ධර්මදේශකයා 5:10-11
ධර්මදේශකයා 5:10-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මුදලට ආලය කරන්නා කිසි දා මුදලින් සෑහීමට නො පැමිණේ; වස්තු සම්පත්වලට ආලය වන්නා කිසි දා තම ආදායමින් සෑහීමට නො පැමිණේ. මෙය ද නිරර්ථක ය. බඩු භාණ්ඩ වැඩි වන කල, ඒවා පරිහරණ කරන්නෝ ද වැඩි වෙති. ඒවා බලා, තම ඇස පිනවා ගැනීමට වඩා වැඩි ප්රයෝජනයක් ඒවායේ හිමිකරුවාට වේ ද?
ධර්මදේශකයා 5:10-11 Sinhala Revised Old Version (SROV)
රිදීයට ඇලුම්වෙන්නා රිදීයෙන්වත් සම්පත්වලට ඇලුම්වෙන්නා ලාභයෙන්වත් තෘප්තියට නොපැමිණෙයි. මේකත් නිෂ්ඵලකමක්ය. දේපළ වැඩිවන විට ඒවා භුක්තිවිඳින්නෝද වැඩිවෙති. ඒවා අයිතිකාරයාට තමාගේ ඇස්වලින් ඒවා බැලීම මිස එයින් ඇති ප්රයෝජනය මොකද?
ධර්මදේශකයා 5:10-11 Sinhala New Revised Version (NRSV)
ධනසම්පතට ඇලුම් වන්නා ධනසම්පතින් වත්, වස්තුවට ඇලුම් වන්නා වස්තුවෙන් වත් තෘප්තියට නොපැමිණෙයි. මෙය ද නිසරු දෙයකි. වස්තුව වැඩි වන්න, වැඩි වන්න එයින් නඩත්තු කළ යුතු අය ද වැඩි වෙති. ධනවතාට ඇති එක ම ප්රයෝජනය නම්, තමා ධනවතෙකු බව දැකීම ය.
ධර්මදේශකයා 5:10-11 Sinhala New Revised Version 2018 (SNRV)
ධනසම්පතට ඇලුම් වන්නා ධනසම්පතින් වත්, වස්තුවට ඇලුම් වන්නා වස්තුවෙන් වත් තෘප්තියට නොපැමිණෙයි. මෙය ද නිසරු දෙයකි. වස්තුව වැඩි වන්න, වැඩි වන්න එයින් නඩත්තු කළ යුතු අය ද වැඩි වෙති. ධනවතාට ඇති එක ම ප්රයෝජනය නම්, තමා ධනවතෙකු බව දැකීම ය.
ධර්මදේශකයා 5:10-11 New International Version (NIV)
Whoever loves money never has enough; whoever loves wealth is never satisfied with their income. This too is meaningless. As goods increase, so do those who consume them. And what benefit are they to the owners except to feast their eyes on them?