ධර්මදේශකයා 2:10-11
ධර්මදේශකයා 2:10-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ ඇස ආශා කළ කිසිවක් මවෙතින් මා වළකා ගත්තේ නැත; මා හදේ කිසි සතුටක් මා වැළැක් වූයේ නැත. මගේ හැම පරිශ්රමයකින් ම, මගේ හද ප්රමෝදවත් විය; මගේ මුළු පරිශ්රමයේ ශුභ පලය එයයි. එහෙත් මා දෑතින් කර ඇති දෑ හැම ද ඒ දෑ අත්කර ගන්නට මා දැරූ වෙහෙස ද කල්පනාවට ගත් කල, සැබවින් ම, ඒ හැම දේ නිරර්ථක ය; සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය; හිරුට යට ප්රයෝජනයක් ඇත්තේ නැත.
ධර්මදේශකයා 2:10-11 Sinhala Revised Old Version (SROV)
මාගේ ඇස් ආශාකළ කොයි දෙයක්වත් මම ඒවායින් නොවැලැක්වීමි. කිසි ප්රීතියකින්ද මාගේ සිත නොවැලැක්වීමි, මක්නිසාද මාගේ සිත මාගේ මුළු වැඩෙන් ප්රීතිවුණේය; මාගේ මුළු වැඩෙන් මට ලැබුණු කොටස මේය. නුමුත් මාගේ අත්වලින් කළාවූ සියලුම කර්මාන්තද කරන්ට මා වෙහෙස ගත්තාවූ වැඩද දෙස බැලූ විට ඒ සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබෙන බවත් ඉර යට ප්රයෝජනයක් නැති බවත් දුටිමි.
ධර්මදේශකයා 2:10-11 Sinhala New Revised Version (NRSV)
මා සිතූපැතූ කවර දෙයක් වුව ද මම ලබාගතිමි. මට රිසි වූ කිසි දෙයකින් මට අඩුවක් නො වී ය. ම සිත යොදා මා සාදාගත් හැම දෙය ගැන ම මම ආඩම්බර වීමි. ඒ හැම දෙය මාගේ සැපත විය. එහෙත්, මා කළ හැම කාර්යයක් ම, වෙහෙස දරා කළ මාගේ හැම කටයුත්තක් ම දෙස මා බැලූ විට, ඒ සියල්ල නිස්සාර, හිස් ප්රයත්න බව ද සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් බව ද දුටුවෙමි.
ධර්මදේශකයා 2:10-11 Sinhala New Revised Version 2018 (SNRV)
මා සිතූපැතූ කවර දෙයක් වුව ද මම ලබාගතිමි. මට රිසි වූ කිසි දෙයකින් මට අඩුවක් නො වී ය. ම සිත යොදා මා සාදාගත් හැම දෙය ගැන ම මම ආඩම්බර වීමි. ඒ හැම දෙය මාගේ සැපත විය. එහෙත්, මා කළ හැම කාර්යයක් ම, වෙහෙස දරා කළ මාගේ හැම කටයුත්තක් ම දෙස මා බැලූ විට, ඒ සියල්ල නිස්සාර, හිස් ප්රයත්න බව ද සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් බව ද දුටුවෙමි.
ධර්මදේශකයා 2:10-11 New International Version (NIV)
I denied myself nothing my eyes desired; I refused my heart no pleasure. My heart took delight in all my labor, and this was the reward for all my toil. Yet when I surveyed all that my hands had done and what I had toiled to achieve, everything was meaningless, a chasing after the wind; nothing was gained under the sun.