ධර්මදේශකයා 2:24-25
ධර්මදේශකයා 2:24-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කා බී සෑහී, තම වැඩ ගැන සෑහීමට පත් වීමට වඩා හොඳක් මනුෂ්‍යයකුට නැත; එය ද දෙවියන්වහන්සේ අතින් ලැබෙන්නක් වග මම දකිමි. මන්ද උන්වහන්සේගෙන් තොර ව ආහාර පාන හා ප්‍රීතිය භුක්ති විඳිය හැක්කේ කවරකුට ද?
ධර්මදේශකයා 2:24-25 Sinhala Revised Old Version (SROV)
කා බී තමාගේ වැඩෙන් සැපය භුක්තිවිඳින්ට තමාගේ ප්‍රාණයට ඉඩදෙනවාට වඩා හොඳ යසසක් මනුෂ්‍යයෙකුට නැත. මේකත් දෙවියන්වහන්සේගේ අතින් පැමිණෙන බව මම දුටිමි. මක්නිසාද උන්වහන්සේගෙන් වෙන්ව අනුභවකරන්ටත් සැප භුක්තිවිඳින්ටත් කාට පුළුවන්ද?
ධර්මදේශකයා 2:24-25 Sinhala New Revised Version (NRSV)
මිනිසෙකුට ඇති හොඳ ම දෙය නම්, තමා උපයාගත් දෙයින් සෑහීමට පත් ව, කා බී සැප සෙල්ලම් කිරීම ය. එහෙත්, එය ද දෙවියන් වහන්සේගෙන් එන වරමක් බව දිටිමි. මන්ද, උන් වහන්සේගෙන් වෙන් ව කෑම අනුභව කරන්නටත්, සැප භුක්ති විඳින්නටත් පුළුවන් කෙනෙක් සිටිත් ද?
ධර්මදේශකයා 2:24-25 Sinhala New Revised Version 2018 (SNRV)