ධර්මදේශකයා 4:7-12
ධර්මදේශකයා 4:7-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හිරු යට තවත් නිරර්ථකකමක් මම යළි දුටුවෙමි: තනි වූ හුදකලා වූ මිනිසෙක් සිටියේ ය; ඔහුට පුත්‍රයකු හෝ සහෝදරයකු හෝ නො වී ය. එහෙත් ඔහුගේ වෙහෙස මහන්සිවීමේ කෙළවරක් නැත. තම ධනය ගැන ඔහුගේ ඇස් තෘප්තිමත් වූයේ නැත. “මා මේ වෙහෙසෙන්නේ කවුරුන් උදෙසා ද? ජීවිතේ ප්‍රීතිය මා අහිමි කර ගන්නේ මොකට දැ?” යි ඔහු අසයි. මෙය ද නිරර්ථකයකි. දුක්ඛිත තත්වයකි. එක් කෙනකුට වඩා දෙදෙනකු හොඳ ය; මන්ද ඔවුන් කරන කාරියෙන් හොඳ ප්‍රතිඵල ලැබේ; ඔවුන්ගෙන් එක් කෙනකු වැටුණ ද ඔහු නැගුටුවන්නට අනෙකාට පුළුවන. එහෙත් තමාගේ උදව්වට කෙනකු නැතිව තනි ව වැටෙන මනුෂ්‍යයාට දුක් පැමිණේ. තවද දෙදෙනකු එක් ව සැතපේ නම් ඔවුනට උණුසුම ලැබේ. එහෙත් කෙනකු තනි ව ම උණුහුම ලබන්නේ කෙසේ ද? තනි කෙනකු පැරදවීමට යමකුට හැකි නමුදු දෙදෙනකු සිටින කල ඔවුන් යටත් නො වනු ඇත. තුන්-පොටක් වූ ලණුවක් ලෙහෙසියෙන් නො කැඩේ.
ධර්මදේශකයා 4:7-12 Sinhala Revised Old Version (SROV)
එකල මම හැරී තව නිෂ්ඵලකමක් ඉර යට තිබෙන බව දුටිමි. තව කෙනෙක් නැතුව තනිව සිටින්නෙක් ඇත්තේය; එසේය, ඔහුට පුත්‍රයෙක්වත් සහෝදරයෙක්වත් නැත; එහෙත් ඔහුගේ සියලුම වෙහෙසවලට කෙළවරක් නැත, ඔහුගේ ඇස් වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. මම කා උදෙසා වෙහෙසවී මාගේ ප්‍රාණයට සැප නොදී සිටිම්දැයි ඔහු නොකියන්නේය. මේකත් නිෂ්ඵලකමක්ව, එසේය, තදබල වෙහෙසක්ව තිබේ. එක්කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය; මක්නිසාද ඔවුන්ගේ වෙහෙසෙන් ඔවුන්ට හොඳ විපාකයක් ලැබෙන්නේය. ඔවුන් වැටුණොත් එක්කෙනෙක් තමාගේ යහළුවා නැගුටුවනවා ඇත. එහෙත් තමා නැඟුටුවන්ට කෙනෙක් නැතුව තනිව සිට වැටෙන්නාට දුක්වෙයි. තවද දෙදෙනෙක් එක්ව සැතපුණොත් ඔවුන්ට උණුහුම ලැබෙන්නේය. නුමුත් තනි කෙනෙක් උණුහුම්වෙන්නේ කොහොමද? යමෙක් තනි කෙනෙකු පරදවන නුමුත් ඔහුට විරුද්ධව සිටින්ට දෙන්නෙකුට පුළුවන්වෙයි; තුන්පට ලනුවක් ඉක්මනින් නොකැඩෙන්නේය.
ධර්මදේශකයා 4:7-12 Sinhala New Revised Version (NRSV)
එකල මම තවත් නිසරු දෙයක් මිහි පිට ඇති බව දිටිමි. කාත් කවුරුත් නැති ව, හුදකලා ව වසන කෙනෙක් ඇත. ඔහුට පුත්‍රයෙක් වත්, සහෝදරයෙක් වත් නැත; එහෙත්, ඔහුගේ සියලු ම වැඩකටයුතුවල නිමාවක් නැත; ඔහු තමා උපයන වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. “මම මෙසේ පණ නොතකා, වෙහෙස වී, සැපක් නැති ව වැඩ කරන්නේ කා උදෙසා දැ”යි ඔහු නොඅසයි. මෙය ද නිසරු දෙයකි, කාලකණ්ණි ජීවිතයකි. එක් කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳ ය; දෙදෙනෙකු එක් ව වැඩ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගනු ඇත. ඔවුන්ගෙන් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා සිය යහළුවා නැඟුටුවනු ඇත. එහෙත්, තමා නැඟුටුවන්න එවැනි කෙනෙකු නැති ව තනි ව සිට වැටෙන්නාට වන විපතක මහත! තව ද, ශීත කාලයේ දී දෙදෙනෙකු එක් ව සැතපුණොත් ඔවුන්ට උණුසුම ලැබෙන්නේ ය. එහෙත්, කෙනෙකු තනියම උණුසුම් වන්නේ කොහොම ද? තනි ව සිටින කෙනෙකු පරාජය විය හැකි ය. එහෙත්, සතුරාට විරුද්ධ ව සිටින්නට දෙදෙනෙකුට හැකි වෙයි. තුන් පොටේ ලණුවක් පහසුවෙන් නොකැඩෙන්නේ ය.
ධර්මදේශකයා 4:7-12 Sinhala New Revised Version 2018 (SNRV)

ධර්මදේශකයා 4:7-12 New International Version (NIV)
Again I saw something meaningless under the sun: There was a man all alone; he had neither son nor brother. There was no end to his toil, yet his eyes were not content with his wealth. “For whom am I toiling,” he asked, “and why am I depriving myself of enjoyment?” This too is meaningless— a miserable business! Two are better than one, because they have a good return for their labor: If either of them falls down, one can help the other up. But pity anyone who falls and has no one to help them up. Also, if two lie down together, they will keep warm. But how can one keep warm alone? Though one may be overpowered, two can defend themselves. A cord of three strands is not quickly broken.