ධර්මදේශකයා 3:11-13
ධර්මදේශකයා 3:11-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ හැම දෙයක් ම ඊට අදාළ කාලයට අලංකාර කර තිබේ. උන්වහන්සේ සදාතනය ද මිනිස් හදවත්හි තබා තිබේ; එහෙත් දෙවියන්වහන්සේ පටන් ගැන්මේ සිට අවසානය දක්වා කර ඇති දෑ සොයා දැනගන්නට ඔවුනට නුපුළුවන. ජීවත් ව සිටියදී ප්‍රීතිමත් වී, යහපත කිරීමට වඩා හොඳක් මිනිසුනට නැති වග මම දනිමි. හැම කෙනකු ම කා, බී තම කාර්යයන් ප්‍රීතියෙන් භුක්ති විඳීම දෙවියන්වහන්සේගෙන් ලැබෙන ත්‍යාගයකි.
ධර්මදේශකයා 3:11-13 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්ට බැරිය. ඔවුන් තමුන්ගේ ජීවිතයේදී ප්‍රීතිවී යහපත කරගැනීමට වඩා හොඳක් ඔවුන්ට නැති බව දනිමි. තවද කොයි මනුෂ්‍යයෙක් නුමුත් කා බී තමාගේ මුළු වෑයමේදී සැප භුක්තිවිඳින්නේ නම් එය දෙවියන්වහන්සේගේ දීමනාවක්ය.
ධර්මදේශකයා 3:11-13 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ සියලු දේ ම ඒ ඒ කාලයට සුදුසු ලෙස සකසා තිබේ. උන් වහන්සේ අතීතය හා අනාගතය පිළිබඳ හැඟීම් මිනිසුන්ගේ සිත්හි තබා ඇත. එසේ වුවත්, දෙවියන් වහන්සේ මුල සිට අග දක්වා කළ කාරණා දැනගන්නට මනුෂ්‍යයාට බැරි ය. එබැවින් සිය ජීවිත කාලයේ දී ප්‍රීති වී හරි දෙය කිරීමට වඩා හොඳ දෙයක් ඔවුන්ට නැති බව මම තේරුම්ගතිමි. අප කළ යුත්තේ, අප උපයාගත් දෙයින් කා බී ප්‍රීති වීම ය; එය දෙවියන් වහන්සේගේ දීමනාවකි.
ධර්මදේශකයා 3:11-13 Sinhala New Revised Version 2018 (SNRV)
උන් වහන්සේ සියලු දේ ම ඒ ඒ කාලයට සුදුසු ලෙස සකසා තිබේ. උන් වහන්සේ අතීතය හා අනාගතය පිළිබඳ හැඟීම් මිනිසුන්ගේ සිත්හි තබා ඇත. එසේ වුවත්, දෙවියන් වහන්සේ මුල සිට අග දක්වා කළ කාරණා දැනගන්නට මනුෂ්‍යයාට බැරි ය. එබැවින් සිය ජීවිත කාලයේ දී ප්‍රීති වී හරි දෙය කිරීමට වඩා හොඳ දෙයක් ඔවුන්ට නැති බව මම තේරුම්ගතිමි. අප කළ යුත්තේ, අප උපයාගත් දෙයින් කා බී ප්‍රීති වීම ය; එය දෙවියන් වහන්සේගේ දීමනාවකි.
ධර්මදේශකයා 3:11-13 New International Version (NIV)
He has made everything beautiful in its time. He has also set eternity in the human heart; yet no one can fathom what God has done from beginning to end. I know that there is nothing better for people than to be happy and to do good while they live. That each of them may eat and drink, and find satisfaction in all their toil—this is the gift of God.