ධර්මදේශකයා 3:1-5
ධර්මදේශකයා 3:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හැම දේකට ම සමයක් ද අහසින් යට හැම කටයුත්තකට ම කාලයක් ද ඇත: උපදින්නට කාලයක් සහ මියැදෙන්නට කාලයකි, සිටුවන්නට කාලයක් සහ සිට වූ දෑ උදුරා දමන්නට කාලයකි, මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයකි, කඩා දමන්නට කාලයක් සහ ගොඩ නගන්නට කාලයකි, හඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයකි, ශෝක වන්නට කාලයක් සහ නටන්නට කාලයකි, ගල් විසුරුවන්නට කාලයක් සහ ඒවා රැස් කරන්නට කාලයකි, වැලඳ ගන්නට කාලයක් සහ එයින් වළකින්නට කාලයකි
ධර්මදේශකයා 3:1-5 Sinhala Revised Old Version (SROV)
සෑම දේටම ප්රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද ඇත. උපදින්ට කාලයක් සහ නසින්ට කාලයක්ය; සිටුවන්ට කාලයක් සහ සිටෙවු ඒවා උදුරාදමන්ට කාලයක්ය; මරන්ට කාලයක් සහ සුවකරන්ට කාලයක්ය; කඩාදමන්ට කාලයක් සහ ගොඩනගන්ට කාලයක්ය; අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්ය; විලාපකියන්ට කාලයක් සහ නටන්ට කාලයක්ය; ගල් අහකදමන්ට කාලයක් සහ ගල් රැස්කරන්ට කාලයක්ය; වැලඳගන්ට කාලයක් සහ වැලඳගැනීමෙන් වලකින්ට කාලයක්ය
ධර්මදේශකයා 3:1-5 Sinhala New Revised Version (NRSV)
හැම දෙයට ම ප්රස්තාවක් ද මේ මහ පොළොවෙහි හැම කාරණයට ම නිසි කාලයක් ද ඇත. උපදින්නට කාලයක් සහ නසින්නට කාලයක් ඇත; සිටුවන්නට කාලයක් සහ උදුරා දමන්නට කාලයක් ඇත; මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයක් ඇත; කඩා දමන්නට කාලයක් සහ ගොඩනඟන්නට කාලයක් ඇත; අඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක් ඇත; වැලපෙන්නට කාලයක් සහ නටන්නට කාලයක් ඇත; පෙම්වතුන්ට එක් වීමට කාලයක් සහ එයින් වැළකීමට කාලයක් ඇත. වැළඳගන්නට කාලයක් සහ වැළඳගැනීමෙන් වළකින්නට කාලයක් ඇත
ධර්මදේශකයා 3:1-5 Sinhala New Revised Version 2018 (SNRV)
හැම දෙයට ම ප්රස්තාවක් ද මේ මහ පොළොවෙහි හැම කාරණයට ම නිසි කාලයක් ද ඇත. උපදින්නට කාලයක් සහ නසින්නට කාලයක් ඇත; සිටුවන්නට කාලයක් සහ උදුරා දමන්නට කාලයක් ඇත; මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයක් ඇත; කඩා දමන්නට කාලයක් සහ ගොඩනඟන්නට කාලයක් ඇත; අඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක් ඇත; වැලපෙන්නට කාලයක් සහ නටන්නට කාලයක් ඇත; පෙම්වතුන්ට එක් වීමට කාලයක් සහ එයින් වැළකීමට කාලයක් ඇත. වැළඳගන්නට කාලයක් සහ වැළඳගැනීමෙන් වළකින්නට කාලයක් ඇත
ධර්මදේශකයා 3:1-5 New International Version (NIV)
There is a time for everything, and a season for every activity under the heavens: a time to be born and a time to die, a time to plant and a time to uproot, a time to kill and a time to heal, a time to tear down and a time to build, a time to weep and a time to laugh, a time to mourn and a time to dance, a time to scatter stones and a time to gather them, a time to embrace and a time to refrain from embracing