ධර්මදේශකයා 4:4-6
ධර්මදේශකයා 4:4-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යම් කාරියක් සඳහා හැම පරිශ්‍රමයක් හා දක්ෂතාවක් පැන නැගෙන්නේ කෙනකුගේ අසල්වැසියාගේ ඊර්ෂ්‍යාව හේතු කොට බැව් මම දුටුවෙමි. මෙය ද නිරර්ථකයකි; සුළඟ අල්ලන්නට හඹා යෑමකි. අඥානයා තම අත් අකුළාගෙන තමාගේ ම මාංසය කන්නේ ය. වෙහෙස වී, සුළඟ පසු පස හඹා යමින් අත් දෙක ම පුරවා ගන්නවාට වඩා නිශ්චලතාවයෙන් යුතු ව එක් අහුරක් හොඳ ය.
ධර්මදේශකයා 4:4-6 Sinhala Revised Old Version (SROV)
තවද සියලු ආකාර වෙහෙසත් සියලු දක්ෂ වැඩත් නිසා මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යයාව විඳින බව දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ. අඥානයා තමාගේ අත් පෙරවාගන, තමාගේම මාංසය කන්නේය. වෙහෙසීමෙන්ද හිස්වූ උත්සාහයෙන්ද දෑත පුරවාගන්නවාට වඩා නිශ්චලකමෙන් එක මිටක් පුරවාගන ඉඳීම හොඳය.
ධර්මදේශකයා 4:4-6 Sinhala New Revised Version (NRSV)
තවද, මිනිසෙකු අධික වීර්යයෙන් දක්ෂ ලෙස කටයුතු කරන්නේ, සිය අසල්වැසියා කෙරේ ඇති ඊර්ෂ්‍යාව නිසා බව මම දිටිමි. මෙය ද නිසරු කාර්යයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි. “තමාගේ අත් දෙක අකුළාගෙන, වැඩක් නොකොට සාගින්නෙන් මැරෙන්නේ මෝඩයෙකැ”යි මිනිස්සු කියති. එහෙත්, නිෂ්ඵල උත්සාහයෙන් දෑත පුරවා ගැනීමට වඩා, හිතේ කරදරයක් නැති ව එක මිටක් පුරවාගැනීම හොඳ ය.
ධර්මදේශකයා 4:4-6 Sinhala New Revised Version 2018 (SNRV)
තවද, මිනිසෙකු අධික වීර්යයෙන් දක්ෂ ලෙස කටයුතු කරන්නේ, සිය අසල්වැසියා කෙරේ ඇති ඊර්ෂ්‍යාව නිසා බව මම දිටිමි. මෙය ද නිසරු කාර්යයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි. “තමාගේ අත් දෙක අකුළාගෙන, වැඩක් නොකොට සාගින්නෙන් මැරෙන්නේ මෝඩයෙකැ”යි මිනිස්සු කියති. එහෙත්, නිෂ්ඵල උත්සාහයෙන් දෑත පුරවා ගැනීමට වඩා, හිතේ කරදරයක් නැති ව එක මිටක් පුරවාගැනීම හොඳ ය.
ධර්මදේශකයා 4:4-6 New International Version (NIV)
And I saw that all toil and all achievement spring from one person’s envy of another. This too is meaningless, a chasing after the wind. Fools fold their hands and ruin themselves. Better one handful with tranquillity than two handfuls with toil and chasing after the wind.