශකයා 5:8-10
ධර්මදේශකයා 5:8-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යම් පළාතක දිළිඳුන් පෙළීමත්, යුක්තිය හා සාධාරණත්වය නො පිට පෙරළීමත් දකින කල ඒවා ගැන පුදුම නො වන්න. මන්ද හැම උසස් නිලධාරියකුට ඉහළින් ඊට වඩා උසස් කෙනකුගේ නිරීක්ෂණයක් ඇත. ඔවුන්ට ඉහළින් ඊටත් වඩා උසස් ඇත්තෝ වෙති. දේශයේ පල ප්රයෝජන සියල්ලෝ ම ලබා ගනිති; රජු ද කෙත් වත්හි පල ප්රයෝජන ලබයි. මුදලට ආලය කරන්නා කිසි දා මුදලින් සෑහීමට නො පැමිණේ; වස්තු සම්පත්වලට ආලය වන්නා කිසි දා තම ආදායමින් සෑහීමට නො පැමිණේ. මෙය ද නිරර්ථක ය.
ධර්මදේශකයා 5:8-10 Sinhala Revised Old Version (SROV)
දිළින්දාට පීඩාකිරීමත් විනිශ්චයද යුක්තියද පෙරළීමත් රටේ තිබෙන බව නුඹ දකින විට ඒ කාරණාවට විස්මිත නොවෙන්න. මක්නිසාද උත්තමයන්ට වඩා උතුම් කෙනෙක් බලාගන්නසේක; ඉතා උතුම් කෙනෙක් ඔවුන් කෙරෙහිද සිටිනසේක. ඇරත් බිමේ ප්රයෝජනය සියල්ලන්ටම වේ; රජ්ජුරුවෝ පවා කෙතෙන් රක්ෂාවන්නාහ. රිදීයට ඇලුම්වෙන්නා රිදීයෙන්වත් සම්පත්වලට ඇලුම්වෙන්නා ලාභයෙන්වත් තෘප්තියට නොපැමිණෙයි. මේකත් නිෂ්ඵලකමක්ය.
ධර්මදේශකයා 5:8-10 Sinhala New Revised Version (NRSV)
දිළිඳුන්ට පීඩා කිරීම ද යුක්තිය හා සාධාරණකම පෙරළීම ද රටේ ඇති වන බව ඔබ දකින විට ඒ ගැන පුදුම නොවන්න. හැම නිලධාරියාට ම ඉහළින් ඊට වඩා උසස්, වෙන නිලධාරියෙක් ඇත. මහ රජුගේ පවා ජීවිතය රඳා ඇත්තේ, කෙතේ අස්වනු පිට ය. ධනසම්පතට ඇලුම් වන්නා ධනසම්පතින් වත්, වස්තුවට ඇලුම් වන්නා වස්තුවෙන් වත් තෘප්තියට නොපැමිණෙයි. මෙය ද නිසරු දෙයකි.
ධර්මදේශකයා 5:8-10 Sinhala New Revised Version 2018 (SNRV)
දිළිඳුන්ට පීඩා කිරීම ද යුක්තිය හා සාධාරණකම පෙරළීම ද රටේ ඇති වන බව ඔබ දකින විට ඒ ගැන පුදුම නොවන්න. හැම නිලධාරියාට ම ඉහළින් ඊට වඩා උසස්, වෙන නිලධාරියෙක් ඇත. මහ රජුගේ පවා ජීවිතය රඳා ඇත්තේ, කෙතේ අස්වනු පිට ය. ධනසම්පතට ඇලුම් වන්නා ධනසම්පතින් වත්, වස්තුවට ඇලුම් වන්නා වස්තුවෙන් වත් තෘප්තියට නොපැමිණෙයි. මෙය ද නිසරු දෙයකි.
ධර්මදේශකයා 5:8-10 New International Version (NIV)
If you see the poor oppressed in a district, and justice and rights denied, do not be surprised at such things; for one official is eyed by a higher one, and over them both are others higher still. The increase from the land is taken by all; the king himself profits from the fields. Whoever loves money never has enough; whoever loves wealth is never satisfied with their income. This too is meaningless.